ඇදේ කොනක ගුලි උන මම ෆෝන් එක පුරාම ඇගිලි තුඩු යැව්වා. හියෝන්ලා දෙන්නම මම නිසා බැනුම් අහනවා.
ආමිලා මගේ හියෝන්ලට ගොඩාක් නරක විදියට බැන්නා. එයාලා මගේම හියෝන්ලා අපහසුතාවට පත් වෙන විදියේ ෆොටෝස් හේටර්ස්ලා අතර යවලා තිබ්බා.
ඇය් මමම!???
ඇය් මාවම මේවට ගාව ගත්තේ? ඔව්. මම ආදරෙය්. මගේ හියෝන්ලා දෙන්නටම ගොඩාක් ගොඩාක් ආදරෙය්. නෑ හය දෙනාටම.
මගෙ හැසිරීම, හැමවෙලාවකම ආමිලාට වෙනස්ම ආදර්ශයක් දීලා.
ඊටත් වඩා මම වතුර ගහන්න නොගියානම්, ටේටේ හියොන්ගිට තුවාල වෙන්නෙත් නෑ. අපි තුන්දෙනා තුන්පැත්තකට වෙන්නෙත් නෑ.
මට දුකය්. ආයෙමත් මගේ හියෝන්ලා එක්ක එකට ඉන්න ඕනි මට.
ආමිලා ගොඩාක් නරකය්. එයාලා අපිට ආදරෙය් නම් එක සමාජිකයෙක්ව අසරණ කරන්න පුලුවන්ද? අපි හත්දෙනාම දුක් විදලය් අද මේ තත්වෙට ආවේ. ඉතින් ඇය් එයාලා එහෙම කරන්නේ...??
මම ආදරෙය්. ආමිලා කියන විදියේ ආදරවන්තයෙක්ම නොවුනත් මම ටේටේ හියොන්ට වගේම මගේ ජිමිනි හියෝන්ටත් ගොඩාක් ආදරෙයි. මම දන්නෑ ඒක මොනවගේ ආදරයක්ද කියන්න...
සහෝදර බැදීමක්..???
එහෙමත් නැත්තම් ආදරවන්තයෙක්..??
ඒත් කා වෙනුවෙන්ද?
ඒක මොකක් උනත් මට ඒ දෙන්නා එක්කම රණ්ඩු කරන්න ඕනී... සෙල්ලම් කරන්න ඕනි. පරණ විදියටම සතුටින් ඉන්න ඕනි.
අද නැතත්, කවදමහරි දවසක අපි හැමෝම ආදරය කරන්න කෙනෙක් හොයාගන්නවා. පිරිමි කෙනෙක් උනත්, ගෑනු කෙනෙක් උනත්, අපි හත්දෙනාගෙම කෙනෙක් උනත්...
එදාට අපි ආමිලාට ඒක හංගන්නෑ. ආමිලා තමය් අපේ දෙවෙනි පවුල. අපි හැමදේම බෙදාගන්න ඒක බෙදා නොගනීවි කියලා හිතනවද?
එතකම් ඔයාලට බැරිද අපි හැමෝටම ආදරේ කරන්න. එදාට උනත්, අපේ තීරණේට ගරු කරන්න.?
එදාට අපි ගන්න තීරණේ මොකක් උනත් අපි එක්කම ඉන්න.....?
ඒ හැමදේටමත් වඩා...
ඔයාලට පුලුවන්ද එකිනෙකාගෙ අදහස් වලට ගරු කරන්න?... ටේකුක් උනත් ජීකුක් උනත් නම්ජින්, මින්සොක්... ඔය මොකක් උනත්, ඒක ඔයාලගෙ කැමැත්ත. ඉතින් ආමිලාට බැරි ඇය් තවත් ආමි කෙනෙක්ගෙම අදහසකට ගරු කරන්න.
අපි වෙනුවෙන් ඔයාලා ඔයාලම රණ්ඩු නොකර ඉන්න....එතකොට අපිටත් පුලුවන් වේවි අපි ඔයාලත් එක්ක හත් දෙනෙක් නෙවෙයි කියලා ලෝකෙටම කියන්න. අපි හැමෝම ලොකුම ලොකු පවුලක් කියලා කෑගහලා කියන්න. ඔයාලම අපිව බෙදලා දාද්දි අඩුම තරමේ අපි කොහොමද හතම එක පවුලක් කියලාවත් ලෝකෙට කියන්නේ...
YOU ARE READING
VMINKOOK || Short Story [COMPLETED]
FanfictionGuess the bond between us... Not a ship story & fictional only! Published date - 26/12/2021