සන්ධ්යා යාමයේ නත්තලේ අසිරිය විදහා පාමින් දිදුලන හිම කැටවල පහස ගත සිසිල් කරද්දි මට ඕන වුනේ ඒ උණුහුමට ගුලි වෙන්න..... දැන් විතරක් නෙවෙයි ඒ උණුහුම හැමදාම විදින්න මම මග බලාගෙන ඉදියේ අපි අපි අදුරගත්ත දවසේ ඉදන්මයි......දැන් එයා මගේ ඉස්සරහ ඉන්නේ......ඒත් මගේ හදවත වේගයෙන් ගැහෙනවා...."ඕයි කුක්කා......පැණි හල හල ඉන්නෙ නැතුව ඔන්න ඕක දැන්වත් කියලා දාපන්......"
ජන්කුක්ගේ යාලුවා හොබී ජන්කුක්ව මං ළගට තල්ලු කරලා එහෙම කියද්දි මගේ කම්මුල් රතු වෙලා ජම්බු ගෙඩියක් වගේ වුනා කියලා මට හොදටම තේරුනා..... එයා මන් දිහා කට කොනින් හිනාවක් දාලා බලන් හිටියේ...... ඔව්.......ලොකුකම නම් එයාට කොහොමත් තියෙන දෙයක්...... හැමෝම මමයි ජන්කුක් දිහායි මැජික් වගේ බලන් ඉදියේ ජන්කුක් කියන්නේ වැඩි දෙයක් කෙයා කරන්නේ නැති කෙනෙක් කියලා කොලේජ් එකේ හැමෝම දන්න නිසා......ඒත් ජන්කුක් නම් හිටියේ කිසි ගානක් නැතුව.....මම තව මෙහෙම හිටියොත් රතු වෙලා පුපුරනවා කියලා දන්න නිසා ජිමින්වත් ඇදගෙන එතනින් යන්න හදනකොටම........
"ඒයි තාර පැටියා......වටයක් කැරකිලා ඩාන්ස් එකක් දානෝ බලන්න......."
කොහෙදෝ මන්දා ඉදලා එතනට කඩන් පාත් වුණු යුන්ගි අතට ගත්තු හිම බෝලයකින් ගහලා එහෙම කියද්දි එකපාරටම ගමන නැවැත්තුව ජිමින් අල්ලන් හිටිය මගේ අත තවත් තදින් අල්ලගෙන මිරිකුවේ මම යුන්ගි කියලා හිතාගෙන වෙන්නැති.......
"ආයිෂ්...... ජිමින්......ආව්......."
ජිමින්ගේ තියුණු නියපොතු පාරවල්වලට මගේ අතේ ඇගිල්ලක් හොදටම අහුවෙද්දි වේදනාව ඉවස ගන්න බැරිම තැන ජිමින්ගේ අතෙන් මගේ අත අහකට ගත්තේ ඒ සැනින් ජන්කුක් මගෙ ඉස්සරහට ආවා කියලා මට පෙනෙද්දි.........
එකපාරටම මගේ අත අල්ලගෙන ඒ වේදනා දෙන ඇගිල්ල එයාගේ තොල් අතරට අරන් උරන්න ගත්තේ මගේ ඇස් නිකන්ම ජිල් බෝල වගේ ලොකු වෙද්දි.......
"ඔ.....ඔයා මොකක්ද මේ කරන්නේ....."
ලැජ්ජාව ඉවසගන්න බැරිම තැන මම එහෙම ඇහුවේ ජන්කුක් මගෙ ඇගිල්ල උරන ගමන්ම ආපහු කින්ඩියට වගේ හිනාවෙද්දි.....ඔය හිනාවමයි මට පේන්න බැරි.....ඒත් ගතියක් නැත්තෙමත් නෑ......
YOU ARE READING
𝗛𝗜𝗦 𝗪𝗔𝗥𝗠𝗧𝗛ᵗᵃᵉᵏᵒᵒᵏ✓
FanfictionI don't feel the cold ... Because His warmth beats the cold ... Short ff💚💜 ❄︎Only a fanfiction