°°Pirate of the Atlantis°°
Chapter 05•
පාන්දර පායමින් තිබ්බ හිරු ක්ෂිතිජය ඉමේ එක පැත්තකින් පෙනෙද්දි අනිත් පැත්තෙන් පුංචි දූපත තියෙන හැටි පසී බලන් හිටියෙ හිස් හැඟීමෙන්... තවමත් බැහැලා නොගිය හදත් තරුත් පසී ඔළුවට උඩින් අහසෙ යාන්තනට බැබලෙමින් තිබ්බා.
මුහුදු ලිහිණියන්ගෙ හඬ තවමත් පසීගෙ කන්වල රැව් පිලිරැව් දෙනවා. ලුණු මුසු වුණු මුහුදු සුළඟට එක දිගට දවස් දෙකක්ම නිරාවරණය උණු නිසාම පසීගෙ හම අමුතු වෙලයි තිබ්බෙ. උදේ මුහුදු හුළඟට කොණ්ඩ කැරළි රඟ දෙද්දි සුසුමක් හෙලපු පසී නැවේ අත්වැලට බරවෙලා ඇස් පියාගෙන ලොකූ හුස්මක් උඩට ගත්තා.
ජීවිතේ හරියට මුහුද වගේ...
උස් පහත් වීම්, රළු සියුමැලි වීම් ,
නිසල චණ්ඩ වීම් අතරෙ මුහුද එක එක එක වෙලාවට එක එක හැඩ ගන්නවා...
ඒත් ලොකුම දේ ඒක නෙවෙයි!
අපේ ජීවිතේ හැම දෙයක්ම මුහුදු රළ වගේ වෙලා තියෙන එකයි ලොකුම දේ...අපිට මුණ ගැහෙන මිනිස්සු,
අපිට ලැබෙන නොලැබෙන දේවල්,
අපේ ජයග්‍රහණ,
අපිට අතාරින්න බැරි දේවල්...
මේ සේරම මුහුදු රළ වගේ...
මුහුදු රළ වෙරළ හොයන් ආවට රැදෙන්නෙ නැහැ වගේ
අපේ ජීවිතේ ඔයවගේ ගොඩාක් දේවල් අපිට ලැබුනට ලඟ රැදෙන්නෙ නැහැ...ඔයවගේ දාහක් සිතුවිලි අතරෙ පසී අතරමං වෙද්දි නැවේ සුක්කානම ගාව ඉදන් පසී දිහා කැප්ටන් ජිමින් බලන් හිටියේ හිතේ මොකද්දෝ තියාගෙන. ඒත් හිතේ තියෙන්නෙ මොකද්ද කියලා ජිමින්ටම තේරුමක් නෑ...ඇස් පියාගෙ පපුව පුරා ලොකු හුස්මක් ගනිපු පසීගෙ දසුන ජිමින්ගෙ හදවත කළඹපු පුංචි කුණාවක් වගේ කියලයි ජිමින්ට හිතුනේ.
මුහුදු හුළග එක්ක ඔට්ටු වෙන පසීගෙ කළුපාට කොණ්ඩෙත් ළා රෝසපාට දෙතොලත් ජිමින්ට මොකද්දෝ දෙයක් අගවන්න උත්සාහ කරනවා කියලමයි ජිමින්ට හිතුනේ...ඉතින් ජිමින් කලබලෙන්ම පසීගෙන් ඇස් අහකට ගත්තෙ තමන්ගෙ හිතට තරවටු කරගනිමින්.
තමන්ගෙ කැප්ටන්ගෙ කවදාවත් නැති මේ වෙනස දැනුනේ ජොජෝට විතරයි. ඉතින් ජොජෝ බොහෝම කැමැත්තෙන් කැප්ටන්ගෙ හිත යාන්තමට සසල කරපු පුංචි කෙල්ල ගාවට කිට්ටු උනා..
YOU ARE READING
Pirates of the Athlantis| PJM | Completed
Fanfiction" යා යුතු මග කුමක්දැයි නොඅසන්න කළ යුතු දේ කුමක්දැයි නොඅසන්න නුඹ නුඹටම සවන් දුන්විට එය නුඹටම වැටහී යනු ඇත "