Chapter 8

3.8K 668 66
                                    

ජන්ග්කුක් දොරට පයින් ගහන සද්දෙට ඉක්මනට ඇස් දෙක පියාගත්තු ටේහ්‍යුන්ග් ජන්ග්කුක් ළඟට එද්දි හොඳට නිදන් ඉන්නෙ වගේ රඟපෑවා.. මොකද එයා හිතුවෙ ජන්ග්කුක් දැන් එන්නෙ එයාට බනින්න කියලා. ඒත් ජන්ග්කුක් හිමීට ඇවිත් එයාගෙ එහා පැත්තෙන් නිදාගත්ත දැනුනම ටේහ්‍යුන්ග් හිමීට ඇස් ඇරලා බැලුවා.

"මොකෝ මගේ ඇඳේ කරන්නෙ?" ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ පැත්තට හැරෙන ගමන් අහද්දි ජන්ග්කුක් ගැස්සිලා ගියා. ඒ වෙලාවෙ නම් කොල්ලගෙ කම්මුල් යන්තම් රතු උනා ලැජ්ජාවට. ඇයි ඉතින් එක කාමරේ නිදාගන්න බෑ කියපු එයාම ඇවිත් ටේහ්‍යුන්ග්ගෙ ඇඳේ එයාට හොරෙන් නිදාගෙන ටේහ්‍යුන්ග්ගෙ අතටම අහු උනාම මොනතරම් නෝන්ඩියක්ද?

"මං ඉතින් මගෙ හබී ළඟ හිටියම මොකද වෙන්නෙ?" ජන්ග්කුක් එයාගෙ ලැජ්ජාව වහගන්නත් එක්ක ටේහ්‍යුන්ග්ගෙ නිරුවත් පපුව දිගේ ඇඟිල්ලක් යවන ගමන් ඇහුවෙ යටි තොලත් යන්තමට හපාගෙන.

"උඹේ ඔය මායම් වලට අද නම් අහුවෙන්නෙ නෑ පුතෝ මං." ටේහ්‍යුන්ග් ඒ ගමන නම් කිව්වෙ කින්ඩි හිනාවක් එක්ක.

"බට්ට්... බේබි වෝන්ට්ස් ඩැඩී.." සරාගී කෙඳිරිලි හඬකින් ජන්ග්කුක් මුමුණද්දි ටේහ්‍යුන්ග්ගෙ නිදන් හිටපු අවයවත් ඇහැරුනා.

"ගෙම්බො ගොඩේ නිදාගන්න බයයි නම් විකාර නොකියා නිදාගන්නවා මෙන්න මෙහෙන්." ටේහ්‍යුන්ග් එයාගෙ හැඟීම් පාලනය කරගෙන ජන්ග්කුක්ව වැහෙන්න ඩුවට් එක දාන ගමන් කිව්වා.

"මෙච්චර සෙක්සි කොල්ලෙක් ළඟ ඉද්දි ඔයාට ඔහොම නිදාගන්න පුළුවන්ද මං අහන්නෙ?" හැබැයි ඉතින් ජන්ග්කුක්ගෙ විකාර කියවිල්ල නම් නැවතුනේ නෑ. බැරිමතැන ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ව අනිත් පැත්ත හරවලා එයාට තුරුල් කරගත්තෙ ජන්ග්කුක්ගෙ පිටිපස්ස එයාගෙ පපුවට හේත්තුවෙන විදිහට.

Mr. Kim's Badboy ✔️Where stories live. Discover now