කොට කලිසමකුයි ලොකුම ලොකු සුදු ටී ශර්ට් එකකුයි ඇදගත්තු ජිමින් පල්ලෙහාට ඇවිල්ලා කෝපි හදන දිහා යුන්ගි සෝෆා එකේ ඉදගෙන හොදින් අධ්‍යනය කළා..
" ජිමින්.. "
" ඇයි ? "
" ඔයා යටට කලිසමක් ඇන්දේ නැත්තේ ඇයි ? "
" මොකද්ද ? "
" ඇයි යටට කලිසමක් ඇන්දේ නැත්තේ ..? "
" ඔයා කොහොමද දන්නේ " ජිමින් ඇහුවේ රතු වෙන ගමන්..
" නෑ..කමන් නෑ ඔහොමත් හොදයි.. "
" ආ.. " ජිමින් යුන්ගිට කෝපි එක දීලා එයත් සෝෆා එකෙන් වාඩිවෙන්න හැදුවත්..
" අව්.. "
ජිමින් කෑගහගෙන ආපහු නැගිට්ටේ ඇස් දෙකේ කඳුළුත් පුරවාගෙන.." මොකද වුණේ.. " යුන්ගි කෝපි එක පැත්තක තියලා ඇහුවේ මෙච්චර වෙලා හොදට හිටපු ජිමින්ට මොකද වුණේ කියලා..
" නෑ.. කෝපි එක බීලා ඉවරනම් ගෙදර යනවා ද.. "
" ඇයි මොකද.. මොකක්‌හරි ඇනුණා ද පිටිපස්සේ "
" නෑ!! මොන කරදරයක් ද යනවා යන්න " යුන්ගිගේ හූඩියෙන් ඇදලා ගත්තු ජිමින් එයාව තල්ලු කරේ ගෙදරින් එළියට දාන්න..
" මොකද පිස්සු ද මං ඉන්න ආවේ නෑනේ.. යනවා තමා.. "
එහෙම කියලා යුන්ගි ජිමින්ව තල්ලු කළේ ජිමින් විසික් වෙලා ගිහින් බිම වැටෙද්දී.." ආව්.. "
යුන්ගි ඉක්මනට ගිහින් ජිමින්ව නැගිට්ටෙව්වේ එයාට ජිමින්ව බිමට වට්ටන්න වුවමනාවක් කිසිසේත්ම තිබුණේ නැති නිසා..
" අල්ලන්න එපා මාව.. "
" සමාවෙන්න.. ඇයි අඩන්නේ ඔයා.. "
" මගේ.. " ජිමින් ඉතුරු ටික කියන්නේ නැතුව යුන්ගිට තුරුළු වෙලා අඩන්න ගත්තේ කම්මුල් රතු පාට වෙද්දී..
" ඔව් මොකද්ද ඔයාගේ.. "
" මගේ පස්ස ගොඩක් රිදෙනවා.. යිහෙන් ගැහුව නිසා ගොඩක් රිදෙනවා.. ඉදගන්නත් බෑ.. "
යුන්ගිට පස්ස රිදෙනවා කියද්දී හිනා යන්න ආවත් එයාට ජිමින් ගැන දුක හිතුණා.. ඒ වගේම තමන්ගේ හොදම යාලුවෙක් වුණු යිහෙන් ගැන ඇති වුණේ ලොකු තරහක්..
YOU ARE READING
𝐈 𝐂𝐎𝐔𝐋𝐃 𝐁𝐄 𝐀 𝐁𝐄𝐓𝐓𝐄𝐑 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 𝐓𝐇𝐀𝐍 𝐇𝐈𝐌 | 𝙶𝙻 [√]
Teen FictionLESBIAN SHORTSTORY ft YOONMIN & VKOOK START -: 16.02.22 PUBLISHED-: 17. 02.22 END [ pub] -: 17.03.22 at 20.58