1

757 86 1
                                    

මං හැමදාම වගේ හන් ගග ලග බංකුවෙ වාඩි වෙලා හිටියෙ බනානා මිල්ක් පැකට් එකක් උර උර..

මෙතන වෙනදටනං මං ඉන්නෙ අර කොටා එක්කනෙ.. අද ඌ නෑ.. ඌට කෙල්ලෙක් සෙට් වෙලා.. කමක් නෑ ඩුකක් නෑ.. මේ හා කොල්ලටත් කවදහරි කෙනෙක්ව හම්බෙයි නේ...

මං බීලා ඉවර උනු බනානා මිල්ක් පැකට් එක එතන තිබ්බ Dustbin එකට විසික් කරන ගමන් එතනින් නැගිට්ටා..

අදනන් අහස ගොඩක් අදුරු පාටයි.. හැබැයි වෙනදට වඩා තරු ගොඩක් පායලා දිලිසි දිලිසි තිබුනා..

"කොහෙද බේබි යන්නෙ මේ මහ රෑ.."

"හුරුබුහුටි කෙල්ලො මෙහෙම රෑට තනිම යන්න හොද නෑ.. නැද්ද මචන්.."

"ඒකනෙ එතකොට කරදර වෙන්න පුළුවන්න්...."

මට ඇහුනෙ කවුරුහරි දෙන්නෙක් ඔහොම කිය කිය හයියෙන් හිනාවෙනවා.. මං සද්දෙ ඇහෙන ඔලුව දාලා බැලුවෙ ඔය අනුන්ගෙ දේවල් හොයලා මට කොහොමත් පුරුදු නිසා..

කෙල්ලෙක්....

වටේ ඉන්න මිනිස්සු දෙන්නා එයාට කරදර කරනවා.. මූණ මිරිකනවා.. ගවුම ලෙහන්න හදනවා..

ඔය ටික හිතන්න විතරයි හම්බුනේ නිකන්ම මාව එතන්ට ඇදිලා ගියා..

💥💥💥

වේගෙන් ඇවිදන් ගිය මං එක මිනිහෙක්ගෙ කොලර් එකෙන් ඇදලා අරන් මූණ චප්ප වෙන්න පාරක් ගැහුවා..

ලේ එන නහයත් අල්ලන ගමන් අනිත් මිනිහා දිහපු බලපු ඒ යකා ඔලුවෙන් යමු කියලා පෙන්නුවා..
එසැනින් පැනපු මං අනිත් මිනිහගෙ ඇගට පැනලා බිම දාගෙන නෙලුවේ කෙල්ලෙක්ට මෙහෙම කරලා බය නැතුව පැනල යන්නත් හදන්නෙ මොන හයියකින්ද කියලා අහන ගමන්..

ඇතිවෙනකන් නෙලලා මගෙ ෂර්ට් එකත් පොඩි වෙනවා කියල දැනුන මං ඒකගෙ ඇග උඩින් නැගිටලා නහය පිරිමැදලා ඌ ටත් නැගිටින්න කියලා මූණෙන් කිව්වා..
එකපාරට අකුණ වගේ නැගිටපු ඌ මන් දිහා බැල්මකුත් බලලා.. අනිත් එකත් එක්ක පස්ස නොබලම දුවන්ගියා..

ෂර්ට් එකේ බොත්තම දාගන්න ගමන් මට ඇහුනේ ලාවට එන ඉකියක්......

අර කෙල්ල....

එයා හොදටම අඩනවා...
පොත් ටිකකුත් බදාගෙන ඉකි ගගහ අඩනවා.. මං සිං ගාලා කෙල්ල ලගට ගියා..

𝚂𝚒𝚕𝚎𝚗𝚝🥀 || Jjk [Short✔️]Where stories live. Discover now