# chapter 3

184 49 12
                                    

වෙනදටත් කලින් නැගිට්ට නම්ජූන් කවදාවත් නැතුව පුදුම උනන්දුවකින් අදින්න ඇදුමක් හොය හොය එහෙ මෙහෙ ඇවිදින හැටි , බිත්තිය මුල්ලෙ එල්ලපු පොඩි වීදුරුවෙන් මූන බල බල තනියම හිනා වෙන හටි , ඊයෙ හවස ඉදන් සිංදුවක් මුමුණ මුනුණ ඉන්න නම්ජූන් දිහා ටේහියුන් බලන් හිටියේ හොද අවදානෙන් .

ඔයා යන්නේ ජන්කුක්ට උගන්නන්නද නැත්නම් ජන්කුක්ව විවාහ කරගන්නද ?

අහ් මේ ..මේ පිස්සුද ටේ ඔහේට . මම පොඩ්ඩක් වැදගත් විදිහට අදින්න තීරනේ කලා මොකද මම යන්නේ ජියෝන් බංගලාවටනේ අනික මම යන්නේ ජියෝන් බංගලාවේ අනාගට උරුමක්කාරයගෙ ගුරුවරය විදිහට .

මටනම් ඔයාව තේරුම් ගන්න බෑ . ඔයා කොහොමද අමතක කලේ අපි දෙන්න අත්දෙකේ කරගැට එනකම් ඔය ජියෝන්ලගෙ ගෙවිපළවල් වල පිදුරු ගොඩගහපු හැටි . අපි එහෙ කොච්චර දුක් වින්දද කුලීයට සල්ලි හොයාගන්න . එහෙම වෙලත් ඇයි ඔයා ආයෙත් එහෙටම යන්නේ .

ටේහියුන් මම දැන් එහෙට යන්නෙ පිදුරු ගොඩගහන්න නෙවෙයි . මම යන්නෙ ගුරුවරයෙක් විදිහට . මම ඒ ගැන ගොඩක් ආඩම්බර වෙනවා . ඒ බංගලාවේ ගොවිපලේ පිදුරු ගොඩගහපු කොලු ගැටයා අද ඒ බංගල්ලවටම යනව ගුරුවරයෙක් විදිහට . ඇත්තටම මට මං ගැනම ආඩම්බරයෙන් දැනෙන්නේ ටේහියුන් එහෙට යනකොට. මම ඒ විශාල මන්දිරේ ඔලුව කෙලින් තියන් ඇවිදිනව දැන් .

පිටට නොපෙන්නුවත් ටේහියුන් හිතඇතුලෙන් තමන්ගේ එකම සහෝදරයා ගැන ගොඩක් ආඩම්බර උනා . ටේහියුන් කිම් නම්ජූන්ගෙ බාල සහෝදරයා . ටේහියුන් දක්ශ වගේම යම්තාක් දුරට ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීයෙක් උනා .

කන්නාඩිය ඉස්සරහට වෙලා දෙපරක්ම හැඩ බලපු නම්ජූන් කබායත් තොප්පියත් අරන් ඉක්මනට පිටත් උනේ කන්නඩිය ඉස්සරහම ගොඩක් කාලය නාස්ති කරපු නිසා.



පිණිබිංදු වැටුන තණ බිම් ලාවට වැටෙන හිරු එලියෙන් දිලිසෙන්න ගත්තේ මුතුකැට පිරුනු යායක් වගේ . තණ බිම් මැදින් වැටුන බොරලු පාර දිගේ නම්ජූන් ඇවිදගෙන ගියෙ කලබලෙන් , මොකද නම්ජූන්ට ඕනේ උනේ ජොආනගේ මූණ බලන්න . නම්ජූන් ජොආනට වශී වෙලා කිව්වොත් හරියටම හරි . නම්ජූන්ට ජොආනා පිස්සුවක් වෙලා . නම්ජූන් කවදාවත් හිතුවෙ නෑ තරුණියක් තමන්ට ආදරේ ප්‍රකාශ කරයි කියල . සාම්ප්‍රදායික ක්‍රමයෙන් බිදුන මේ තරුණිය ගැන නම්ජූන්ගෙ හිතේ තිබ්බේ කුතුහලයක් . ඇය ලස්සනයි . ජොආනා මතකෙට එන හැම මොහොතකම නම්ජූන්ගෙ මූණග හිනවක් ගෙනාව . ජොආනා මතක් වෙන හැම මොහොතකම නම්ජූන්ව රතු පාටට හැරුනේ චෙරි ගෙඩියක් වගේ .



The Lover 💘Where stories live. Discover now