🌊 Welcome to the neighbourhood 🌊

114 26 79
                                    

ඒ ඇස් මාත් එක්ක හිනා උනා.
කිරිපාට සුදු වළාකුලු දෙකකට එකතු කරපු තද දුඹුරු කොෆී බිංදු දෙකක් වගේ ඇස් දෙකක් එයාට තියෙන්නේ.
හිනා වෙද්දි එවා තද කලු පාටින් දිලිසෙනවා.

Skate board එක උඩ හිටගෙන ඉන්න එයා ඇදන් ඉන්නේ තනි කලු T shirt එකකුයි , කලු ජීන්ස් , කලු Shoes වගේම කලු ජැකට් එකක්. කොටින්ම කිව්වොත් එයාගේ අතේ කලු පාට බෑන්ඩ් එකකුත් තිබ්බා.

මොකක්ද එයා ඒ කරන්නේ ? මේක වෙන්න බෑ.....
එයා මටද ඒ අත වනන්නේ ?
මගේ පිටිපස්සේ කවුරුත් නෑ කියලා සැක නැතුව ස්ථිර කරගන්න මන් ආයෙත් වතාවක් හැරිලා බලන්න ඇති.

මොකද මට ඕනේ උනා එයා මාත් එක්කයි හිනා වෙන්නේ කියලා දැනගන්න.

ඔව් ඒක වැරදීමක් නෙවේ. එයා අත වනන්නේ මට.

පලවෙනි වතාවට මන් පිට කෙනෙක් එක්ක හිනා උනා.
අවුරුදු දහ අටකින් මන් පිටස්තරයෙක් එක්ක හිනා වෙලා නෑ.

ඒ එක්කම එයා මට කතා කරා.

" Hi "

වීදුරුවෙන් මෙහාට ඇහුනේ නැති උනත් එයාගේ රෝස පාට තොල් හෙලවෙන විදියෙන් මන් තේරුම් ගත්තා එයා කිව්වේ ඒක තමයි කියලා.

ක්ෂණිකව මන් අනිත් පැත්ත හැරුණා. මගේ හදවත වේගෙන් ගැහෙනවා.
මොකක්දෝ වෙනසක් ඇග පුරාම දගලනවා වගේ. විදුලියක් වගේ.
මන් තාමත් හිනා වෙනවා හැබැයි මේ වතාවේ බිම බලාගෙන.
ආයිශ් ජිමින් , He is just a stranger.

මට ආයෙත් හැරෙන්න ඕනේ ඒත්... එහෙම කරාට කමක් නැද්ද ?

"Oh come on Jimin , ඔයා ඔලුව හැරෙව්වා කියලා කවුරුත් ඔයාට දඩයක් ගහන්නේ නෑ."

මගේ හිත අනිත් පැත්ත හැරෙන එක ගැන සාධාරණ හේතු කියන්නත් පටන් අරන්.

"ඒත් මට හුස්ම හිර වෙලා මෙතන මැරිලා වැටුනොත් එහෙම ? "

හිතට එරෙහිව මොළයත් එයාගේ කරුණු ඉදිරිපත් කරනවා.

" එහෙම මැරිලා වැටෙන්නේ මොකද ? ඒ මනුස්සයා වීදුරුව කඩාගෙන ඇතුලට එනවයැ ? "

" ඒයි මේ එයාට මනුස්සයා කියන්න එපා. "
ඒ අස්සේ මොලේ අනිත් පැත්තට කතා කරන්න පටන් අරන්.

🌊. RISK EVERYTHING .🌊Where stories live. Discover now