'' ඒයි හෝසෝකා මේ ස්නැක් ටික ඔය ටේබල් එක උඩින් තියනව''
ජින් හයියෙන් කෑගැහුවේ මෙලෝ සිහියක් නැතුව වීඩියෝ ගේම් ප්ලේ කරන හෝසෝක්ට ඇහෙන්න.
''දේ දේ හියුන්''
'' දේ දේ තමා හියුන් ජින් හියුන් ඔයාට කී පාරක් කිව්වද ඕක ටේබල් එක උඩින් තියන්න කියල ඔයාට ගානක්වත් නෑනේ .පව් අපේ ජින් හියුන්''
ජන්කූක් එහෙම කියලා හෝසෝක්ගේ පිටට පාරක් ගහ ගෙනම පූල් එක පැත්තට දිව්වා.ගහපු පාර සැරට වැදුනු හින්ද කුකියට හොද වැඩක් කරන්න කියල හිතාගෙන පූල් එක ලගම හිටන් ඉන්න කුකියව පිටිපස්සෙන් ගිහින් පූල් එකට තල්ලු කරා.
''හියුන් මොකක්ද ඒ කරේ මගේ කුකියට''
ජිමින් එහෙම කියාගෙන හෝසෝක්වත් පූල් එකට තල්ලු කලා.පන්ඩිතයා වගේ හිටගෙන ඉන්න ජිමින් පිටිපස්සෙන් ටේ ගියේ ජිමිනව පූල් එකට තල්ලු කරන්න හිතාගෙන ඒක දැකපු නැම්ජින් ඩබල ජිමිනයි,ටේයි දෙන්නම වතුරට තල්ලු කරල ඒ දෙන්නත් වතුරට පැන්න.
කට්ටියම වතුරට පනින දිහා යුන්ගී බලාගෙන හිටියේ මන් නම් මේ කපේකට වතුරට බහින්නේ නෑ කියන්න වගේ. ඉක්මනට ගොඩට ආපු නැම්ජින් ඩබල ඇස් පියාගෙන හිටපු යුන්ගියාව උස්සල වතුරට දැම්මේ යුන්ගියට හිතන්නවත් ඉඩ නොතියා. පස්සේ ඒ දෙන්නත් වතුරට පැනල නටන්න ගත්තා.
.........................................................................
''ඔම්මා ඇයි ඔයා මන් බෑ කියද්දිත් මේ ගමන එව්වේ. අද මන් ආවේ නැත්තන් මට මෙහෙම වෙන්නේ නැහැනේ''
ආරා එහෙම කියාගෙනම තවත් ගුලි වුනේ සීතල වැඩිකමට.අතේ මාලයක් තියනව කියල මතක් වුනේ මාලේ කොනක් අතේ ඇනිච්ච පාරට
''ආව්''
එහෙම කියාගෙනම ආරා මාලේ දිහා බැලුවා. වතුර යටදි මාලයක් වගේ දැක්කට ඒක මාලෙකට අමුනපු පොඩි පොකට් ඔරලෝසුවක්.ඔරලෝසුවේ පියන ඇරපු ආරා දැක්කා ඒකේ වෙලාව නැවතිලා තියනව.ආරා බෑග් එකෙන් පෝන් එක ඇදල ගත්තේ වෙලාව බලන්න කියල හිතාගෙන .වෙලාව 10.34 යි.පෝන් එක සාක්කුවට දාගත්තු ආරා වෙලාව හදන්න කියල ඒකේ කටු කැරකුවා .ඔරලෝසුවේ වෙලාව 10.34 කියල හදද්දිම ආරා ඉස්සරහින් මතුවුනේ එයා කවදාවත් බලාපොරොත්තු නොවුනු විදිහේ දෙයක්.
YOU ARE READING
POCKET WATCH
Fanfictionජීවිතේ කියන්නේ අහබුවක්, අපි කවදාවත් නොපතන , නොසිතන දේවල් අපිට ලැබෙන්න පුලූවන්, ඒ අතරේ ඔයාට පුලුවන් වුනොත් කාලය හරහ යන්න. අවකාශය හරහ ඕනම තැනකට යන්න ඔයා කොහෙටද යන්නේ මේ මිත්යාවක් නොවූ ඇගේ කතාව, ඇයට කවුරුන් මුනගැසේවිද?