මන් මුහුදු රැලි අතරේ පීනනවා. මාව වතුරේ පාවෙනවා.
සතුටින් හිත පිරිලා ගිහින් වගේ.. පුලුවන් තරම් වේගෙන් මන් වෙරලෙන් ඈතට පීනනවා.
නගරේ තියෙන ගොඩනැගිලි මට පේන්නේ සෙල්ලම් බඩු තරම් පුංචියට.
වෙරලේ ඇවිදින මිනිස්සු එහෙ මෙහෙ ඇවිදින කුබි වගේ..
ආහ් නෑ එච්චර පොඩි නෑ. අර ටිකක් ලොකු කූබි ඉන්නේ අර ඇඹලයෝ වගේ අන්න ඒ සයිස්.උඩුමැලි අතට පාවෙන මන් අත් දෙකත් දිග ඇරලා වලාකුලකට වැහුනු ඉර දිහා බලන් හිටියා. මිනිස්සු කෑකෝගහන සද්දේ , වාහන වල කරච්චලේ නැතුව මන් තත්පරේකට ඇස් දෙක වහගත්තා.
මේක තමයි හැමදාම මාව නතර කරවන තැන..ඒත් එක්කම වෙනදා වගේම මාව ගැස්සිලා ඇහැරුනා.
අහසේ තිබ්බ වලාකුලකට වැහුනු ඉරක් වෙනුවට මන් මුලින්ම දැක්කේ වහලේ සිවිලිමේ මන් පාට කරලා තියෙන වලාකුලට වැහුනු ඉර..
ඒ එක්කම මගේ කට ඇරුනේ බිත්ති ඔරලෝසුවේ වෙලාව දැක්ක නිසයි." 10 යි . විනාසයි. "
ඊයේ රෑ නින්ද ගිය ගමන් ඔඩොක්කුවෙම වැටිලා තිබ්බ නවල් එකත් අතට ගත්තු මන් සෝෆා එකෙන් බිමට පැන්නේ wash එකක් දාගන්න ඕනේ නිසයි.
පඩිපෙල දිගේ පුලුවන් තරම් ඉක්මනට මගේ රූම් එකට රිංගපු මම ටවල් එක හොයන්න පටන් ගත්තා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ගත්තු දේ ගත්තු තැනින් තියෙන මනුස්සයෙක් නෙවේ නිසා මේ වැඩේට මට තව විනාඩි විස්සක් වත් යනවා කියලා මට ඉවෙන්ම තේරුනා.
ආහ්... එතකන් මන් ඔයාලට මාව හදුන්වලා දෙන්නම්
කියන්න බැරි උනානේ. මගේ නම ජිමින්.
ඉන්නේ Seoul වල. වැඩිය තදබදයක් නැති පාර අයිනෙම තියෙන Apartment එකක තමයි මන් ජීවත් වෙන්නේ.ඉතින් ...
මන් දැන් මේ දඩිබිඩි ගාලා ලෑස්ති වෙන්නේ එයා එන්න කලින් මන් පිලිවෙලකට ඉන්න ඕනේ නිසයි. මේ විදියට එයා මාව දැක්කොත් ඔක්කොම ඉවරයි.වෙන කවුරුත් නෙවේ අනේ මගේ Hyung.
(A/N : කැත හිත් සදහා විනාඩියක නිශ්ශබ්දතාවයක් 😌)
එයා නම් මට කතා කරන්නේ චිම් කියලා. එයා හිතන් ඉන්නේ මන් තාමත් පොඩි බබෙක් කියලා. ඒත් මන් එහෙම්මමත් නෑ. නෑ කියන්නත් බෑ හැබැයි. ඒක ගොඩක් සංකීර්ණ මාතෘකාවක් නිසා අපි පස්සේ ඒ ගැන කතා කරමු. 🙂
YOU ARE READING
🌊. RISK EVERYTHING .🌊
FanfictionRisk.... Everything , Everything.... Started on - 15 | 02 | 2023