ආගන්තුක ඇරඹුම

158 22 43
                                    

Jimin's Pov

කාලෙත් එක්ක හැමදේම වෙනස් වුනේ හරි පුදුම විදිහට.මීට මාස දෙකකට කලින් හිටපු කුඩු ගහන සෙල්ලක්කාර Park Jimin........
හොයාගන්නම බැරිවෙලා.

මාවම පුදුමකරලා මම වෙනස් වෙලා.කවමදාකවත් ගැලවෙන්න බැරිවේවි කියලා හිතපු ඒ හැම පුරුද්දකින්ම මම ඈතට ගිහින්.

කවදා කොහොම මේ දේවල් වුණාද?
සුමී මාව දාලා ගියාම හිස්වුන මාව....මටම අමතක වුන මාව එයාලා මට මතක් කලා.

ඇයි මට එයාලව නොපෙනුනේ.....?
මේ තරම් ආදරයක් කොහොමද මම නොදැක හිටියේ?

මාව දරුවෙක් වගේ බලාගන්න හ්‍යුන්ග්ලා හතර දෙනෙක්.මැරෙන්න වුනත් මාත් එක්ක එන හොඳම යාලුවෙක්.විහිලු කර කර හුරතල් වෙන පුන්චි හා පැටියෙක්.

හ්‍යුන්ග්ලාට නොදෙවෙනි ආදරේකින් මාව බලාගන්න නූනලා හතර දෙනෙක්.

මොනම දේ කලත් කවමදාකවත් මාව අත නොඇරපු මගේ ඔම්මා අප්පා මගේ පුන්චි දෝසන්ග්........

ඔව්, සුමී ඔයා හරි..............
මම මෝඩයෙක්.........................
මට මේ දේවල් පෙනුණේ නෑ  මැණික......

මේ මාස දෙකට මම හ්‍යුන්ග්ලාට පුදුමාකාර විදිහට වද දෙන්න ඇති.drug sickness එද්දි මම පිස්සෙක් වෙනවා.

මට මතකයි දවසක් මම නම්ජූන් හ්‍යුන්ග්ගේ අත හපාගෙන හිටියා කියපු එක.මම එලියට යන්න දගලද්දි හ්‍යුන්ග් මාව අල්ලගෙන බදාගෙන ඉඳලා.ඒ නිසයි හ්‍යුන්ග්ගේ අත හපලා තියෙන්නේ.එදා මොන තරම් රිදුනත් හ්‍යුන්ග් ඉවසගෙන ඉඳලා.සිහිය ඇවිත් බලද්දි හ්‍යුන්ග්ගේ  අත ගන්න දෙයක් නෑ . මොනතරම් ලේ ගියාද කියලා මම දන්නේ නෑ .ඒත් හ්‍යුන්ග් එක වචනයක් කිව්වේ නෑ මට.උබ හොදින්ද ජිමිනා කියලා මාව බදාගත්තා ඇරෙන්න.

මම එකපාරක් කුකියට බෝතලේකින් ගහලා ටේ ඉස්සරාහට පැනලා කුකීව බේර නොගන්න කුකී තවමත් ICU එකේ.එදා ටේගේ පිට ගොඩක් තුවාල වුනා.

තවත් දවසක් හොබී හ්‍යුන්ග්වයි යුන්ගි හ්‍යුන්ග්වයි මම පඩිපෙලෙන් පහලට තල්ලු කරලා.එදා හ්‍යුන්ග්ලා දෙන්නා බේරිලා තියෙන්නේ ලොකු පිනකට.

ජින් හ්‍යුන්ග්ට ගහන්න මම පිහිය අතට ගත්තලු.ඒ වෙලාවේ අවීයයි අභීයි එක්ක එකතුවෙලා ඒක නවත්තලා තියෙන්නේ.ඒ දෙන්නටම තුවාල වෙලා.එදා නම්ජූන් හ්‍යුන්ග්ලා ඉඳලා නෑ .

Spring day Where stories live. Discover now