චූටි නෝට් එකක්😁
මේකෙ භාශාව ඉතින් ආදිකාල භාශාව වගේ. මං කතාව හදපු විදියට මේ කාලෙ භාශාව පාවිච්චි කරන්න අමාරුයි. කමක් නෑ නේ. සමහරු ඉන්නවනෙ එහෙම කතා කියවන්න අකමැති. ඒ වගේම ඉතින් මේ කතාවට bts ල ගන්නෙ නෑ. වෙන නම්, චරිත වලින් ලියන්නෙ.
එහෙනන් යමු කතාවට😁
......................................................ලන්ඩන් නගරය අසල වූ එක් පෞද්ගලික පාසලක් පිහිටා තිබුණේ බෙහෙවින් පැරණි විශාල පාසලක් තුලය. එල්ම් ගසින් හා දේවදාර ගසින් සෙවන වූ පාසල් භූමිය රමණීය තෝමස් නදිය අසබඩ සුන්දර පරිසරයක පිහිටා තිබිණ.
ජනවාරි මාසයේ පලමු පාසල් වාරය ආරම්භ විය. පාසල් සිසුන් 130 දෙනාත් ඇතුලු සියල්ලෝම පාසල පටන් ගත් දින පැමිණ සිටියහ.
මේ වාරයේ දී පැමිණි ගුරුවරුන්ට අමතරව විලියම් නම් වූ අලුත් ගුරුවරයෙක් ද පැමිණ සිටියේය.
මුහුණ පුරා වැවුණු ඝන රැවුලකින් ද උස් සිරුරකින් ද යුතු අලුත් ගුරුවරයා කල් යත්ම ශිශ්‍යන් අතර ජනප්‍රිය වන්නට විය. රට රටවල ඇවිද නොයෙකුත් තොරතුරු දැන සිටි ඔහු ඒ පිලිබද සිසුන්ට රසවත් කතා පැවසීමට සමත් වී සිටියේය.විලියම් ගේ ගෙලෙහි නිරතුරුව ඔහු පැලද සිටි මාලයක් විය. ඔහුගේ නමේ මුල් අකුර වන W අකුර හා එයට පිටුපසට වන්නට කුරුලු රූපයක් කොටා තිබූ රන් කාසියක් එහි අමුණා තිබිණ.
විලියම් මහතා පාසලට පැමිණ නොබෝ දිනකින් අද්භූත සිදුවීම් මාලාවක් පාසල පුරා හමා යන්නට පටන් ගත්තේය.
දිනක් විලියම් ශිශ්‍යන්ට ලතින් භාශාව උගන්වමින් සිටියේය. ලතින් භාශාවෙන් වාක්‍යක් බැගින් ලියන්නට ශිශ්‍යන්ට නියම වී තිබිණ.
මේ අතරේ පන්තියක කනක වාඩි වී සිටි මයිකල් නැමැති ශිශ්‍යා කිසියක් නොලියා මේසයට බරවී නිදිමත ස්වභාවයෙන් පසුවනු තවත් ශිශ්ශ්‍යෙක් ගේ නෙත ගැටින.
"මයිකල් ලියන්නේ නැද්ද?" අසල වාඩි වී හුන් ශිශ්‍යාගේ හඩින් තිගැස්සුණු මයිකල් වහා අවදි වී යමක් තම පොතෙහි ලිවීය.ගුරුවරයා ශිශ්‍යන්ගේ පොත් වල හරි වැරදි ලකුණු කරන්නට පටන් ගත්තේය. මයිකල් ගේ පොත දෙස බැලූ පමණින් ඔහු තැති ගත්තා සේ පෙනිණ. සුදුමැලි වූ මුහුණින් යුතු ගුරුවරයා වහා පන්ති කාමරයෙන් පිටව ගියේය.
YOU ARE READING
Revenge Of The Ghost (One Shot) -Completed-
Horrorමගෙ පලවෙනි one shot කතාව. කියවන්න වෝට් කමෙන්ට් කරන්න😁