හරිම නිස්කලංක පැත්තක තමයි හොස්ටල් හදලා තිබුණේ.. කොරියන් වල තිබුණ හොදම යුනිවසිටි එක නිසා වෙන්න ඇති සැප පහසුකම් අතිනුත් මේක ගොඩක් ඉහලින් තිබුණා.. ටවල් එකත් අරන් බාත්රූම් එක ලගට ගියපු ටේහ්‍යුන් සපත්තුවත් ගලවලා නැතුව එයාගෙ ඇග උඩට වෙලා ඇස් පියන් ඉන්න ජිමින් දිහා යන්තම් බලලා බාත්රූම් එක අස්සට ගියා..
පැය බාගෙකින් විතර ටේ දිග කලිසමකුත් අත් දිග ටීශර්ට් එකකුත් ඇදන බාත්රූම් එකෙන් එලියට ආවා.
ජිමින් තාමත් ඇද උඩ ඒ විදිහටම වැතිරිලා..
ඔයා හෝදගන්නේ නැද්ද. ටේහ්‍යුන් ජිමින්ට ඉදිරියෙන් හිටගෙන අහද්දී ජිමින් හෙමින් ඇස් ඇරියා.. ඒ ඇස් රතුවෙලා. හරියට බීපු මනුස්සයෙක්ගේ වගේ..
ජිමින් ඔයා හොදින්ද.. ටේහ්‍යුන් ටිකක් බයෙන් අහද්දී ජිමින් යන්තම් හිනා උනා..
ගානක් නෑ. මට කෙනෙක් මතක උනා. ජිමින් ඇදේ ඉදගෙනම තමන්ගේ බෑග් එක ඇද්දා..
මන් හෝදගෙන එන්නම්.. කියන්න ඕනි දෙයක් හිතාගන්න බැරුව තමන් ඉස්සරාඅ හිටන් ඉන්න ටේහ්‍යුන්ගේ උරහිසට තට්ටුවක් දාපු ජිමින් හෝද ගන්න ගියා..
පැය බාගෙකින් විතර එලියට ආපු ජිමින් කලින් හිටිය දගකාර චරිතෙම උනා.. ටේහ්‍යුන්ට ඕනි උනත් ජිමින්ගේ ඇස් රතු උන කාරනාව දැනගන්න එයා නිගමනය කලා ඒ මතක් උන කෙනා එයාගෙ ඇස් පිරිසිදු කරන්න හේතුවක් වෙන්න ඇති කියලා.
රාත්‍රි 7 වදින්නත් කලින් කැන්ටිම ලගට දුවපු ටේමින් ඩබල පැය භාගෙකට වඩා හිනාවෙවී කෑම කෑවා.. රාත්‍රි අහසේ සුන්දරත්වය විදින ගමන් ටේහ්‍යුන්ගෙ ලගින්ම ඇවිදන් ගියම ජිමින් එක පාරටම තමන්ගේ ගමන නතර කරලා ටේහ්‍යුන් දිහා බලලා හිනා උනා..
ටේහ්‍යුන්. ආපු වෙලේ ඉදන් ටේ ටේ කියලා කතා කරපු ජිමින් තමන්ගේ සම්පුර්ණ නමින් කතා කරපු නිසා ටේහ්‍යුන් ටිකක් ගැස්සුනා.. ඒත් ජිමින් ආයෙම ටේ එක්ක හිනා උන නිසා ටේහ්‍යුන් රිලෑක්ස් උනා..
මන් කෙනෙක්ට ආදරේ කරා.. ජිමින් ටේහ්‍යුන්ගේ ඇස් දිහා එක එල්ලේ බලන් කිවුවා.. එයත් මට ආදරේ කරා. ජිමින් හිනා උනා..