05

255 58 0
                                    

' ඒ එයා'  හන්ගෙ ඇස් ගියේ නර්ස් දාලා ආව පේශන් දිහාවට... ෆුට්බෝල් ජර්සියක් ඇදං හිටියේ මෙච්චර දවසක් හන්ගෙ ඇස් හෙව්ව කෙනා..

' ලී මින්හෝ....'  හන් හිතිං හිතනකොට ආශ්චර්යයක් වගේ ඇදේ හිටිය මින්හෝ හන් දිහා බැලුවා..

ඒ ලොකු චොක්ලට් පාට ඇස් හන්ගෙ දිග ඇස් එක්ක විනාඩි ගානක් එකට ගැටිලා තිබ්බා... ලැජ්ජාවෙන් රතු උන මුණෙන් හන් අහක බලාගත්තත් අන්තිමට එයාට සිද්ධ උනේ මින්හෝට එහා පැත්තෙ තියෙන ඇඳට යන්නයි.

ප්‍රැක්ටිස් අතරදි යකඩ කනුවක් මින්හෝගෙ කකුලට වැටිලා තිබුනා... එක කකුලක සම්පුර්ණයෙන්ම අස්ථි බිදීමක් වෙලා තිබුන නිසා එයාට කොමත් තව දවස් දෙකක් විතර යනකං ඇවිදින්න වෙන්නෙ නැති බල ඩොක්ටර් කිව්වා..
ඒත් හන්ගෙ තුවාලයක් පේන්න තිබුනෙ නැති නිසා ස්කෑන් එකක් කරන්න වෙයි කියල ඩොක්ටර් කියලා ගියා.

ටික වෙලාවක් යනකොට නර්ස් ඉතිරි වෙන්න හැමොම රෙස්ට් රෑම් එකෙන් යන්න ගියා.

හන්ගෙ පපුව හයියෙන් ගැහෙනවා.... ඒ සද්දෙ සමහර විට මින්හෝටත් ඇහෙනව ඇති කියලා එයාට හිතුනා..
ඒම වෙන්නෙ කවදාවත් නැතිව කොල්ලෙක් එක්ක මේම තනියම ඉන්න උන එකටද නැත්තං ඒ කෙනා මින්හො ම උන නිසාද කියලා එයාට දැනුමක් තිබුනෙ නෑ.

මින්හෝ උගුර පාදපු නිසා තව ටිකක් ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු උන හන් අහක බලාගත්තා.

: මගේ නම දන්නෙ කොමද?
කිසිම ආචාරශිලිත්වයක්  නැතිව මින්හෝ ඒම අහනකොට හන් ටිකකට ඒ පැත්ත හැරුනේ මොනා උනත් මේ කෙනාට ලොකු කම දාන්න එයාට ඕන උනේ නැති නිසා.

ඒත් හන්, මින්හෝ දිහා බලනකොට මින්හෝ ට වචනත් පැටලෙන්න ගත්තා.

'ඕම බලන්න එපා මනුස්සයෝ'  මින්හෝ හිතින් හිතුවත් ඒක හන්ට තේරුනා. එයා ආපහු හිමින් හිනා වෙලා අහක බලාගත්තා.

වැඩි වෙලාවක් යන්න කලින් දෙන්නටම තේරුනා  ඒ දෙන්නා, ඒ දෙන්නා ගාවදි සෑහෙන්න අසරණ වෙනව කියල.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

🍃

Soul [Minsung] ✅ Where stories live. Discover now