part 22

2.6K 363 21
                                    

මුලු කොලේජ් එකේම ලමයි එදා එයාලා ආදරේ කරන අය අතර තෑඟීබෝග මාරු කරගද්දි තවත් සමහරු තමන්ගේ හිත් වල මාස ගනන් හෝ අවුරුදු ගනන් හංගන් හිටිය හැඟීම් එයාලා ආදරේ කරන කට්ටියට ප්‍රකාශ කරන්න ගත්තා....

උදේ පාන්දර ලොකු වාහානේකින් හීල්ස් දෙකත් දාගෙන කොලේජ් ගෙට් එක ලඟින් බැස්ස ටිෆනීත් අනිත් ලමයි වගේම එයාගේ අතේ තිබ්බ රෝස මල් පොකුරත් චොකලට් එකත් අරන් ගියේ එයාට ඔනී කරන එක්කෙනාව හොයාගෙන.....

ඔය අතර ටේත් වේලාසන කොලේජ් එකට ආවේ තමන්ට දැන් සම්පුර්ණයෙන්ම අයිති නැති බව දැනගෙන හිටියත් එයාගේ පැත්තෙන් එයා තාමාත් ආදරේ කරන කෙනාට ගත්ත තෑග්ගත් එක්ක.......

ගුරු මේසේට වෙලා එදා දවසට ලමයින්ට කරන්න ඔනී පාඩම ගැන බල බල හිටිය ටේගේ අවදානේ බිඳිලා ගියේ ඈත තියාම ඇහුන හීල්ස් දෙකේ සද්දෙට....

ටිකකින් පංතියේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුන නිසා ටේ පොතෙන් මූන ගන්නේ නැතුවම ඒ කෙනාට ඇතුලට එන්න අවසර දුන්නා....

කලින් ඇහුන හීල්ස් සද්දේම ආයේ ඇහුන එකෙන් ටේ එයාගේ ඇස් දෙක වහ ගත්තේ ඇවිත් ඉන්න කෙනා කවුද කියලා මුහුන නොබලාම ටේට කියන්න පුලුවන් උන නිසා...

🐯: ටිෆනී , ඇයි හදිස්සියක් ?

🦋: එහෙම හදිස්සියකට නෙමෙයි සර්... මට ටිකක් ඔයා එක්ක කතා කරන්න පුලුවන් ?

ටිෆනී දිහා බලපු ටේ ඔලුව වනලා එයාගේ සම්පුර්ණ අවදානේ ඉස්සරහ හිටන් හිටිය ටිෆනීට දුන්නා...

🐯: මොකක්ද කියන්න තියෙන්නෙ...

කියලා ටේ අහද්දි ටේගේ මේසෙ උඩට ඇස් ගෙනිච්ච ටිෆනීට සතුටු හිතුනේ ඒ මේසෙ උඩ පොත් ටිකයි අකුරු කියවන්න දාන කණ්ණාඩි දෙකයි ඇරෙන්න වෙන මුකුත්ම නොතිබ්බ නිසා...

🦋: සර්ට කාගෙන්වත් රෝස මල් හම්බුනේ නැද්ද....?

🐯: අනේ නැහැ දරුවෝ..මට කවුරු කියලා රෝස මල් ගෙනත් දෙන්නද....

Stranger next door ( Completed ✅)Where stories live. Discover now