part 14

3K 400 24
                                    

එදා හැමෝම හිටියේ ගෙදර....

හැබැයි ගෙවල් දෙකේම තත්ව දෙක වෙනස් උනා...

එක ගෙදරක නම්ජුන් යුන්ගි දෙන්නා ටේගේ කලබල වෙලා තියෙන හදවත සංසුන් කරන්න හදද්දි අනිත් ගෙදර ජන්කුක්ව ගෙදරින් එලියට එක්ක යන්න ජින් ජිමින් දෙන්නා ලොකු අරගලයක....

🐹: කුක්..අනේ තව පැය තුනයි තියෙන්නෙ...අපිත් එක්ක යන්න එන්නකෝ...

🐰: හියුන්ග් මට බැහැ අනේ....මට එලියට යන්න ඔනි නැහැ...තවත් එලියට යන්න එන්න කියලා වද දෙන්න එපා...මං නිදි බායි බායි...

කියලා ජන්කුක් විසි වෙනි පාරටත් ඇඳන් රෙද්ද පෙරවගෙන නිදා ගන්න ලෑස්ති උනා...

එත් ඉතිං ආයේත් bedsheet එක ජන්කුක්ගේ ඇඟෙන් ඇදපු ජිමින්...

🐥: කුක්...අනී එන්නකෝ....අපිට තනියම යන්න බැහැ නේ....

🐰: ජිමිනී ඔයාත් දැන් පටන් ගත්තා ? අනේ මට ඉන්න දෙන්නකූ...ඇයි මාව බලෙන් එක්ක යන්නේ...

කියලා ජන්කුක් ඇඳේ ගුලි උනාම ජින් ජිමින් දෙන්නා මුහුනට මුහුන බලන් ඔලුව වැනුවා...

ජින් ජන්කුක්ගේ අත් දෙකෙන් උස්සලා අල්ල ගද්දි ජිමින් ජන්කුක්ගේ කකුල් දෙකෙන් අල්ලන් කෙලින්ම එක්ක ගියේ bathroom එකට....

දඟල දඟල ඉන්න ජන්කුක්ව ඇඳුම් පිටින්ම shower එක යටට ගිහින් දැම්ම ජින් ,ජිමින් දෙන්නා ජන්කුක්ගේ මුහුන අත පය අතුල්ලන්න ගත්තේ ජන්කුක්ගේ හම රතු පාට වෙන්නමයි......

කොහොම හරි පැය භාගෙට විතර පස්සේ bathroom එකෙන් එලියට ආවේ රතු පාට වෙලා හම ගහලා වගේ ඉන්න ජන්කුක්කුයි හොඳටම හෙම්බත් වෙලා හති ඇර ඇර එන ජිමින් ජින් දෙන්නායි....

කාමරේට ආපු හැටියේ ජන්කුක් හැදුවේ bathrobe එක පිටින්ම ඔම්මා ලඟට දුවන්න...මොකද මේ මොහොතේ ඔම්මා විතරයි එයාගේ පිහිටට ඉන්නේ...

Stranger next door ( Completed ✅)Where stories live. Discover now