part 19

2.3K 365 26
                                    

ටේ එන්න කලින් උදේන්ම කොලේජ් එකට ආපු ජන්කුක්, bam bam එක්ක සෙට් වෙලා බලන් හිටියේ ටේ එනකන්....

🕴️: කුක් මං අහන්නේ ඔයා මේ කරන දේ හරි කුක්...පොඩ්ඩක් ආයේ හිතලා බැලුවොත් නරකද?

🐰: ටෙටේ හියුන්ග් දැන ගන්න ඔනී එයාව වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැක්කම මට දැනුන දේ මොකක්ද කියලා....

🕴️: එත් එයා පස්සේ ඔයාගෙන් සමාව අර ගත්තා නේ කුක්....එයාත් ඔයාට කැමති කියලා කිව්වා නේද?

🐰: හ්ම්ම්ම් කිව්වා නම් තමා..එත් මං එයා එක්ක තාමත් තරහයි...

කියලා ජන්කුක් අත් දෙකත් පපුව ඉස්සරහින් බැදගෙන අහක බලා ගත්තා.......

කලින් දවසේ intervel එක වේලාවේ ජිමින් වගේම ජන්කුකුත් bambamට හැමදේම ගැන කිව්වා.....

මුලින් එක පාර bambam ජන්කුක්ට උදව් කරන්න කැමති උනාත් ජන්කුක්ගේ කතාව අහපු වේලාවේ ඉදන් bambam ඒ දේට පොඩ්ඩක්වත් කමැති උනේ නැහැ......

එයා කොච්චරවත් ජන්කුක්ට කිව්වත් ඒ දේ නවත්තලා ටේට තව අවස්ථාවක් දෙන්න කියලා ජන්කුක් ඒ හැමවේලාවෙම කරේ තනි මතේ තීරණ ගත්ත එක විතරයි.......

විනාඩි පහලවකට විතර පස්සේ ටේ කොලේජ් එකට ආවේ එයාගේ තරහ පාලනේ කර ගන්න බැරුව ජන්කුක්ට ඊයේ පොඩ්ඩක් කෑගහපු ඒකට සමාවත් අරගෙන ඒකට හරින්න ජන්කුක්ගේ පුංචි හිත හැදෙන්න කියලා චොක්ලට් එකකුත් අරන්....

ඈත ඉදලාම කොරිඩෝ එක දිගේ එන අඩි 6ක් විතර උස ටේව ජන්කුක් දැක්කාත් අඩි 5'2ක් උස පුංචි ජන්කුක්ව ටේට දකින්න ටිකක් අමාරු දෙයක් උනා....

එක දිගට මන්තරයක් වගේ ජන්කුක් කරන දේ නවත්තන්න කියලා කියවන bam bam ගේ අතින් ඇද්ද ජන්කුක් එතනම බිත්තියකට එයාව හේත්තු කරලා තද කරලා බදා ගත්තේ bambamට හිතන්නවත් කාලයක් නොදී...

Stranger next door ( Completed ✅)Where stories live. Discover now