ආදරේ.......
අයිති කර ගැනිමමද........
නැත්නම්.......
පරිත්යාගයද............මේ මගේ කතාව
මට කෙනෙක්ට ආදරයක් ඇති වුනා හැබැයි කවදාවත් හිමි නොවෙන ආදරයක්.......
මම වැන්ග් යිබෝ
මම පාසල් ගුරැවරයෙක්
මම හරිම සතුටින් විනෝදයෙන් කාලය ගතකරන්න කැමති කෙනෙක් ඒත්
එක දවසක් මට අහම්බෙන් වගේ මුන ගැහුන එයා නිසා මගේ මුලු ජිවිතයම වෙනස් වුනා..... දන්නවද මට අද වගේ මතකයි එයාව මට ඉස්සෙල්ලාම හමුවුන විදිය......එදා හොද කාලගුනයක් තිබ්බ දවසක්
මට එදා කලින්ම ගෙදර යන්න වුනා අම්මාව හදිස්සියෙම අසනිප වෙලා හොස්පිට්ල් අරන් ගියා කියලා මට කෝල් එකක් ආවා නිසා..... ඉතින් මම ඉක්මනටම මගේ වැඩ ටික ඉවර වෙලා හොස්පිට්ල් එකට ගියා..... ගිහින් අම්මවත් බලලා ගෙදර එන්න ආවා ඒත් හදිස්සියෙම මගේ කාර් එක ඉස්සරහට කවුද මන්දා කෙනෙක් පැන්නා වේලාවට මම ඒක ටිකක් ඇත ඉදන්ම දැක්කා ඒ වෙලාවේ මම ඒ තරම් වේගයෙන් ආවෙත් නැ. මම එහෙම්මම කාර් එක නවත්තලා බැහැලා බැලුවා කවුද මේ මැරෙන්න හදන්නේ කියලා... අනේ පුංචි ලමයෙක් නේ එයා එක පාරටම පාරට පැනලා එයාව බේරගන්න තමා අර මනුස්සයා ඇවිත් තියෙන්නේ ..... මටත් ඒ බබාව දැක්කට පස්සේ ගොඩාක් දුක හිතුනා ....
පස්සේ ඒ ලමයාව තුරැල් කරන් හිටපු කෙනා නැගිට්ටා. නැගිටිනකොට කමා මම දැක්කේ එයාගේ ඇස් දෙක ගොඩක් බය වෙලා වගේ. පස්සේ මම ඒ දෙන්නත් එක්කම පාරෙන් අයින් කරන්න පාරේ අයිනකට ගියා.... මම එයාගෙන් ඇහුවා මේ ලමයා එයාගෙද කියලා.... එයා කියුවේ ඒ එයාගේ මල්ලි කියලා..... ඒ වගේම එයා ඊලගට කිවුව දෙයින් මගේ මුලු ඇගම පන නැතුව ගියා වගේ වුනා.... එයාගේ මල්ලිට ඇස් පෙන්නේ නැලු....අනික එයගේ පවුලේ කෙනෙකුට කියලා ඉන්නෙත් එයාගේ මල්ලි විතරලු. ඒ කතාව ඇවුවට පස්සේ මට මහ ලොකු දුකක් ආවා.. පස්සේ එයාලවත් එක්කරගෙන මම එයාලාගේ ගෙදරට යන පාරත් අහ ගෙන එයාලගේ ගෙදරට ආවා. ගෙදරක් කිවුවට ඒක කටු මැටි ගැහුව පුංචිම පුංචි බිත්ති හතරකින් වට වේච්ච හරියට නිකන් පුංචි පැල් පතක් වගේ එකක්.... අනේ මට ඒ ගෙදර එයාලා ඉන්න විදිය දැකලා මම පුදුමාකාර දුකක් ඇති වුනා. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම මිට ටික කාලෙකට කලින් රිය අනතුරකින් සදහටම මේ ලෝකෙන් යන්නම යන්න ගිහිල්ලා එදා ඉදලා තමා එයාගේ මල්ලිට ඇස් දෙකත් නැති වෙලා තියෙන්නේ.
එයාගේ මල්ලි තාම ප්රාථමික පන්තියක කමා ඉගෙන ගන්නේ එයා නම් ඉගෙන ගෙන ඉවරලු මොකද මල්ලිට උගන්නන්න හුගක් වියදම් යන නිසා එයා ජෝබ් කිපයක්ම කරනවලු ඒත් එයාටත් ජෝබ් කරන්න තරම් වයසක් නැ. මම එයාගේ ඒ වයසට තාම ඉගෙන ගන්නවා . මට ඇත්තටම එයා ගැන ලොකු දුකක් ආවා. පස්සේ මම ආයේම හෙට එන්නම් කියලා එන්න ආවා.මම එහෙම ආවාට මගේ හිත එයාගාව දාලයි ආවේ. එදා මම ගෙදර එනකොටත් හුගක් රැ වෙලා තිබුනේ. එහෙම්ම ඇවිත් වෝෂ් එකක් දාලා ඇදට වැටුනට මට නිදිමතක් අහලකවත් තිබුනේ නැ. මම කල්පනා කරේ තවත් එහෙම දුක් විදින ජිවිත තියෙනවනේ කියලා. මම හෙට උදේම අම්මවත් බලලා එයාලවත් බලන්න යන්න කියලා හිතා ගත්තා ඒ නිසා මම උගන්වන ස්කූල් එකට දන්වලා හෙට දවසටම නිවාඩුවක් ගත්තා. පස්සේ මම හිතන්නේ මට පාන්දරද කොහෙද නින්ද ගිහින් තියෙන්නේ මට උදේම ඇහැරැනෙත් නැ.
මම නැගිටිනකොට උදේ අටට විතර ඇති
මම එහෙම්ම වෝෂ් රැම් එකට ගිහිල්ලා වෝෂ් එකකුත් දාලා උදේටත් කාලා හොස්පිට්ල් එකටත් ගිහිල්ලා අම්මවත් බලලා එහෙම්ම මම මාර්කට් එකට ගිහිල්ලා සාමාන්යයෙන් ගෙදරකට අවශ්ය බඩුත් අරගෙන ඊයේ මුන ගැහුන මගේ හිතට ආව අලුත් අමුත්තගේ ගෙදර එන්න ආවා. එයාලගේ ගේ ගාවින්ම කාර් එක නවත්තපු මම අර අරගෙන ආපු බඩුත් අරගෙන ගෙදර බෙල් එක ගැවුවා ..... එක පාරක් නැ දෙපාරක් නැ මම බැරිම තැන හයියෙන් කතා කරා ඒවත් නැ. අනේ කොහෙ යන්න ඇද්ද කියලා මම කල්පනා කරා.ඒත් එක්කම වගේ මගේ නම කියලා කවුද මන්දා ගැහැනු කෙනෙක් කතා කරා මම පිටිපස්ස හැරිලා බලන කොට වයස 50 විතර ගැහැනු කෙනෙක් මගේ ලගට ඇවිත් මම වන්ග් යිබෝද කියලා ඇහුවා. මම ඔලුව වනලා ඔව් කියුවා ඒත් එක්කම එයා මට එයගේ සාක්කුවෙන් පොඩි කොලයක් අරන් මට දුන්නා එයා කියුවේ මේ ගෙදර හිටිය ලමයා මේක ඔයාට දෙන්න කිවුවා කියලයි.
ඒත් එක්කම එයා ආපහු යන්න හැරෙනවත් එක්කම මම ඇහුවා මේ ගෙදර හිටිය කට්ටිය කෝ කියලා. එයා මගේ මුන දිහා හොදට බලලා......
👵 එයාලා මෙහෙන් යන්න ගියා. ඇයි ඔය ලමයට ඒක කියුවේ නැද්ද.....
එයා එහෙම කියලා යන්න ගියා.....
ඒක ඇහුවයින් පස්සේ මගේ අතේ තිබ්බ බඩු ටික සේරම වැටුනා වගේම මමත් එතනම බිමින් ඉන්ද වුනා... මට හිතාගන්න බැරි වුනා මට මේ මොකද වෙන්නේ කියලවත් මොකද එක දවසක් දැකපු කෙනෙක් වෙනුවෙන් මෙච්චරටම දුකක් දැනේන තරම්.ඒත් එක්කම මට මතක් වුනා අර ගැහැනු කෙනා දිපු ලියුම. මම ඒක අරන් කියෙවුවා.
YOU ARE READING
💔Your are mine in every soul to come💔(short story)
Fanfictionඅපි මේ සංසාරේ කෙදිනක හෝ හමුවෙමු..... එදාට ඔබ මගේම වෙන්න........ ❤️💔❤️💔