Chapter |12|
ජන්කුක්ට මතක් වුනා ටේහ්යුන්ග් ගෙදර වැඩ කරපු විදිය...තමන්ව බලාගන්න උපරිම උත්සාහ කරපු විදිය...
එකපාරටම මොකක් හරි මතක් වුනා වගේ දකිද්දි ජන්කුක් ඉක්මනට ගෙදර කලින් CCTV ෆොටේජස් බලන්න ගත්තා...
ජන්කුක් එද්දි ටේහ්යුන්ගෙ මූනෙ ඇඳෙන හිනාව....
හැමදාම ඇඳපැලඳගෙන හොස්පිට්ල් යන විදිය...
මහන්සියෙන් ගෙදර ඇවිත් ගෙදර හැමවෙඩක්ම කරල කෑම හදන විදිය..කෑම හදලා ජන්කුක් එනකන් බලන් ඉන්න විදිය...
මේ හැමදෙයක්ම බලාගෙන ඉද්දි ජන්කුක්ට තව තවත් හයියෙන් ඇඬෙන්න ගත්තා....
ඒත් ජන්කුක් ටේහ්යුන්ග්ට හොඳටම කෑ ගහලා ගිය වෙලේ ටේහ්යුන්ග් අඬ අඬම බිම වාඩි වෙලා කෑ ගහන එක ජන්කුක් දකිද්දි ජන්කුක්ට හිතුනේ ජන්කුක්ගේ පපුව පැලිලා මෙතනම මැරිලා ගියානම් හොඳයි කියලා...
"කොහොමද මගෙ රත්තරන් මෙච්චර දේවල් දරාගත්තේ...😭"
කෑ ගහලා කෑ ගහලා අන්තිමට කැහැ කැහැ ලේ වමනෙ දාන විදිය..අමාරුවෙන් යන විදිය මේ හැමදෙයක් ම ජන්කුක් බලන් හිටියේ හෝ ගාලා අඬන ගමන්....
"ම් මට සමාවෙන්න මැනික....මට සමාවෙන්න...අන්තිම වෙනකන් මට ඔයාගෙ ආදරේ තේරුම් ගන්න බැරි වුනා....😭මේ පවුකාරයට සමාවදෙන්න මැනික....මට මැරෙන්න ඕනී..මට එන්න ඕනි මගෙ රත්තරන් ගාවට..මගෙ ටේ ගාවට මට එන්න ඕනේ😭"
ජන්කුක් අඬ අඬම ඇඳේ වකුටු වුනේ හැම අතින්ම තමන් වැරදියි කියලා ජන්කුක්ගේ හිත හෝ ගාලා කෑ ගහද්දී...
'මන් වෙනුවෙන් ජීවත් වෙන්න'
ඒත් ටේහ්යුන්ග් කියපු අන්තිම වාක්යය මතක් වෙද්දි ජන්කුක් නැගිට්ටා....
"ඔයා වෙනුවෙන් මම ජීවත් වෙන්නම් ටේ....ඔයා වෙනුවෙන්...මෙච්චර කාලයක් ඔයාව බලාගත්තෙ නැති වුනත් මම ඔයාගෙ අන්තිම ආශාව හරි ඉශ්ට කරනවා...ප්රොමිස් මගෙ මැනික..මම ජීවත් වෙන්නම්..ඒත් ඔයාගෙ මේ කූ...හැමදාම වැරදිකාරයෙක්ම තමයි ටේ...වැරදිකාරයෙක් විඳවන්න ඕනි...මම ජීවත් වෙන හැමතප්පරේම විඳවනව ටේ....විඳවනවා....ඒක තමා මට ලැබෙන්න ඕනෙ හරිම දඬුවම..."
කඳුලු හිමීට පිහදාගන්න ගමන් නැගිට්ට ජන්කුක් තමන්ටම කියාගත්තා....
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
ST ♡