ජන්කුක්ගෙන් මිදිලා තමන්ගෙ බිරිදත් පුතත් එක්ක ආපිට එන තරමග ටේහ්‍යුන්ගෙ හිත අතීතයේ අතරම වුනා.ටේහ්‍යුන්ග්ට මතක්වුනා පලවෙනි වතාවට පුංචි හාවෙක් වගේ රවුම් ඇස් වලින් තොල් දෙකත් උල්කරගන පන්ති කාමරේ මුල්ලක ඉදන් තමන් දිහා ඇස් පිය හෙලන්නෙවත් නැතුව බලන් හිටපු ජන්කුක්ව.
එදා ටේහ්‍යුන්ග්ට හිතාගන්න බැරිවුනා මෙච්චර හුරුබුහුටි හුරතල් කොල්ලෙක් විශ්වවිද්‍යාල සිසුවෙක් වෙන්න පුලුවන් ද කියලා
මොකද ජන්කුක්ගෙන් පෙනුනෙ හුගක් ලාබාල පෙනුමක්..
ඒත් ඒ හුරතල් මූන ටේහ්‍යුන්ගෙ හිතත් මොහොතකට සසල කරවලා තිබුනා
ගුරුවරයෙක් විදිහට හැමදාමත් ගුරු ගෞරවය රැකගෙන ඒත් අනික් ගුරුවරුන්ට වඩා වෙනස් විදිහට ජීවත්වුනු ටේහ්‍යුන්ට පලවෙනි වතාවට තමන්ගෙ ජීවිතේ ගත්ත එක තීරනයක් ගැන පසුතැවීමක් දැනුනා..දෙමව්පියන්ගෙ කැමැත්තට ඉඩ දීලා ටික කාලෙකට කලින් විවාහ වුනු එක මොනතරම් අවාසනාවක්ද කියලා පලවෙනි වතාවට ටේහ්‍යුන්ට හිතෙන්න අරන් තිබුනා..
ඒත් ආපහු හැරෙන්නත් ටේහ්‍යුන්ට පුලුවන්කමක් තිබුනෙ නෑ.
ලෝකයක් ඉස්සරහ වගකීම් පිරුනු මනුස්සයෙක් විදිහට ලොකු වැඩකොටසක් ටේහ්‍යුන්ග්ට බාරවෙලා තිබුනා.විවාහක පිරිමියෙක් විදිහට , දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට ලෝකෙ ඉස්සරහ ටේහ්‍යුන් බැදීමකින් හිරවුනු මනුස්සයෙක් වුනා.
ඒ නිසාම ආදරේ හිතේ ගුලිකරගෙන ඇස් මානෙදි ජන්කුක්ව දැකලා සැනසෙන්න, මතකයන් එක්ක ජීවත් වෙන්න ටේහ්‍යුන් තීරණය කරා..
වගකීම් වලින් බැදිලා නිසා ටේහ්‍යුන්ග් වේදනාවෙන් වෙන්වෙලා යනකොට
ලෝකෙට අසම්මත වරදකාරී බැදීමකින් ජන්කුක්ගෙ හිත වේදනා වින්දා..නමුත් මොනයම් හේතුවක් ඉදිරියේ උනත් හිත්වල බැදුනු ආදරය සෙනෙහස බිදක් වත් අඩුවෙලා ගියේ නෑ..
ඉතින් දවසක ඔවුන්ගේ ප්‍රාර්තනා ඉටුවේවිද කියලා ඔවුන්ට ස්තීරව කිවනොහැකි උනත් සාදාකාලිකවම හදවත් වලින් ඔවුන් එකිනෙකාට ආදරෙන් රැදෙන බව නම් ස්තීරව කිවහැකියි..
YOU ARE READING
___ අන්සතු ඔබ ___ [ Taekook ]
Fanfic" දැන දැන හිමි නොවනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී.. "