මමයි නංගියි ඊළඟ දවස් ටිකේම කාමරේට වෙලා එයා ලියපු කතා ගැන කතා කර කර හිටියා.
ඔව් අර ගල් මූසලයත් මගේ කාමරේ අස්සේ ලැග ගෙන හිටියා තමයි හැබැයි. නංගි හිටපු නිසා මට ටික දවසක් නිදහසේ ඉන්න හම්බුණා කිව්වත් වැරැද්දක් නෑ. මොකද මේ මිනිහා පුළුවන් හැම වෙලාවෙම කළේ මගේ කලිසමේ පිටි පස්සේ සාක්කුව අස්සෙන් අත දාලා පස්ස මිරිකපු එක.
මූට තියෙන අසහනේ ලොකුයි සාගරේටත් වඩා.
දවසක්දා රෑ අපේ ගෙදර කෑමට නවතින්න සෙසත් තීරණය කළා. මගේ කුඩම්මත් බොහොම කැමැත්තෙන් එයාට කෑම පිඟානක් පිළියෙල කරලා තිබ්බා. සෙහස්නාරාටත් කවදාවත් නැතුව කෑම පිඟානක් ලැබුණේ සෙසත් ඉස්සරහා හොඳ නම රැක ගන්න කුඩම්මා උත්සාහා කරන නිසා වෙන්නැති.
සතුටින් සාමදානයෙන් ඇරඹුන කෑම වෙලාවේ මැද්දෙන් කුඩම්මා සෙසත්ට ප්‍රශ්න ප්‍රහාර එල්ල කරන්න ගත්තා.
'සෙසත් පුතා දැන් ඉස්කෝලේ වැඩ කොහොමද?'
'හොඳට වෙනවා නැන්දේ...'
'අම්මා එහෙම හොඳින් නේද?'
'ඔව් නැන්දේ...'
'පුතාට පූසෙක් හිටියා වගේ මතකයි...'
'ඔව් නැන්දේ.. මගේ බබා... පූස් පැටියා.' සෙසත් කිව්වේ මේසේ යටින් මගේ කලවයක් මිරිකන ගමන්.
මම තොල් තද කරගත්තේ කෙඳිරියක් පිටවෙන එක නතර කරගන්නයි.
'සෙසත් පුතාට ගෑනු ළමයෙක් එහෙම නැද්ද?'
ඒකට පිළිතුර විදිහට සෙහස්නාරා උගුරේ කෑම හිර කර ගත්තා.
මමයි සෙසත් දෙන්නම නංගිට වතුර දීලා පිට අත ගාලා එයාව සමතයකට පත් කළා. ඒකෙන් දෙයියනේ කියලා සෙසත්ගෙන් අහපු ජරා ප්‍රශ්නේ මග ඇරිලා ගියා.
මම ඉඳිද්දි එයාට මොන කෙල්ලොද!?
කෑම ඉවර වෙලා සෙහස්නාරයි මායි සෙසත් තුන්දෙනා ආයෙත් මගේ කාමරේට ගියා. සෙහස්නාරා මගේ ලැප්ටොප් එක අස්සේ අතරමං වෙද්දි මම සෙසත් එක්ක ඇඳට ගුලි වුණා.
ටික වෙලාවකින් මට දැනුණා කාපු සේරම උගුරට එන හැටි. සෙසත්ට පයින් පාරකුත් ගහගෙන මම ගියේ නාන කාමරේට.
මම දෙවනි වතාවට වමනේ කරද්දි සෙසත් ඇවිත් මගේ පිටට අත තිබ්බා.
'ඇයි මේ එක පාරට?'
මම ඔළුව දෙපැත්තට වැනුවේ දන්නේ නෑ කියන්න.
'ඒ බං මෙවන්ම, උඹ ප්‍රෙග්නට්ද?' සෙසත් මගේ අහද්දි මම සෙසත් දිහා බැලුවේ මේ මොන ගොනෙක්ද කියන බැල්මත් එක්කයි.
'මම ප්‍රෙග්නට් නම් උඹ තමා තාත්තා.' මම රැව්වා.
සෙසත් දඩාං ගාලා මගේ පිටට පාරක් ගැහුවේ කාපු සේරම එක සැරේම වමනේ යවමින්.
'පොල් බැටළුවා!' මම කෑ ගැහුවා.
'ගස් හරකා!'
'කැලෑ පාත්තයා!'
'ගල් බූවල්ලා.'
'මල් දෙමලිච්චා!'
අපි දෙන්නා මේ ලෝකේ නැති සත්තුන්ගේ නම් කියලා කෑ ගහගනිද්දි දොර ගාව හිටගෙන අපි දිහන් බලන් හිටපු සෙහස්නාරා ලොකු හුස්මක් ගත්තා.
'මට ලැජ්ජයි පාසලේ නම ගිය ශිෂ්‍ය නායකයන් දෙන්නෙක් මේ වගේ හැසිරෙනවා දකින්න වීම ගැන.'
එයා උරහිසට උඩින් ආයෙත් බැලුවා.
'ඇරත්...' එයා ඇද්දා. 'පිරිමි ළමයි ප්‍රෙග්නට් වෙන්නෑ.'
____________
පෙබරවාරි දාහත.
ක.ලි.බූ
YOU ARE READING
Photograph | A BL story?
Short Story'මාව මග අරින්න එපා. ඔයා නොදන්වා වුණාට මට ඔයාව ගොඩක් වටිනවා අයියේ.' 'නංගි! එක සැරයක් කිව්වහම අහන්න. අපිට බෑ මේ විදිහට ළං වෙන්න. මම කියන්නේ ඔයාගේ හොඳටමයි!' 2022 - 01 - 11 ?