ටේහ්යුන්ග්...
ඒ මගෙ,
පලවෙනි ඒ වගේම අවසාන ආදරේ...
.
.
.
.
මට මතකයි එයාව මට හම්බ උන මුල්ම දවස..
මම ඒකාලේ එයා තරමටම පුංචි උනත් ඒ සිද්දිය මට හොදට මතක තිබුනා...
එදා අපේ එහගෙදරට අලුතින් පදිංචි වෙන්න කට්ටියක් අවා..
පුංචිම පුංචි රෝස මලක් වගේ ගැණු ලමයෙකුයි මම තරම් වයස වගේ පේන පොඩි පිරිමි ළමයෙකුයි තමයි ඒ ගෙදර අයට හිටියේ...
මට මතකයි මමයි කුකීයි දෙන්නම එයාගේ ගේ ගාව සෙල්ලම් කර කර ඉන්දැද්දී කුකී යවපු බොලේ එයාගේ නළලේ වැදිලා එයා ඇස් රතු කරන් අඩපු හැටි...
මගෙ චුටි හිතට වාවන්නේ නැ.. එයා අඩනවා... මම එයාව බදා ගත්තා...
එහෙම කරද්දී එයාගේ ඇඩිල්ල අඩු උන හැටි... මම එයාගෙන් ඈත් උනාම එයා ඇස් දෙක ලොකු කරන් බලන් හිටිය හැටි..
මට හොදටම මතකයි...
කාලයක් යද්දී මම, කුකී, ටේහ්යුන්ග් හොදම යාලුවෝ උනා... අපිට අපි නැතිව බැරි වෙන තරමට අපි තුන් දෙනා ලං උනා...
අපි එකම ඉස්කෝලෙට ගියේ...
පාඩම් කලේත්, සෙල්ලම් කලෙත් එකටමයි...
ඒකාලේ මට එයාව හැමවෙලේම මතක් උනා...
හයි ස්කුල් යනකාලේ මම ඒ ඇයි කියලා හෙව්වා.. ගොඩක් හෙව්වා... මම මගෙ හිතෙන්ම ප්‍රශ්න කලා ඒ හැගීම මොකද්ද කියලා දැනගන්න..
මට ඕන උනා එයාව මගෙ ඇස් මානේ තියාගන්න...
එයා මගෙ ලග නැ කියලා දැනෙනකොට මගෙ හිත ගොඩක් කලබල වෙනවා...
මම එයාව ආරක්ෂා කරන්න හැදුවා හැමවෙලේම...
ඔව් මම එහෙම කලා...
අන්තිමට මම දැනගත්තා ඒ හැගීම මොකද්ද කියලා...
ඔව්,
ඒ හැගීම...
ආදරේ...
මගෙ මුළු හදවතින්ම මම එයාට ආදරේ කලා...
YOU ARE READING
|| For You || Tk one shot || completed ||
Fanfictionටේහ්යුන්ග්... ඒ මගෙ පලවෙනි වගේම අවසාන ආදරේ... 🚫taekook fiction 🚫please don't read this if you are uncomfortable with bl stories...