7

592 208 156
                                    

-"ඉතින්..."

යුන්ගිගෙ අතක් ජිමින්ගෙ හිස ළඟින් පොත් රාක්කයේ නැවතුණා.

-"මොනවද හිතන්නෙ?"

යුන්ගි විමසුවෙ ජිමින්ව පොත් රාක්කයත් තමාත් අතරට මැදි කරගන්න ගමන්.

-"මොනා ගැනද?"

යුන්ගිගෙ හැඩි දැඩි සිරුරෙන් මිදෙන්න වෑයම් කරන ගමන් ජිමින් ප්‍රශ්න කළා.

-"මං ගැන. ඔයා ගැන. අපි ගැන. ඒ වගේම අර පොත ගැන."

-"මුකුත් නෑ."

-"මුකුත් නෑ !?"

යුන්ගිගෙ සිරුරෙන් ජිමින්ව තව තවත් පොත් රාක්කයට තද වුණා.

-"දැන් මොනවද හිතෙන්නෙ?"

ජිමින්ගෙ දෙතොල්වලට තිබ්බ ක්‍ෂණික කෙටි හාදුවකට පස්සෙ යුන්ගි ඇහුවා.

අනපේක්ෂිත මොහොතක ලැබුණු අනපේක්ෂිත හාදුව නිසා ජිමින් මොහොතකට වික්‍ෂිප්ත වෙලා ඇස් ලොකු වුණත් ඊළඟ මොහොතෙ දි සුපුරුදු පරිදි රතු වුණා.

-"ඔයා ආයෙමත් රතු වෙලා, තක්කාලි ගෙඩියක් වගේ."

ඒ එක්කම යුන්ගිගෙ ගෙල වටා දෑත් යැවූ ජිමින් තමන්ගෙ පිරුණු රතු දෙතොල්වලින් යුන්ගිගෙ සිහින් දෙතොල් අල්ලාගත්තේ යුන්ගිවත් පුදුම කරවන ගමන්. ඒ වුණත් යුන්ගි දැනගෙන හිටියෙ නෑ ජිමින් මේ කරන්නෙ කලින් දවසක කියෙව්ව නවකතා පොතක තිබුණු දෙයක අත් හදාබැලීමක් කියල.

කොහොම වුණත් ජිමින්ගෙ මේ හදිසි වෙනස් වීමට හිත යටින් සතුටු වෙන ගමන් යුන්ගිත් හාදුවට ප්‍රතිචාර දැක්වුවා.

විනාඩි කීපයක් ම එකිනෙකාගේ තොල්වල රසයන්ගෙන් මත් වෙලා හිටි දෙදෙනාගේ හාදුවට විරාමයක් තබන්න වුණේ ජිමින්ගෙ උපැස් යුවළ යුන්ගිගෙ ඇහේ වැදිලා බාධා කළ නිසා.

-"මං හිතන්නෙ අපිට මේක වුවමනා වෙන එකක් නෑ."

ජිමින්ගෙ උපැස් යුවළ ගලවා පැත්තකින් තියන ගමන් යුන්ගි කිව්වා.

ජිමින් ඒකට උත්තරයක් දෙන්නත් කලින් ම ආයෙමත් ජිමින්ගෙ තොල් අල්ලගත්ත යුන්ගි දිගු හාදුවකට මුල පිරුවා.

-"ටිකක් ඉන්න"

ජිමින් එකපාරටම තමන්ව ඈත් කරද්දි යුන්ගි තරමක් කෝප වුණත් කෝපය පිටතට නොපෙන්වා ඉන්න තරම් ප්‍රවේසම් වුණා.

-"මට දෙයක් අහන්න තියෙනවා."

-"ඉතින් අහන්න. ආශ්! ඉක්මන් කරන්න."

යුන්ගි කිව්වෙ නොරිස්සුමින්.

-"ඔයා වැඩියෙන්ම කැමති මටද නැත්තං තක්කාලිවලට ද?"

යුන්ගිගෙ නොරිස්සුම නැති කරලා මූණට හිනාවක් ගේන්න ජිමින්ගෙ ප්‍රශ්නෙට පුලුවන් වුණා.

-"මං හිතන්නෙ තක්කාලිවලට."

යුන්ගි පිළිතුරු දුන්නෙ ඇහැක් ඉඟිමරන ගමන්.

- නිමි -



විකාරයක්!

මට දිවුරන්න පුළුවන්, "Tomatoes" කියල විකාර නමකුත් දාගෙන චැප්ටර්ස් දෙකක් ලිව්ව කතාව නෙවෙයි මේ අන්තිම වෙද්දි තියෙන්නෙ කියල.

ඕන එකක් !

කියෙව්ව, වෝට් කරපු, අදහස් බෙදාගත්තු හැම කෙනෙක්ට ම අනේක වාරයක් ස්තූතියි ඔයාලගෙ වටිනා වෙලාව කැප කරල මේ තක්කාලි ලව් එක ගැන හොයල බැලුවට.

18.02.2022

GeeSh_ ☔

Tomatoes | YoonMin | ✅Where stories live. Discover now