මට දැනුනා..
මම වැරැද්දක් කළේ කියලා.. ඇහැරෙනකොට හියුන්ලා හතරදෙනාම මගේ වටේ වැටිලා ඉන්නවා..
මම වෙනුවෙන් නේද මේ හැමදෙයක්ම!
මම පුළුවන් ඉක්මනට ඇදුමක් දාගෙන ජින් හියුන්ගේ සෙමට්රි එකට ආවා..
හියුන් කෝ?
එයා නිදි ද?
මට සිහිය එන ටිකට එයා මාව දාලා යන්න ගිහින්ද?
නෑ.. මම හියුන්ට රෝස මල් ගෙනාවේ..
ඒත් හියුන්ගේ සොහොන වටේට අරලිය මල් තනි රකිනවා..
ඇත්ත!
_රෝස මල් අතින් අත ගියාට අරලිය මල් හැමදාමත් තනි රැක්කා..එක හිතක් ගාව!
මම හියුන්ගේ සොහොන මුදුනේ ඔළුව තියාගත්තේ හියුන් වෙනදා වගේ මගේ ඔළුව අතගායි කියන බලාපොරොත්තුවෙන්. ඒත් මට සීතලයි...
ටිකෙන් ටික
මට නින්ද ගියා...
මට
නොපෙනුන
ඇත්ත කතාව...
මට පෙනුනා..
_________________
එදා මම ටේටේයි , ජින් හියුනුයි එක්ක කොෆී ෂොප් එකකට යන ගමන් හිටියේ
කාර් එකේ බ්රේක් එක හදන්න කියලා කියද්දී මම ඒක මගහැරියේ හිතාමතාමයි.
වාහනේ පාරට දැම්මාට මට යන තැනක් ගැන සිහියක් තිබ්බේ නෑ
එදා ඩ්රයිව් කළේ මම..
හියුන් හිටියේ පිටිපස්සෙ සීට් එකේ. ටේටේ සීට් බෙල්ට් දාගෙන හිටියේ නෑ
ඉතින්..
බ්රේක් නැති වාහනේ මහ පාරේ ගහකට හැප්පිලා ගියේ මම අතින්.
සීට් බෙල්ට් දාපු නැති නිසා ටේටේ හියුන් අපිව දාලා යනකොට මම දිගු කෝමා එකකට වැටුණා...
එදා වැරැද්ද කළේ මම! ඩ්රයිව් කළේ හියුන් නෙවෙයි මම!
ඉතින්...
හැමෝම මිනීමරුවා කියලා ඇගිල්ල දික් කරන්න ඕන මට!
ඒත් ඇයි..
ජින් හියුන් ඒ හැමදෙයක්ම පිළිගත්තේ??
මට ඕන උනා අඩන්න. කෑ ගහලා අඩන්න.
මාව බදාගන්න කියන්න. වැරැද්ද කළේ මම ! මට දෙන දඩුවමක් දෙන්න කියන්න. ඒත් හියුන්...
මං වෙනුවෙන් හැමදෙයක්ම
කැපකළා..
එතකොට එදා.. හියුන් මගෙන් ගත්ත පොරොන්දුව..
ඇත්ත දැනගත්ත දවසට ඔයා මටවත් ඔයාටවත් වෛර කරගන්න එපා කිව්වෙ මේ නිසාද?
එතකොට මේ හැම කැපකිරීමක්ම...
මම වෙනුවෙන් ද?
ජින් හියුන්ගේ යාළුවා ජැක්සන් හියුන් ඩයරිය අපිට බාර දෙනකොට අපි හැමෝම පරක්කු වැඩියි. අන්තිමට හියුන්..
හියුන්ගේ එයා වෙනුවෙන් හැමදෙයක්ම කැප කළා..
මට මොනාද කරන්න පුළුවන්..
හියුන් ප්රාර්ථනා කළ විදිහට ම ස්ටේජ් එකක සිංදු කිව්වා. හොද කෙනෙක්ව මැරි කළා.
ඒත් මට තවමත් ඔයාගේ අඩුව පුරවගන්න බෑ හියුන්...
හියුන්...
ඇත්තක් නොවන ඇත්ත කතාවක් දන්නවාද?
අදත් ලීලී පොකුරක් අරන් මම ඒ සොහොන ළගින් වාඩි උනා..
හියුන්....
_සමුගැනීමක් නැතුව අත්හැරිය තැන්වල එක හිතක් මැරි මැරි ජීවත් උනා!
___ THE END ___
Done! නිදා ගන්න තියෙන පැය 19න් පැය 15ක් මේ වෙනුවෙන්.. වැය කළා.
මට සතුටුයි... උත්සාහයෙන් ලියපු කතාවක් මට ඕන විදිහේ අවසානයක් දෙද්දී කතාව ගැන සතුටක් දැනුනා. මම දන්නේ නෑ කොච්චර දුරට මේක සාර්ථකයි ද කියලා..
මගේ සිංහල තවමත් දුර්වලයි.මම අවුරුදු තුනක් තිස්සේ ඉගෙන ගෙනත් මට සිංහල වචන හසුරුවන්න අමාරුයි.ඉතින් වැරදි තිබුණොත් මට පෙන්නලා දෙන්න. මම ආසයි ඒවා හදාගෙන ඉස්සරහට යන්න..
Thank you so much for reading!
🌙❤️
#Shanon~
![](https://img.wattpad.com/cover/296333510-288-k714966.jpg)
YOU ARE READING
FOR HIM___ 🌙 ( Jin × Kook ) | Completed |
Fanfiction_සමුගැනීමක් නැතුව අත්හැරිය තැන්වල එක හිතක් මැරි මැරි ජීවත් උනා! ?!?