CHAPTER 03

447 169 18
                                    

පහුවදා උදෙ හතරට නැගිටලා වතුර පෝලිමේ ඉන්න උනා මට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පහුවදා උදෙ හතරට නැගිටලා වතුර පෝලිමේ ඉන්න උනා මට.. ආපහු එද්දි හය උනු නිසා මට කෑම හදාගන්න වෙලාවක් තිබ්බේ නෑ.. ඒ තරම් පෝලිම.. දෙතුන් වතාවක් ගිහින් එද්දි හරි ඉතින්..

ඉක්මනට ලෑස්ති වෙලා හයහාමාරට මම ගෙදරින් ආවේ හෙමින් හෙමින් ඇවිල්ලා සෙනඟ අඩු බස් එකක නගින්න ඕනේ නිසයි.. නැත්නම් මට තියෙන ඇඳුම් දෙක තුනත් ඉරිලම යයි සෙනඟ ගොඩේ තෙරපි තෙරපි එහෙ මෙහේ පැටලිලාම..

.

-" දන්නවද හරූ... මං අර අලි ඔලුවට ගහනවා කොයි වෙලේ හරී.."

- කොරයි කියලා තමා බය...

ඇන්ඩි කියද්දි හිනා වෙවී ඒකට උත්තර බැන්ඳේ ජන්ග්කුක්.. අපි ලෙක්චර් හෝල් එකට යන්න කලින් ඇන්ඩි එක්ක මුලු බාස්කට් බෝල් ස්ටේඩියම් එකම සුද්ද කලා.. ඒ අස් කරලා යද්දි අපි දෙන්නට පරක්කුත් උනා.. පළවෙනි දවසෙම පරක්කු උනාට බැනුමකුත් අහන් මායි ඇන්ඩියි ලෙක් එක අහගෙන හිටියා..

එතකොට අර ජන්ග්කුක්..!

ඒ මෝඩයා කලේ බිම පෙරලි පෙරලි මට හිනා උනු එක විතරමයි.. මට මහ තරහයි ජන්ග්කුක් එක්ක.. වෙලාවකට මාත් ඒ වගේ උනා නම් හොඳයි කියලා හිතෙනවා.. එතකොට දුක් විඳින්න ඕනෙ නෑනේ.. ඒත් මට මැරෙන්න බෑ..

මට ඕනේ එක දවසක් හරි මං ආස විදියට ජීවත් වෙලා මැරෙන්න.. මං හිතන්නේ මේ ලෝකේ හැම මනුස්සයම දවසක් හරි එහෙම තමන්ට ඕනේ විදියට ජීවත් වෙන්න ඕනේ..


ලෙක්චර් එක ඉවර වෙලා ඇන්ඩි කැෆටේරියා එකට ගියා.. ඇන්ඩි කෑම කන්න ගියත් මම කෑවා කියලා එතනින් ආවේ මට කෑම කෑවොත් ආයෙ යන්න සල්ලි මදි නිසා.. ඊයේ ජින් සොම්බේ දුන්නු සල්ලි ටික මම තියාගත්තේ කොලේජ් එකෙ වැඩ වලට..

PRIMROSES || JJK Centric ✔️Where stories live. Discover now