රෝහලක්..
ජීවිතේ යථාර්තය කියන්නේ මොකක්ද කියලා අපිට වටහල දෙන තැනක්..එහෙම කිව්වට ඒක ඇත්තටම එහෙමමත් නෙවේ..ඉස්පිරිතාලයක් ඇතුලට ගියාම නිකන්ම ඉතිරි හැම දවසකම කරපු කුපාඩි,අලුගුත්තේරු කමකට නැති වැඩ ගැන මහ මුස්පේන්තු හැඟීමක් ඉබේම ඇති වෙනවා..හැබැයි ඉතින් ඒක ඒ වෙලාවට විතරයි..ඊට පස්සේ සුපුරුදු ජීවන චක්‍රයට අනුගත වෙන්න යන්නේ විනාඩි කිහිපයයි..යන එන නියම පෙනුමක් තියෙන දොස්තර නෝනලා,නර්ස්ලා,බෙහෙත් ගන්න ඇවිල්ලා ඉන්න අය,ඒ ගොල්ලන්ගේ දුවලා දිහා උඩ ඉඳන් යටට ආයේ යට ඉඳලා උඩට බැලෙන එක වලක්ව ගන්න එක ගැන මගේ හිතට ලොකු දේශනයක් හැම සතියෙම දවසක් මගේ මොලයෙන් පඩි රහිතව ලබලා දෙනවා..නිකන් දෙන හින්දද මන්දා කිසි අගයක් නෑනේ හිතට..
ඉතින් ආයෙත්
මුවා දුවනවා..
තිස්ස පන්නනවා..
මුවා දුවනවා..
තිස්ස පන්නවා..
එදත් ඒ වගේ දවසක්..සුපුරුදු විදියට අපේ පුංචාවත් එක්කගෙන සතියේ බදාදා දවසේ ප්‍රසිද්ධ ශික්ශණ රෝහලක කීමෝතෙරපි ක්ලිනික් එකට පුංචව එක්කගෙන ගිය දවස..
පුංචා ඒ කියන්නේ අපේ අම්මගේ බාලම නංගි නෝට් එකට ගාපු ඔලුව වැහෙන්න කණ ගාවින් පල්ලෙහාට එල්ලෙන රෝස පාට අයිස් කැප් එකක් දාගෙන මටත් බැන බැන පඩිපෙලේ ඉස්සරහින් නගින්නේ මුලු පඩිපෙලේම ඉඳපු අයගේ සදාදර අවදානය මට ලබල දෙන ගමන්..
ඊට පඩි ගාණකට පිටිපස්සෙන් පුංචව අල්ලන්න පඩි දෙක දෙක නැගපු මට නවතින්න වුණේ ගැහැනු කෙනෙක් අතේ හොවාගෙන ඉඳපු පොඩි කොලුවෙක් මම දාගෙන හිටපු නිල් පාට අයිස් කැප් එක ගලවලා අතට ගත්ත නිසා..ඒ පොඩි වසවර්තියා ඒක පුලුවන් තරම් වේගෙන් කරකවලා වීසි කලේ නැතැයි අපේ පුංචාගේ දිහාට...අනේ සොරි කියලා කිව්ව වසවර්තියගේ අම්මට චූටි හිනාවකින් සංග්‍රහ කරපු මන් ඒ ක්ශනයෙන් නැවතුනේ පුංචා ගාව..මනු පරක්කු වෙලා..දැනටමත් පෝලිම..මෙයා මෙතන කෝලම් කර කර ඉන්නවා..
හරි හරි පුංචෝ..තව වෙලාව තියෙනවා..
මම කිව්වේ නිල් පාට අයිස් කැප් එක ආයේ මගේ ඔලුවේ ගාණට අද්දලා හදා ගන්න ගමන්..
මම තට්ටේ ගාගෙනත් මේක දාගෙන ඉන්නේ හරි අමාරුවෙන්..දාඩිය වැක්කෙරෙනවා..ඔයා මොකටද කොණ්ඩේ හොඳට තීද්දි ඕක ඔලුවේ දාගෙන එන්නේ..ආහ්??
YOU ARE READING
සුදු පිටුවක-කළු අකුරෙන්
Truyện Ngắnඒ තමයි මම උවමනාවෙන් ඇස් වහගත්ත අන්තිම පාර. මොකද එදායින් පස්සේ ඇස් පියා ගන්න හැම වෙලාවකම පෙණුනේ එකම එකදෙයයි.. සුදු පිටුවක කලු අකුරෙන්..