I

244 35 31
                                    

හ්ම්ම්... ඒක දිග කතාවක්.
කොතනින්ද මම පටන් ගන්න ඕන?

ඒ හවස... අවුරුදු හතකට කලින් උදාවෙලා තිබුණ ඒ හවස... මම පුරුදු විදියටම ගෙදර අය ‌එක්ක වලියක් අල්ලලා කේන්තිය නිවාගන්න ගෙදරින් එලියට බැස්සා.

ඇයි එයාලාට මගේ විදිය තේරුම් ගන්න බැරි?

මට බැහැ... මට බැහැ ලෝකෙට පේන්න ගුණ යහපත් ගෑණු ළමයෙක් වගේ හැසිරෙන්න. හොද පිරිමි ළමයෙක් හොයාගන්න හිතාගෙන අහිංසක කීකරු ගෑණු ළමයෙක් වෙන්න මට බැහැ!

මට බැහැ අනිත් ගෑණු ළමයින් වගේ කසාද බැදලා ගෙදරට වෙලා ඉන්න. මට මගේම උත්සාහයෙන් ස්වාධීන වෙන්නයි ඕන!

මාත් එක්ක ඉගෙන ගත්ත අනිත් හැම කෙල්ලෙක්ම මේ වෙද්දී කසාද බැදලා. ඒත් මට ඒ බැම්මෙන් බැදිලා ඉන්න බැහැ.

ඒ වුණාට මගේ පවුලේ අය... එයාලා මට බල කරන්නෙම ඒ බැම්මෙන් බැදෙන්න.

මේ මාසෙට ආපු තුන්වෙනි මනාලයාගේ මූණ තැලිච්ච ටකරමක් වගේ කළේ මුරණ්ඩු කමට නෙමෙයි, අපි තනියම කතා කරනකොට ඒ හාදයා කියාපු කතාවට.

"ඔයා ඔච්චර ඉගෙන ගන්න ඔන නැහැ. මම කැමති නැහැ ඔයා ජොබ් එකක් කරනවට. මට ඔන ඔයා ගෙදරට වෙලා මගේ දරුවොන්ව බලාගෙන ඉන්නවා දකින්නයි. අනිත් එක, ගෑණු අය කරන්නත් ඔන ඒකනේ..."

එහෙව් කෙනෙක් එක්ක මුළු ජීවිතේම ජීවත් වෙන්න! හහ්, මගේ මොළේ වයර් ෂෝට් වුණත් මං ඒ අදහසට කැමති වෙන්නෙ නෑ!

හොදට අහගන්න, කවදාවත්ම මෙහෙම කියන මිනිහෙක්ව කසාද බදින්න තියා හිතන්නවත් එපා. එහෙම උන් අපිට ජොබ් එක කරන්න එපා කියන්නෙ අපිට තියෙන ආදරේකට නෙමෙයි, ජොබ් එකක් නොකරන කොට අපි සම්පූර්ණයෙන්ම උන් මතම යැපෙන නිසා! එතකොට අපි උන්ගේ අත්වල නැටවෙන රූකඩවල තත්වයට පත්වෙන නිසා!

ඉතින් මට කියන්න, මම කරපු දේ වැරදිද?

කේන්තියෙන්ම ජැටියේ ලී තට්ටුවක් දිගේ ඇවිදගෙන යන ගමන් හිටපු මම, කාලයත් එක්ක අළු පාටට හැරිලා තිබ්බ ලීයක් උඩ තිබුණ පුංචි ගල් කැටේකට හයියෙන් පයින් ගැහුවේ මගේ කේන්තිය ටිකක් හරි අඩුවෙයි කියලා හිතාගෙන.

"ආව්!" එකපාරට හීනී කෑ ගැහිල්ලක් ඇහුණම මං ඔළුව උස්සලා බැලුවා.

ලී තට්ටුව කෙළවරේ ඉ‌දගෙන හිටපු පොඩි කොලු ගැටයෙක් එයාගේ ඔළුව පිටිපස්ස අත ගාගන්න ගමන් මං දිහා හැරිලා බැලුවේ යට තොලත් නොපිට හරවගෙන.

එයාගේ වයස වැඩිම වුණොත් අවුරුදු දා හතරක් ‌නැත්නම් පහළොවක් ඇති. මෙච්චර පොඩි කොල්ලෙක් මේ හැන්දෑවේ ජැටියට වෙලා මොනවා කරනවද? 

හැන්දෑවට ජැටිය පොඩි කෙල්ලෙකුට වගේම පොඩි කොල්ලෙකුටත් ගොඩක් අවදානම්. සාමාන්‍ය ධීවරයින්ගේ ඉදලා මැරයෝ, ඩ්‍රග් ඩීලර්ස්ලා වෙනකම්ම එක එක විදිවල මිනිස්සු ජැටියේ වැඩියෙන්ම රැදිලා ඉන්නෙ හැන්දෑවට.

"ඒයි, මං මේ ඔයාට කතා කරන්නෙ, ඇහෙනවද?" එකපාරටම ළගින්ම ඇහුණ කටහඩට මම ගැස්සුණා.

අර කොලු ගැටයා... මගේ ඉස්සරහට වෙලා මං දිහා මූණත් නොරොක් කරගෙන බලාගෙන ඉන්නවා.

"ඔහ්... ඔව් ඔව්, ඇහෙනවා."

"ඔයා මොකද මට ගල් කැටේකින් ගැහුවේ, ආ?" ටිකක් තියුණු, අමුතු කටහඩකින් ‌‌එයා ඇහුවා.

"මම... හිතලා කළේ නෑ." මම ලා හිනාවක් දැම්මෙ ශේප් වෙන්න හිතාගෙන.

මේං ඒ පාර එයා නාහෙන් පිඹිනවා... පූසෙක් වගේ. "එහෙනම් ගලම එල්ලෙ බලලා මගේ ඔළුවෙ වදින්නැති... හුහ්." 

"ඔළුවෙද වැදුණේ? කෝ බලන්න, ගෙඩි ගැහිලද?" 

මං මුළු ඔළුවම අතගාලා බැලුවා. වෙලාවට ගෙඩි ගැහිලා නෑ. ඒත්... එයාගේ කොණ්ඩෙ හරි අමුතුයි. රළුයි... ඒ ව‌ගේම සෑහෙන්න ඝනකම්.

පොඩ්ඩක් හිටු... මේ බොරු කොණ්ඩයක්!


* * *


Hurts like hellOù les histoires vivent. Découvrez maintenant