මට තවත් කාත් එක්කවත් පැටලෙන්න උවමනාවක් නෑ.මට බෝගම්ව මගෑරලා යන්න ඕන.ඒත් නිකරුනේ මේ විදිහට හැමදාම මිනිස්සුන්ගෙ අපහස විදගෙන අනිත් අයට ඔලුව නමන් ජීවත් වෙන්න තරම් මං කරපු වරද මොකක්ද?ඒ මං ඉපදුන විදිහද?මගේ අම්මා කොහොම කෙනෙක් වුනත් මට එයා තමයි මේ ලෝකේ ඉන්න හොදම අම්මා.මගෙ රත්තරන් අම්මා මාව නොමරා මෙච්චර මිනිස්සුන්ගෙ ගැරහීම් මැද්දෙ මාව මේ ලෝකේට බිහි කරපු එකම මොන තරම් දෙයක්ද?අනිත් අය මොනවා කිව්වත් මං එයා වෙනුවෙන් ඉවසනවා.
මට බෝගම්ට ඕන්නම් ගහන්න තිබ්බා.ඒත් මං ආයේ ඒ ක්ෂණික සිතුවිල්ලෙන් අයින් වෙලා ඌට යටත් නැති බව අගවන්න ඌ දිහා කෙළින් බලලා නෝන්ඩියට වගේ හිනා වෙද්දි නම් බෝගම්ගෙ වගේම එයාගෙ පිරිවරෙත් මුහුණු වෙනස් වුනේ පුදුමයෙන් වගේ.හැමදාම උන්ට ඔලුව නමපු මං ඒ විදිහට කරද්දි එයාලා පුදුම නොවී ඉදියිද?ඒත් බෝගම්ට ඒකට හුගක් කේන්ති ගිහින් වගේ.එයා මගේ කමිසෙන් අල්ලා කේන්තියෙන් මං දිහා බලලා මොනවා හරි කියන්න හැදුවත් මොකක් හරි හේතුවක් නිසා ආයේ බෝගම් මාව අතෑරියා.
"මේ ළමයි මොනවද මෙතන කරන්නෙ?කරුණාකරලා යනවා තම තමන්ගෙ පන්ති වලට."
ගුරුවරයෙක් ආපු නිසා ඒ වෙලාවේ බෝගම් මාව අතෑරලා ගියත් එයා ගියේ නිකන්ම නෙමෙයි"මං පස්සෙ තමුසෙව අල්ලගන්නම්"වගේ බැල්මක් දාගෙනයි.මට එදා දවසෙ සිදු වුන දේවල් එක්ක තවත් කාටවත් මුහුණ දෙන්න හිත දුන්නෑ.මට කවදාවත් ගැහැනු ළමයෙක්ට අතක් උස්සන්න උවමනාවක් නෑ.ඒත් සේරා ඒ කියපු දේවල් හරිද?ඕන දෙයක් ඉවසන්න පුලුවන් ඒත් තමන්ගෙ අම්මා ගැන එහෙම කියනකොට තවත් ඉවසන්න පුලුවන්ද?මේ සමාජය මිනිසුන්ගෙ තත්වෙ දිහා බලන්නෙ හරිම පටු බැල්මකින්.එයාලගෙ මතය අපි පහත් කියන එක.එතකොට ඒ කියන ලොකු ලොකු උදවිය නිසාම නෙමෙයිද එහෙම පහත් කියන පිරිසක් බිහි වෙන්නෙ?
වෙනදා වගේම ගිටාරයත් ගෙන ඉස්කෝලෙන් එළියට ආපු මං අදත් සුපුරුදු විදිහටම නගරෙ ප්‍රධාන පාලම දිගේ කට්ට අවුවෙම ඇවිදන් ඇවිත් නැවතුනෙ හැමදාම වගේ අදත් ඒ දේටමයි.
සාකුවෙන් ගත්ත ලේන්සුව පදික වේදිකාවේ බැම්ම මතින් එලලා මගේ හිසේ තිබුන තොප්පියත් ගෙන ඉදිරියෙන් තියාගෙන එතනින් වාඩි වුන මං ගිටාරය අතට ගෙන වෙනදා වගේ දහසක් දෙනා ඇවිද යන මගට වෙලා මොහොතකට මේ මිනිසුන්ගෙ බැල්මවල්,තද අව්ව,උදේ ඉදන් අහරක් නැතිව දැනෙන කුසගින්න වගේම මේ අවට සෝල් නගරයේ ඝෝෂාව මොහොතකට අමතක කර මං මගේ කැමතිම වදන් පෙළ හැමදාම වගේ මං ගීයකට හැරෙව්වෙ මගේ අම්මව ජීවත් කරවන්න වෙන මගක් හොයා ගන්න නැති නිසයි.
ŞİMDİ OKUDUĞUN
TEACHER | (On Going)
Hayran Kurguපමා වී හෝ ලස්සන මල් පූදිනු ඇත...☘︎ "I'll Meet you, but in a world without rights, Among people who claim ownership without love. I love you without rights ..." Story By @Bucket_Cat Written By @Kimvero01 Copying without the author's permi...