Chapter one.....🌹

42 5 3
                                    

එදින ඉරිදා දිනයක් වූ අතර පාසල් නිවාඩුව ආරම්භ වී තවමත් ගෙවී තිබුණේ එක් දිනක් පමණි.ඒ ඊයේ දිනය යි.ඊයේ දින මා හට ඉතා වෙහෙසකර දිනයක් වූ අතර එසේ වූයේ පාසල් නිවාඩුව ගත කිරීම සඳහා මාගේ හොඳම යෙහෙළිය වූ yanli ගේ නිවසට යාමට මවගෙන් අවසර ලබා ගැනීම ඉතා අසීරු වූ නිසා ය.වසර දෙකක් පමණ මට ඒ සදහා ගත වූයේ මාගේ මව මට කිසි දිනෙකත් එසේ නිවසින් බැහැරට යාමට අවසර නොදීම නිසා ය.කෙසේ වුවත් වසර දෙකක පමණ ඇවෑමෙන් පසු මා මවගෙන් yanli ගේ නිවසට යාමට අවසර ලබා ගතිමි.

ඇදෙන් බැස ජනෙල් පියන් පත් විවර කල මා හට සිතුනේ එදින සූර්යයා අවදි වීමට බොහෝ පමා වී ඇති බවකි.සිසිල් මදනල හමා අවුත් මා ගත වෙලී ගෙන නිදන කාමරය පුරා හමා ගියේය.ඔරලෝසුව දෙස බැලූ පසු මට පෙනුනේ අලුයම හතර වීමටත් තව විනාඩි කිහිපයක් ඇති බවයි.එවිට මට හැගී ගියේ සූර්යයා අවදි වීමට පමාවී නොමැති බවත් මා වේලාසන අවදි වී ඇති බවත් ය.එවලෙහි මා මෙන්ම කුරුල්ලන් ද අවදි වී සිටි අතර ඔවුන්ගේ කිචි බිචි නාදය මට ඇසුනේ එදින මා පවනි ගේ නිවසට යාම පිලිබඳව ඔවුන් පිළිසඳරක යෙදී ඇති බවකි.

පිරිසිදු සිසිල් සුලඟට සිත්සේ කාමරය පුරා සැරිසැරීමට ඉඩ හසර ලබා දුන් මම ජනේලය අසලින් ඉවත් වී මේසය අසලින් වාඩි වූයේ දිනපොත අතට ගනිමිනි.දිනපොත යැයි පැවසුවද මා එහි කිසි දිනෙකත් දින සටහන් නොලියූ අතර වෙනත් දෑ ලියා තැබීම සඳහා එය යොදා ගතිමි.එවිටම දින පොත තුළ තිබූ යමක් බිමට වැටිණ.එය කුමක්දැයි දැනගැනීම පිණිස එය අහුලා ගත් මම දුටුවේ එය yanli ගේ ඡායාරූපයක් බවයි.

Yanli අප පාසලට පැමිණියේ මීට වසර හතරකට පමණ පෙරයි.එනම් මා දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතරවාරයේ යි.මා අත තිබූ ඇගේ ඡායාරූපයට වඩා සැබැවින්ම ඇය ඉතා රූමත් විය. ශිෂ්‍යයෙකු මෙන් කොටට කපා තිබූ ඇගේ කොණ්ඩය කළු පැහැ වූ අතර ඇගේ සුදු පැහැති සමට එය මනාව ගැලපේ.අප පංතියේ පිරිමි ළමුන් ඇයව අමතන්නේ ජනප්‍රිය ගායකයෙකු වන ජස්ටින් බීබර් යන නමිනි.සැබවින්ම ඇගේ රුව ඔහුගේ රුවට බොහෝ සෙයින් සමාන වේ.නිහතමානී නිහඩ තැන්පත් දැරියක වූ ඇය ඉගෙනීම් කටයුතු වලට ද දක්ෂ විය.අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු ඇය නැවත ඇගේ ගම වෙත පිටත් වී ගිය පසු මට දැනුනේ මහත් පාළුවකි.

The secret love under the sea (mermaid princess)Where stories live. Discover now