ආදරණිය සෙප්පුව.....මම ඔයාව පාවිච්චි කරන පලවෙනි සහ අන්තිම වතාව මේක වේවි... එයා මට ඔයාව දුන්නේ ගොඩක් කාලේකට කලින් වුනත් ඇත්තටම මට ඔයාව අමතක වුනා මොකද ඔයාව මට ලැබුන පලවෙනි දවසේ මම හිතුවේ ' මොන විකාරයක්ද මේ කියලා.. '
කාටද ඉතින් එහෙම හිතෙන්නේ නැත්තේ ඩයිරි එකකට සෙප්පුව කියලා නමක් තියෙනකොට... ඔව් එයා ඔයාට දුන්න නම තමයි සේප්පුව කියලා.. එයා කිව්වේ ඔයා හරියට සේප්පුවක් වගේලු.. අපේ දේවල් හරි පරිස්සමට තියාගෙන ඉන්නවලු හැමෝටම හොරෙන්... අපි විතරයි ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දන්නේ කියලා... එයාට තිබුන අමුතු අදහස් වලින් එකක් තමයි ඔයා... හරියටම කිව්වොත් එයාට තිබුනෙම අමුතු ගති ගුන..
ඔයාට මාව මීට කලින් මුනගැහිලා නැති නිසා මම ටිකක් මං ගැන කියන්නම්... මම වන්ග් යීබෝ... එයාව මුනගැහෙනකොට මම ආදරවන්තයෙක්... හැබැයි එයාගේ නෙමෙයි වෙනකෙනෙක්ගේ...අවුරුදු තුනක් ආදරය කියලා එකක් මම සෝයී කියලා කෙල්ලෙක්ට කලා... ඒකී එක්ක ජිවත් වෙන්න හීන පවා මැවුවා... මගේ ගෙදර අයටත් ඒකීව හදුන්වලා දෙන්න තරම් මම පිස්සුවෙන් හිටියේ... ඒත් හිනා යන වැඩේ කියන්නේ ඒකී මගේ යාලුවෙක් එක්කම SEX මට මාට්ටු වුනා ... ආයේ ඉතින් කියලා වැඩක් නැහැ දැනුන හැගීම... කනට දෙකක් ගහලා මම ඒකීව අත හැරියා ඒත් මම පිස්සෙක් වුනා... මගේ මුහුන බැලුවත් ඇදලා ගහන තත්වෙකට මම පත් වුනා...
දැන් මම කියන්නම් එයා ගැන...එයාගේ නම ෂියාඕ ජාන්..මගේ පිස්සු කෝච්චිය.... බය කියන දේ එයාගේ ඩික්ෂනරියේ නැහැ...
මම කලින් කිව්වා වගේ එයාව මට මුලින්ම මුනගැහුනේ සෝයි එක්ක යාලු වෙලා අවුරුදු එකහමාරකට විතර පස්සේ...
එදා මම ඔෆිස් එකෙන් එලියට එනකොට හා දත් දෙකක් තියෙන සුදු කොල්ලෙක් මාව නැවැත්තුවා අත දාලා හරියට වාහනයක් නවත්තනවා වගේ... මම එදාමයි එයාව පලවෙනි පාරට දැක්කේ... ඒත් ඒ පලවෙනි පාරට දැක්ක අමුත්තා මට කිව්වේ මම කියටවත් කියයි කියලා හිතුවෙවත් නැති කතාවක්.." හායි මම ෂියාඕ ජාන්... ඔයාගේ කම්පැනි එකේ Graphic designer කෙනෙක් විදිහට වැඩ කරන්නේ... ඇත්තටම මට කියන්න ඕන වුනේ මම ඔයාට කැමති කියලා... ස්ස්ස්..!!නැහැ නැහැ !!!මම ඔයාට ආදරෙයි !!!. "
