කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක්ද
එයා කොහොම කෙනෙක් වෙන්න ඕනද..ලෙක්චරර් කෙනෙක් කිව්වම ඕනම කෙනෙක්ට වයස පනහක හැටක ෆුල් සූට් ඇදපු .....
............අන්න ඒ වගේ කෙනෙක් මතක් වේවිඒත් ඊටවඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් ලෙක්චරර් කෙනෙක් උනොත්..
මතකයි මට මං යුනිවසිටි එකට ආපු පලවෙනි දවස.
පලවෙනි දැක්මෙන් ආදරයක් ඇතිවෙන්නෙ නෑ කියලා කවුරු හරි කියනවා නම් ඇත්තටම ඒක බොරුවක්.
අවුරුදු විස්සක මගෙ ජීවිතේදි කාටවත් හොල්ලන්න බැරිවුන හිත එක්කෙනෙක් එක තත්පර කීපයක දැක්මකින් වෙනස් කරා.
ෆ්ලෆී කොන්ඩෙ , සරල විදිහට ඇගට ලොකුවට අදින ඇදුම්. තරුන පොඩි කොල්ලෙක් වගේ පෙනුම , ආඩම්බරකමක් නැති ඒඅහිංසක බොක්සි හිනාව..
කැම්පස් එකට අඩිය තියපු පලවෙනි තත්පරේම මගෙ ඇස් ඉස්සරහට ආපු පලවෙනි කෙනා..
විනාඩියක් වත් නොරැදි අතුරුදහන් වෙලා ගියපු එය හරියට මායාවක් වගේ..
කිම් ටේහ්යුන්..
ඒ එක බැල්මකින් මාව පිස්සු වට්ටපු කෙනා. එදා පලවෙනි දවසෙ ඉදන් හැමදාමත් මට හීන ගෙනාපු කෙනා...
හීනවල මාව සතුටු කරපු කෙනා..හැමදාමත් වගේ එකක් මගනොහැර මම ලෙක්චර්ස් වලට සහභාගි වුනු එකම ගුරුවරයා...
ඒත් ඒ උගන්වන කිසිම දෙයක් හැබෑවටම ඉගෙනගත්තෙ නැති එකමකෙනත් මම වෙන්න ඇති..
මම ජියොන් ජන්කුක්...
වයස 24 ක්...අවුරුදු හතරක කැම්පස් ජීවිතේ මට තිබුනු එකම හීනෙ අතෑරලා යන්න අද මටසිද්දවෙලා..
පලවෙනි දවසෙ ඉදන් හිත උඩ හොල්මන් කරපු ඒ කෙනා..
මගේ ගුරුවරයා..
කිම් ටේහ්යුන්ග් ...ඉතින්..
ඒකෙ වරදක් තියෙනවද..
ආදරේ කරන්න වයසක් , ගෑනුද පිරිමිද කියලා බෙදීමක් තියෙනවද..
කව්ද එහෙම කියන්නෙ...
ආදරේ කියන්නෙ නිකන්ම හැගීමක්...ප්ලෑන් කරලා වෙලාවල් බලලා ඒ විදිහට ආදරේ අපිට දැනෙන්නෙ නෑ...
YOU ARE READING
___ අන්සතු ඔබ ___ [ Taekook ]
Fanfiction" දැන දැන හිමි නොවනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී.. "