ඇපල් මල්...

1.1K 171 51
                                    

ඇපල් මල්( කෙටි කතාව...)

"රළ නැගෙන
රළ බිදෙන
ආයිමත් රළ නැගෙන
විටෙක නිහඩවම යන
ගීතයකි ජීවිතය
සයුර රළ ලෙසම නැග
ඒ රල ලෙසම බිදෙන ...
බැදුම ලග...
බිදුම ඇති...
රල පෙලකි ජීවිතය ......"

අතේ තිබ්බ ඩයිරියෙ හිතට ආපු අකුරු ටික කැතට ඇදිල ගිය අකුරු වලින් කුරුටු ගාගත්තෙ මගෙ හිතට ඊලගට එන හැගීම් නිසා මේ ලස්සනට ලියවුනු පද ටිකෙන් දැනුන සතුට නැතිවෙයි කියල වගේ බයෙන්..

එහෙමම ලියපු පිටුවට මගෙ අතේ තිබ්බ පෑන රදවල ඩයරිය වහපු මන් ඈතින් සිතිජයේ ගිලිල යන ඉර දිහා බලන්න ගත්තා...
මගෙ ජීවිතයත් මේ මුහුදත් එක්ක තියන බැදීම හරිම පුදුමාකාරයි කියල මට හිතෙද්දිම ආපු සැර රැල්ලක් මගෙ ඉස්සරහ තිබ්බ ගල් පරයෙ වැදිල සුදු පාට පෙන කැටි විසිරුවන් බිදිල යද්දි මන් ලොකු හුස්මක් හෙලන  ගමන් ඒ හැගීම හිත පුරා විදගත්ත...

ඒත් එක්කම කම්බුලක දැනුන තද සීත තෙත ගතිය නිසාම මන් ගැස්සිලා ඒ පැත්ත හැරුන...

" සොරි ටැරැෆික් එකේ හිරවුනා..."

අතේ වැලමිට ලගට දාගෙන ඉදපු හෙල්මට් එක අතල ගන්න ගමන් මගෙ දිහාට සුදු පාට පොලිතින් බෑග් එකක් දික් කරන ගමන් එයා හිනා වෙද්දි මන් ඒ ලස්සන හීනියට පුංචි උන කලු ගැබුරු ඇස් දිහා බලන් ඉදිය..

" ආයි කුරුටු ගානව නේද...කෝ දෙනව... බලන්න..."

" අයියෝ... බෑ බෑ... කෝ දෙනව ඕක .. ඕක මගෙනෙ.. ඕව බලන්න එපා... විදූශ..ඕක දෙනවකො...."

"බෑ දෙන්නෙ නෑ.... අනික උබේ දේවල් මටත් අයිතියි...ඒක නිසා කටවහන් ඔන්න ඔය එලවලු රොටියක් කාපන්..."

" ඕන මගුලක් කරපන්.. අනික කට වහගෙන කන්නෙ කොහොමද.. බූරුවෙක්ම තමා...."

මන් වැඩිය හයියන් එයාට ඇහෙන්නෙ නැතිවෙන්න කුටු කුටු ගාද්දි  ගමන් මගෙ අතට දුන්න බෑක් එක ඇරිය..

එක බෑග් එකක  උනුම උනු  එලවලු රොටි අනිකෙ සීතලම සීතල බියර් ටින් දෙකක්...

මන් බියර් ටින් දෙක එලියට අරන්  වැල්ලෙ තිබ්බ මගෙ බෑක් එක ලගින් තියල එලවලු රොටියන් අරන් කන ගමන් ආයි ඈත සිතිජය දිහා බලන්න ගද්දි.. මට ඇහුන ක්‍රශ් ගාල සද්දයක්...
............................

ඇපල් මල්...Where stories live. Discover now