Chapter 8

157 33 4
                                    

ජින් පැය දෙකාමහරක් විතර නාන කාමරේ ඇතුලට වෙලා හිටියා. තනියම ඇඩුවා හිනාවුණා කෑගැහුවා ඒ කොහොම හරි එයා හිත නිදහස් කරගත්තා. කරාමේ ඇරපු නිසා තමන් ඇතුලෙ කරන කිසි සද්දයක් එලියට ඇහෙන්නෙ නෑ කියලත් ජින් දැනගෙන හිටියා. ඇදගෙන ඉදපු තෙත ඇදුන් මාරු කරලා නාන කාමරේම තිබුණු කොට ෂෝටකට බැනියමක් දාගෙන ජින් එලියට ආවා. එතකොටයි එයා දැක්කෙ කාමරේ ඇද උඩ ගුලි වෙලා නිදාගෙන ඉන්න ටේව... ටේ ඉන්න විදිය දැකලා ජින්ට හිනා යන්න වගේ ආවාත් එයා අමාරුවෙන් හිනාව ගිලගෙන ගිහිං ටේ ඉන්න තැනින්ම හාන්සි වුණා....

ජින්ගෙ හිතේ වගේම ඇගේ තිබුණු මහන්සියත් ඒ වෙනකොට ගිහිං තිබුණෙ. එයාටත් එහෙමම නිදාගන්න ඕන වුණත් එතකොටයි එයාට මතක් වුණෙ ටේයි එයයි දෙන්නම තාම උදේට කාපු ගමන් ඉන්නෙ කියලා.... හවස් වේගෙන ඇවිත් තිබුණු නිසා ජින් ට නන් ලොකු බඩගින්නක් නොදැණුනා නෙවෙයි. ඒත් ගුලිවෙලා නිදාගෙන ඉන්න ටේ අවදි කරන්න ලෝභ නිසාම ජින් ටික වෙලාවක් ඇදේ කොනකින් වාඩි වෙලා බලාගෙන හිටියා

ජින්ටත් එහෙමම ලාවට වගෙ ඇස් පියවෙන්න ආවත් එයා නිදාගන්නෙ නැතුව හිටියා. විනාඩි පහලවක් විතර ගිහිං ජින් ටේ ටේ ට කතා කලේ එයාව ඇහැරවන්න හිතාගෙන. මේ වෙද්දි ජින්ට ජන්ග්කුක් ගැන හොයලා බලන්න අමතක වෙලා තිබුණෙ...

"ටේ ටේ....අපි නැගිටිමු ඒන්ජල්...දැන් නිදාගත්තා ඇති...."

ජින් කිව්වෙ පහත් වෙලා නිදා ගෙන ඉදපු ටේ ගෙ තොල් සිනිදුවට කිස් කරන ගමන්. ජින්ගෙ හිතෙ පොඩි දෙගිඩියාවක් තිබුණා හවස වෙච්ච සිද්දිය ට ටේ එයා එක්ක අවුලෙන් ඉන්නවා වත්ද කියලා.... ඒත් ජින්ගෙ කෙටි හාදුවත් එක්ක හිනාවෙවී නැගිටපු ටේ ගෙ මූණ නිසා ජින්ගෙ හිතේ තිබුණු අමුතු හැගීම් යටපත් වුණා.

"ජින්...ඔයා වොෂ් දාගත්තද...අනේ මට ටිකක් නින්දගියා..."

ටේ කිව්වෙ තාමත් ලාවට නිදිමත තිබුණු ඇගේ ඇගමැලි කඩන ගමන්.

"හොද ටික...පැය දෙකක විතර ඉදන් නිදි...."

ජින් කිව්වෙ ටේ ගේ සිනිදු කොණ්ඩෙ අතින් අවුල් කරන ගමන්....

"කෝ දැන් නැගිටින්න..හවස් වෙලා මුකුත් කාලාත් නෑ...බඩගින්නෙ නිදාගන්න හොද නැහැනෙ...."

You've reached the end of published parts.

⏰ Last updated: Feb 07, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Frenzy|| [Jin x Tae x Kook]Where stories live. Discover now