මං හිතුවේ ජන්කුක් මට ආදරෙයි කියලා. ඒත් ඒක වැරදියි, මං බලන් හිටියා ජිමිනුයි, ජන්කුකුයි එකට සතුටින් උයනවා.
ඒගොල්ලෝ හැමදේකටම හිනාවෙවි හිටියා,, ඒගොල්ලෝ ඇත්තටම ඒකට ඉන්නකොට සතුටින් ද?
මං තොල් උල් කරමින් ඒගොල්ලෝ දිහා බලන් හිටියා.. මට කේන්තියි.. ඇත්තටම කිව්වොත් මට කේන්තිය සහ දුක එකම වේලාවක එකටම දැනුණා. කරන්න තිබුණු එකම වැඩේ සපත්තු දාගෙන එළියට යන ඒක විතරයි ඉතින් මං ඒ දේ කලා.
මට ගොඩක් දුකයි ඒ දෙන්නාත් එක්ක එකම තැනක ඉන්න වෙච්ච ඒක ගැන.,
ජන්කුක් මුළු රෑ පුරාම මාව බදාගෙන ඉන්නවා, හැබැයි දැන් එයා මට අවධානයව ත් දෙන්නේ නෑ.. එයා මගේ හැඟිම් එක්ක සෙල්ලම් කරනවා ද?
* * *
මං විවිධ සාප්පු දිහා බල බල නගරය වටේ ඇවිද්දා. මං ඉක්මනට නතර වුනේ අයිස් ක්ර්රිම් තියෙන සාප්පුවක මගේ ඇස් දෙක ගැටුනාම යි.
මං දුකින් ඒක දිහා බලන් හිටියේ මට කිසිම සල්ලි කොළයක් වත් නැති නිස යි. ජන්කුක් මට කියලා දුන්නා කොහොමද අපි දේවල් අරගන්න ඕනි කියලා! මට තාමත් මතකයි මං ගෙවන්නේ නැතිව ලොලිපොප් එකේ කවරේ කඩපු හැටි. මං දන්නවැ ඕවා වලට ගෙවන්න ඕන කියලා..
"ටේහාන්! ඇයි ඔයා ගෙදර ඉන්නේ නැත්තේ?!"
මං ඒ කටහඬ ට හැරිලා බැලුවා.
"දැන් එන්න එන්නම පරක්කු වෙනවා, දන්නවාද ඒක?!" කාර් එකේ වීදුරැව තුලින් යුන්ගී කෑගැහුවා.
මං මගේ ඇඟිල්ල අයිස් ක්රීම් හළට දික් කලා ඒත් එක්කම යුන්ගී එයාගේ ඇස් දෙක හිනී කරලා සහ ඉරක් වගේ කට හදාගත්තා.
* * *
"තනියම එළියේ ඇවිදින ඒක හයිබ්රිඩ් කෙනෙක්ට අවදානම්" ඔහු කිව්වා.
මං කාර් එකේ සීට් එකේ හේත්තු වුනේ මගේ අයිස් ක්රීම් එක කන ගමනුයි.
"විශේෂයෙන්ම ඔයා වගේ ලස්සන කෙනෙක්"
මං රතු වුනා එයා කියපු දෙයින්.
"ඔයා ජිමින් ව අරන් යනවාද?" මම ඇහුවා.
එයා ඔළුව වැනුවා. මට යම් සතුටක් වගේ හැඟීමක් ඇඟ තුල ගලන් ගියා , හැබැයි මට ඕනි වුනේ නෑ ඒ හැඟීමෙන් මාව නපුරෙක් බවට පත් කරගන්න.
"මම හිතන්නේ නම් ජන්කුක් ජිමින්ට දැන් කැමති යි"
එයා ඉක්මනට මගේ දිහා බලලා ඉක්මනට කාර් ඒක පාරේ අයිනකට කලා.
"ඔයා මොකක් ද ඒකෙන් අදහස් කරේ?"
"එයා මාව අතහැරලා දාන්න හදන්නේ ජිමින් වෙනුවෙන්"
යුන්ගි කාර් එක ගේ ඉස්සරහ නතර කරලා මගේ මුණ දිහා බැලුවා.
"මට විශ්වාසයි ජන්කුක් ඔයාට තාමත් ගොඩක් කැමති යි", එයා කිව්වා.
මං මුකුත් කියන්නේ නැතිව කාර් එකෙන් එලියට ආවා. මං දොර දිහාවට යුන්ගී ත් එක්ක ම ගමන් කලා.
".. ජන්කුක් කිව්වා මං ජිමින්ට නපුරැ වෙනවා කියලා.. ඒත් මං එහෙම කලේ එයා මගේ ටාටා ව ගත්තු නිසා ඒකයි මං එයාව තල්ලු කළේ, මට ඕනි වුනේ නෑ නපුරැ වෙන්න. මං හැදුවේ ටාටා ව ආරක්ෂා කරන්න විතරම යි.. එයා විතරයි මට ඉන්න එකම එක්කෙනා, හැබැයි මං එයාව ජිමින් ට දුන්නා මොකද එයාට සතුටු හිතෙන නිසා," මං ඉක්මනට කියාගෙන ගියා.
යුන්ගි මං දිහා ටික වේලාවක් බලන් හිටියා. එයාටත් කේන්ති ගිහිල්ලා ද? මම ගොඩක් කරදර තමා ගේන්නේ.
"ම-මට සමාවෙන්න-"
"ඒකට කමක් නෑ ටේ, ඔයා හැදුවේ ඔයාට වැදගත් කට්ටිය ව බේරගන්න විතරයි නේ සහ ඔයා මොකක් ද අදහස් කලේ ඔයාට ඉන්නේ ටාටා විතරයි කියලා?"
"ජන්කුක් ට ඉන්නවා ජිමින්, මට ඉන්නේ ටාටා."
"ඔයා ඇත්තටම එයාව ජිමින් ට දුන්නාද?"
"ජන්කුක් ව?"
"නෑ ටාටා ව"
මං ඔළුව හෙල්ලුවා.
"දැන් ගොඩක් තනිකමයි..." මං කිව්වා.
යුන්ගී මාව තදින් බදාගත්තා මාව පුදුම වෙන විදිහට.
"මම දන්නේ නෑ ඔයා මේ වගේ දුකකි න් හිටියේ කියලා, මං දැනන් හිටියානම් මං ජිමින් ව මුල ඉදන්ම මෙහෙට අරන් එන්නේ නෑ"
"ඒක ට කමක් නෑ, ජන්කුක් ඉන්නේ ඇත්තටම සතුටින්," මං කිව්වෙ දුක හිනාවක් මගේ කටේ ඇදෙනකොටයි.
ඒත් එක්කම දොර ඇරැනා.
YOU ARE READING
My Hybrid | Taekook
Fanfictionජන්කුක් තමන්ගේ මිතුරැ හයිබ්රිඩ් ත් සමග වේලාව වැඩිපුර ගත කරයි... එයාට අයිත් එයාගේම හයිබ්රිඩ්, ටේහාන්, මේ දෙන්නා ලං වෙන එකට ඊරිසියාවෙන් ඉන්නවා. ටේහාන් මොකක් කරාවීද??! first of all, this story is not belongs to me, credits goes to original author...