❤💚Yizhan ❤💚
Episode 1💚❤
දවස තිස්සෙම පිස්සු නටලා නටලා හෙම්බත් වෙලා ගෙදර එනකොට රෑ 10ත් පහු වෙලා... මමයි ඩැඩයි අයියණ්ඩි දොරට අඩ තියං මග බලාගෙන ඉන්න කොට මං ඈත තියාම දකිනකොට ...දැනුණේ මගේ මේ පුංචි ම පුංචි හිතට චකිතයක්.. මම අතට හුස්මක් පිඹල ඉබලා බැලුවා බීපු සුවඳක් එහෙම දැනෙනවද කියලා.. මොකද අම්මට කෙසේ වෙතත් අයියණ්ඩි ගෙන්නන් ගැලවුමක් නැහැ...උ කට ඇතුලට මූණ දාලා හරි හොයාගන්නවා යන්තම් හරි සුවඳ දැනුනොත් කියලා මං මගදී හැක්ස් පෙති දෙකක් හපපු නිසා හොඳට ගියා...
මදැයි ඉලන්දාරියා ගෙදර එන වෙලාව මමා එහෙම කියද්දී ඩැඩා මට රැව්වා... මමාගේ ගේ කටහඬ නම් කෝප්පයක් ගෑවිලා තිබුණෙ ම නෑ... එයා ඉතිං පුප්පන්නේ ඩැඩාට..
කොහොමද මල්ලි රේස් එක මොකද උනේ අයියා ඇහුවා... අම්මා ඒ ගැන නම් කියලා වැඩක් නෑ සුපිරි ....
.
හරි හරි දැන් ඔය කවුරු කවුරු එකද ඔය රේස් එක බලන්න ගියෙ...අයියා අහද්දි..වෙන කවුද ඉතින් පොඩි කාලේ ඉදන් ඉන්න අතිජාත මගේ මිත්‍රයො ටික එක්ක මිසක්...
හා හා දැන් ඉතින් ඒ කතාව නවත්තලා ගිහිල්ලා වොෂ් එකක් දාගෙන නිදාගන්න අපිටත් නින්දක් නෑ රෑ තිස්සේ රෝන්දේ යනවා..ඩැඩි පොඩ්ඩක් සැරෙන් කියද්දි මං ගැස්සිලා ගියා... හැබැයි එක හොඳක් කියන්නේ මං කොච්චර පිස්සු නැටුවත් ඩැඩි කියන්නේ නම් කොලු කාලේට ඔහොම තමයි කියලා..
ඩැඩ් තමයි නරක් කරනනේ මෙයාව ඕනා ට වඩා හුරතල් කරලා..මමා හුගක් වෙලාව්ට ඩැඩාට දොස් පැවරුවා මගේ නසරානි වැඩ නිසා..
කාමරයට ගිහින් ඇඳුම් මාරු කරන ගමන් සාක්කු හිස් කරද්දි අර අයිඩ් එක මට ආයෙමත් මගේ අතටහම්බුනා..ඕනකමින් එක දිහා බලාගෙන හිටියේ මට ඒ ඇස් සිහින් දිගැටි හිනා වෙන ඇස් දෙක මැවිලා පෙනෙද්දි නොදැනුවත්වම මගේ මුවට හීන් හිනාවක් නැගුණා ...
හා හා හොරේ දැනුනා... මං අයිඩී එක දිහා කොච්චර ඕනෑකමින් බලාගෙන හිටියද කියනවනම් අයියන්ඩ් පිටි පස්සෙන් ඇවිත් උදුරගන්න කම් මට දැනුනේ නෑ ...
මෙහෙ දෙනවා ඕක ..මං අයියා ලඟට පැන්නා ඒත් ඔහු ඉක්මනට එළියට දිව්වා.. අම්මා මේ බලන්න...ඔහු පොඩි එකෙකුමෙන් කෑගහනවා මට ඇහුනා..පුත්තලම් බූරූවෝ හත් දෙනෙක්ගේ වයස ....කුවාන් ...