3_

93 38 5
                                    

අවසානයේ නිහඬතාවයට තිත තබමින් ජිමින් කතා කළේ ය.

-"මං සංවත්සර සැමරුමට යන්නෙ නෑ."

ජිමින්ගේ ප්‍රකාශයත් සමග හෝසොක් කලබල විය.

-"මොනවද කියවන්නෙ? ඒක ඔයාගෙ හීනයක් නෙවෙයිද? අමතකද කොච්චර ප්‍රසිද්ධ අය ඒක බලන්න එනවද කියල. ඔයා හොඳට පෆෝම් කළොත් නර්තන අභ්‍යාස විද්‍යාලෙකට කොටු වෙලා ඉන්නැතුව ඉක්මනට ම ඔයාට ඉස්සරහට යන්න පුලුවන් වෙයි."

-"නවත්තගන්න. මට ඕනි නැත්තං මං යන්නෙ නෑ. ඒක මගෙ තීරණේ."

-"මේ වගේ වටින අවස්ථාවක් නැති කරගන්න තරම් ඔයාට තියෙන හේතුව මොකක්ද කියල මට කියන්න පුලුවන්ද ජිමින්?"

හෝසොක් තරමක් දැඩි නමුත් සාමාන්‍ය හඬින් ඇසුවේ ජිමින් දෙස එක එල්ලේ බලමින් ය.

-"ඒ හීනෙ මගෙ විතරක් නෙවෙයි. අපි දෙන්නගෙම හීනෙ. අපි මෙතනට ආවෙත් එකට. මෙතනින් යන්නෙත් එකට. එච්චරයි."

හෝසොක්ගේ හිස නැවතත් බිමට නැඹුරු කිරීමට ජිමින්ගේ වදන්වලට හැකි විය.

-"කීයටවත් ඒක මට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි ජිමින්."

හෝසොක් සිහින් හඬින් තෙපලුවේ ගිය වර සංවත්සර සැමරුම දින සිදුවූ සිදුවීම් පෙළ සිහිකරමින් ය.

-"උත්සහ කළොත් බැරි වෙන එකකුත් නෑ හෝසොකා."

හෝසොක්ගේ උරහිස මත දකුණත තබමින් ජිමින් පැවසුවේ මෘදු හඬිනි.

-"ඒක කවදාවත් කරන්න බැරි දෙයක්."

සිය උරහිසින් ජිමින්ගේ අත ඉවත් කර ගැඹුරු හුස්මක් ඇදගත් හෝසොක් පිටව ගියේය.


අඳුර තුළ මං මුළා වූවන් ඈතින් පෙනෙන ආලෝක ධාරාව දෙසට යාමට පවා දෙවරක් සිතන්නේ තමා තව තවත් අඳුර තුළ ගිලී යනු ඇතැ යි යන බියෙනි.

GLOOM  || JHS || ✅Where stories live. Discover now