Chapter 10

684 104 67
                                    

"exam ලේසිද බෙකී..."

"නේ ඔන්නි..."

"ම්... ඉන්න ඔයාගෙ මහ ලොකු යාළුවා ඉල්ලනවා මන් ෆෝන් එක දෙනවා... බායි"

"බායි..."

"කොහොමද exam කෙල්ලෙ... ඔක්කොටම ලිව්වද ම්?"

"නේ... නේ... යුංගි... වදේනෙ අප්පා..."

"ම්... අද අපි ගමනක් යමුද? මං mrs.Yun ගෙනුත් අැහුවා..."

"ම්... කොහෙද? ඔන්නිත් එනවද?"

"එයාට නං එන්න බෑනෙ බං... යන ගමන් මං කියන්නං කොහෙද යන්නෙ කියලා ම්?"

"හා හා..."

"එහෙනං දැන් මං එනවා.. ලෑස්ති වෙලා ඉන්න.."

"කේ"

තරුණිය නාන කාමරය වෙත පිටවූයේ දුරකථනය විසන්දි කිරීමෙන් අනතුරුවය. මද වේලාවකට පසු අැය නාන කාමරයෙන් පිටතට පැමිණියේ ධවල පැහැයෙන් යුත් ගවුමක් හැඳගෙනය. අැය තම බෑගයද රැගෙන සාලයට පැමිණියේ මින් ගුරුතුමාව බලාපොරොත්තුවෙනි.

"ඔහ්... යුංගි ඔයා කලින්ම අැවිල්ලා"

"අපි එහෙනම් යමු නේ"

"හ්ම්"

තම ගුරුතුමා සමඟ නිවසෙන් පිටවූ තරුණිය ඔහුගේ මෝටර් රථයට ගොඩවිය. පැය බාගයක පමණ ගමනකින් පසුව හුරුපුරුදු ගොඩනැගිල්ලක් අසල වාහනය නතර කල ගුරුතුමා දෙස තරුණිය නෙත් යොමා සිටියේ විශ්මයෙනි.

"යූංගි අැයි අපි?"

"අම්... ඔයාට කෙනෙක්ව බලන්න තියෙනවා"

"ඔහ්?"

"ගිහිල්ලම බලමු"

මද සිනහවකින් අැයට සංග්‍රහ කරමින් ඔහු පැවසුවේ රථයෙන් පිටතට යන විටය. අැයද ඔහුගේ පිටුපසින් ගොඩනැගිල්ල තුලට පිවිසියාය. විදුලි සෝපානයක් තුලට අැතුලු වූ මින් ගුරුතුමා තරුණියත් අා කල එහි තිබූ බොත්තම් කිහිපක් ඔබන්නට විය. හත් වන මහල යනුවෙන් තිරයේ දිස් වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා පිටතට පැමිණියත් තරුණියගේ මුහුණේ විශ්මයට අමතරව නොසන්සුන්කමක්ද විය.

කොරිඩෝවක් දිගේ ඉදිරියට පැමිණි ඔවුන්ට දැක ගත හැකි වූයේ හුරු පුරුදු රුවකි. නමුදු වෙනදා තරම් ප්‍රියමනාප බවක් ඔහු තුල ගැබ් වී තිබුනේ නැත.

Love me too [Completed]Where stories live. Discover now