උදේ නැගිටිද්දි ඇඟට දැනුනෙ පුදුම අමාරුවක්..
ඉවසන්න බැරි තරමටම බඩ රිදෙනකොටම මම තේරුම් ගත්තා හැමදේම..ඒක සීයට සීයක්ම පැහැදිලි වුණේ ඇඳට දාලා තිබ්බ ෂීට්එකේ තිබ්බ රතුපාට පැල්ලම දැක්කම..
අපොයි ඉවරයි!!!!
"අහ්..."මං කෙඳිරි ගාන ගමන් ඇඳෙන් වාඩිවෙලා බඩට අත් දෙක තියාගෙන වකුටු වුණේ මට එතරම්ම වේදනාවක් දැනුන නිසා..
මං දැන් මොකද කරන්නෙ??ආයිෂ්..ෂිට්..
මේ මඟුලත් අදම හැදුණානෙ...
මට දැනුනෙ මගෙ ඇඟ ඇතුලෙ ලොකු තුවාලයක් තියෙනවා වගේ..ගර්භාෂයම කඩන් වැටෙනවා වගේ රිදුමක්..
කොච්චර වෙලාවක් මං ඒ ඉරියව්වෙන්ම හිටියද මන්දා..පොඩ්ඩක් හරි මං ඉන්න විදිහ වෙනස් වුණෙත් ආයෙමත් මුල ඉඳන්ම බඩ රිදෙන්න ගන්නෙ පුදුමාකාර විදිහට..
ඒත් දිගටම මෙහෙම ඉන්න බෑනෙ..මම ඇඳෙන් බැහැලා බිත්තියටත් වාරු දීගෙන ඇවිද්දෙ අප්පාව හොයාගෙන..
අමාරුවෙන් ඇවිදගෙන ගිහින් අප්පාගෙ රූම් එක ගාවට ගිහින් නතර වුණේ වහලා තිබුණ දොර දිහා බලාගෙන..අප්පා තවමත් නිදි වගේනෙ..එයාට කරදර කරන එක හොඳයිද..??
ඒත් වෙන කරන්න දෙයක් නෑනෙ..
මං දොරට තට්ටු කරේ වෙව්ලන අත්වලින්...
"අ..අප්පා..ඔයා ඉන්නවද??"මගේ කටහඬ පවා දුර්වල වෙලා ගිහින් තියෙනවා කියලා මට තේරුම් ගියා..මං දොර ගාව බිත්තියට හේත්තු වුණේ අප්පා දොර අරිනකම්..
ඒ එක්කම වගේ අප්පා දොර ඇරියෙ ලොකු ඈනුමකුත් යවන ගමන්..මාව දැක්ක ගමන් අප්පා පුදුම වෙන්න ඇති..මොකද වෙනදට අප්පා යුනි එකට යනකනුත් මං නිදාගන්න නිසා..
"හෙයිමියා..ඇයි මේ උදෙන්ම නැගිටලා??"අප්පා ඇහුවෙ මං ළඟට එනගමන්..මං උත්තර නොදී අප්පා දිහා බැලුවෙ වේදනාකාරී බැල්මකින්..
අප්පාටත් මගේ වෙනස තේරෙන්න ඇති..එයා මං ගාවට ඇවිත් මගෙ උරහිස් දෙකෙන් අල්ලගත්තා..
"හෙයිමි..ඇයි පැටියෝ මේ??මොකද ඔයා සුදුමැලි වෙලා??"අප්පා ඇහුවෙ මගෙ කම්මුල් දෙක අප්පාගෙ අත්වලට අරගෙන..
YOU ARE READING
Who Are You? | Jungkook Centric | Onhold
Fanfiction"කවුද තමුන්?"අප්පා ඇහුවෙ මගෙ බෙල්ලෙන් තදට අල්ලගෙන.. "යාහ්...ජොන් ජන්ග්කුක්..මං තමුන්ගෙ දුව.."මම උත්තර දුන්නෙ හිතේ තිබුණ පටලැවිලි සේරම එකතු කරලා.. මං කියපු දේ අහගෙන හිටපු අප්පා හිනාවෙන්න ගත්තෙ පිස්සුවෙන් වගේ..මම කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව බලාගෙන හ...