Before , This Book

31 17 9
                                    

🍃 නරි ළමයි.මේ අලුත් කතාවට ඇටෙන්ශන් නෝට් එකක් නැත.'ඩිමෙන්ශන්' කියන වචනයත් එක්ක යම්කිසි විස්තරයක් දෙන්න උවමනා වුනා.නමුත් ඒක පොත ඇතුලෙදිම කතා කරපු අපි.පහතින් පොතේ කවරය තියනවා බලන්න.

🍃 කතාවෙ නම - Unfinished | කතාව සිංහලෙන් - සිරවුන කඩදහි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍃 කතාවෙ නම - Unfinished | කතාව සිංහලෙන් - සිරවුන කඩදහි

🍃 මීට බොහොම කාලෙකට කලින් මම ට්විටර් වලදි දැක්කා මෙහෙම පෝස්⁣ට් එකක් - ( අපි යමක් තුලට යම් චරිතයක් ඇතුලත් කරලා ඒ දේ ලියනවා හෝ හිතනවා,ඒක පවත්වගෙන යනකොට ඒ අපි නිර්මාණය කරපු ලෝකය ඇතුලත අප අර නිර්මාණය කරපු චරිතත් ජීවත් වෙන්න ගන්නවා…)

🍃 ඔය විදිහේ ඔය වගේ සමාන වාක්‍යයක් ඒක.මට හරියටම ඒක මතකත් නෑ දැන්.කොහොමවුනත් ඒක දැකපු දවසෙම මට හිතුනෙ - කතාවක්!කතාවක් ලියන්න හොද අදහසක්!කියන සිතුවිල්ල.ඉන් පස්සෙ කාලෙකදි මම දකිනවා එක මේල් ආර්ටිස්ට් කෙනෙක් ඇතුලත් වුන මං මේ වෙනකං දැකපු බොහොම ලස්සන වගේම නිර්මාණශීලිව පෙනුන රෑ සිහිනයක්.ඒ වගේම ඒක මට හොදින්ම මතකත් හිටලා තිබුණා.මං ඒක ගැන දෙන්නෙක් එක්ක වෙනම කතා කරත් එක්ක ඒ කාලෙදි.හේතුව ඒ හීනෙ තිබුණ පැහැදිලි බව,ඒක ඇතුලෙ තිබුණ අන්තර්ගතය සහ පිරිසිදු බව.ඒ හීනය හීනයක් නොවී පොතක ලියවුන කතාවක් වුනානං කියන එක මට එදා හිතුනා.මේක බොහොම පරණ සිද්දියක්.ඉන් පස්සෙ කාලෙදි මම 'සමාන්තර ලෝක | නැත්තං පැරලල් යුනිවර්ස් කියන - ලෝකෙ සමහර අය හොයන ,නමුත් තියනවද නැද්ද කියන එක හරියටම ඔප්පු කරගන්නත් බැරි අපූරු දෙයක් ගැන හොයන්න උනන්දු වෙනවා.ට්විටර් පෝස්ට් එක,මගෙ සිහිනය සහ මේ සමාන්තර ලෝක කියන අවස්ථා තුන මං එකට එකතු කරලා කතාවක් හදන්න උත්සාහා කරා යම් කාලෙකදි.එහෙනං ඒක තමයි මේ විදිහට එලියට එන්නෙ අද...

🍃 හීනෙ හිටිය පුද්ගලයා අනිවාර්යයෙන් මේ කතාව තුලත් ඉන්නවා.මේ කතාව ගෙතෙන්නෙත් ඔහු වටා සහ තව මනඃකල්පිත චරිත කිහිපයක් වටා.මේක ff එකක් වෙන්නෙ අර සිහිනයේ සිටි පුද්ගලයා නිසා පමණයි.ඔහුව නැතුව වෙනත් කෙනෙක් ගන්න මගෙ කැමැත්තක් නැහැ.හේතුව හීනය අර්ථවත් කරේ,ඒ හීනයේ ලස්සන තිබුණෙ ඔහු නිසා වීම.මේක b×g කතාවක්.

🍃 මේ වගේ සිද්දියක් තියන චිත්‍රපටයක් බැලුවා මතකයි මං පුංචි කාලෙදි.නමුත් ඒක මොකක්ද කියන එක මට හරියටම මතක නැහැ.මොකද ඒක මං ටෙලිවිශන් එකෙන් දැකපු එකක්.ඒකෙ තිබුණෙත් මේ කතාවෙ එන වෙනත් ලෝකයක් නිර්මාණය කිරීම,කඩතුරාවක් ඇරීම වගේ කතාවක්.මං හොයාගත්තොත් විස්තර කියන්නං.නමුත් ඒකයි මේකයි දෙකක් බව මතක තියාගන්න.

🍃 කතාව ගැන පුංචි ඉඟියක් දෙනවනං..හිතන්න අපි අදහසකට අනුව පොතක්,කතාවක් ලියනකොට ඒ කතාවට සම්බන්ද කරන සිද්දි,චරිත ඇත්තටම එ් කතාව තුල ජීවය ලැබුවොත්?අපි ඒ කතාව මගින් නැවැත්තුවොත් මොකද වෙන්නෙ ඊලඟට?ඔවුන් ඒක තුල හිරවෙනවා..එහෙම නේද?

🍃කතාව කොපි කරන්න එපා.පොතේ SS ගන්නවනං මාව දැනුවත් කරන්න.කතාවෙ අනුකරණයක් දැක්කොත් මුලින්ම මට දන්වන්න.මේ පොත වෙන කිසිම තැනක පල කරලත් නැහැ.මේ කතාවට මම යොදාගන්න පොටෝ,සිංදු,වීඩියෝ කිසිවක් මට අයිති දෑ නෙවෙයි.ඒවා අයිති ඒවයෙහි මුල් අයිතිකරුවන්ටයි.එහෙනං නරි යාලුවො කතාව කියවලා මොකක්ද වුනේ කියලා හිතන්න උත්සාහා කරලා බලන්න..දැනුන දේවල් මට කියන්න..කමෙන්ට් කරන්න,වෝට් කරන්න,බොහොම ස්තුතියි!




කමෙන්ට් කරන්න,වෝට් කරන්න,බොහොම ස්තුතියි!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________________

An author is, I think, someone who focuses his/her attention on the world
____________________________________
-Fox Author JC-

Unfinished || 2023Where stories live. Discover now