Oeuvre 01...

441 84 1
                                    


1818,

මං හිටියෙ අශ්ව කරත්තය ඇතුලෙ...

පෝලන්තයෙ ඉදන් ප්‍රංශයයෙ පැරිස් වෙනකන්ම අපිට අශ්ව කරත්තයෙන් එන්න උනා.

යුද්දය ඉවර වෙලා ලොකු දවසක් නොතිබ්බත් නැපෝලියන්ට පින්සිද්ද වෙන්න පාරවල් හොදට තිබුන නැත්නම් මේ ගමන ලේසි වෙන්නෙ නෑ කියල තමා කරත්තෙ හිටපු වැඩිහිටියෝ නම් කිව්වෙ.

"ජන්කුක්, අපි තව ටිකකින් පැරීසියට යනව. රෑට තානායමේ ඉදල උදේම කෞතුකාගාරෙට යාගන්න පුළුවන් වෙයි. අපිට බාසාව හසුරවල දෙනවා. හරිද?"

"හරි මිස්ටර් ඕගිව්.. මං ඒක හරියටම කරන්නම්,කරදර වෙන්න එපා"

කරත්තෙ පිටිපස්සෙ වාඩි වෙලා හිටපු මං, ඇතුලෙ හිටපු අපේ කෞතුකාගාර භාර නිලදාරී මිස්ටර් ඕගිව්ට කිව්වා.

අපි යන්නෙ යුද්දෙ කාලෙ නැපෝලියන් අපෙන් ගත්ත කෞතුක භාන්ඩ ආයෙ පෝලන්තයට අරන් යන්න. සම්මේලනයෙදි ගත්ත තීරනයක් නිසා අපිට ඒක කරන්න උනා.

මං උපතින් පෝලන්ත වැසියෙක්. ඒත් මගේ අම්ම ප්‍රංශ ජාතිකයි. ඒ නිසා පෝලන්ත භාශාව උන පෝලිශ් වගේම මට ප්‍රංශත් හොදට හසුරවන්න පුළුවන්...

මට තාම 16යි. ඒත් අම්මට උදව් කරන්න පුළුවන් තරම් මං වැඩිල කියල මං දන්නව. මගේ තාත්ත යුද්දෙදි මැරිල, එතකොට මං ටිකක් පොඩියි...

ගොඩක් මිනිස්සු යුද්දෙන් මැරුන, ඒත් අපේ සීයනං කියන්නෙ යුද්දෙ ආශිර්වාදයක් කියල....

විකාර!!

ටික ටික හුලග සීතල වෙද්දි, වටින් පිටින් අදුරු වෙද්දි මං කරත්තය ඇතුලට ආවෙ මට මේ හුලග නිසා අසනීපයක් හැදෙයි කියල හිතුන නිසා

"ප්‍රංශ හුලග ප්‍රශියා හුලගට වඩා උනුසුම් කොල්ලො. කොච්චර කොහොම උනත් හොදම මිනිස්සු ඉන්නෙ ප්‍රංශෙ. මේ හුලගෙ තීන්නෙ ඒ මිනිස්සුන්ගෙ හුස්ම. ඒ නිසා අසනීප වෙන්නෙ නෑ"

සුරුට්ටුව කටේ කොනකින් හපාගෙන කරත්තෙ හසුරවන මනුස්සය කියන්නෙ ගත්තෙ කරත්තෙ ඉදපු හැමෝම දේශපාලන කතාවකට ඇදගන්න ගමන්.

මේ වැඩිහිටියො වෙලාවකට ලොකු ප්‍රහේලිකාවක්

කොහොම හරි රෑ වෙන්න කලින් තානායමට ගොඩ වෙන්න අපිට පුළුවන් උන නිසා වේලාසනින් නිදාගන්න අවස්තාවක් ලැබුනා.

OEUVRE || 𝐓𝐊 || Complete ||Where stories live. Discover now