[ හුදෙක් පරිකල්පනය පමණක් වන අතර කිසිදු පාර්ශ්වයකට අපහාස කිරීමට අදහස් නොකෙරේ . ]
විජිතපුර මාළිගා අංගනයෙහි එකම ගාලගෝට්ටියකි. ඉදින් හේ, දුට්ඨ ගාමිණී රජුන් මද කිපුණු හස්ති රාජයෙකු සේ රාජ සභාවේ ගර්ජනා නැංවූ වග මේ වන විට මාලිගයේ මුළුතැන්ගෙයි අහුමුළු දාරවලටද නොරහසකි. සියල්ලන් වෙතම දෝෂාරෝපණය කළ මහ රජුන් තෙමේ සිය අග බිසව් තුමූ ද සමගින් රාජ සභාවෙන් නික්ම ගොස් ඇති වග දැසි දස්සන් අතර ද පැතිරෙමින් තිබුණි.
මුළුතැන්ගෙයි මධුපාචිකාවන්ගේ බැල්ම මෙවර තමා විසින් අත් කරගෙන ඇති වග ඈට දැනෙයි. සියල්ලන්ගේ මිමිණීම් සමුදායන් තමා වෙත එල්ලවන දෝෂාරෝපණය වැන්න.. සිත දැවෙන වරදකාරී හැගීමද ඈ වන් සුකොමළ තරුණියකට නම් මහත් වූ හිස රදයකි..
ඈ , මුළුතැන්ගෙයි රස මසවුළු රස කළා ය. මහ රජුන් අතින් පවා පැසසුම් ලැබුවා ය. ඇයගේ අත් ගුණය හුදී ජනයා තුළ පමණක් නොව සමස්ත පුරවරයේම පැතිර ගියේ ය. ප්‍රණීත රාජ භෝජන ඇය අතින් පිළියෙළ නොවූ දවසක් නැති. මයුර මස් ද , කාඩිද ඇඹුලද ඇ එක සේ ප්‍රණීත කළා ය.
නමුත් , ඈ.. සැඩොල් කුලයේ ස්ත්‍රියක් සේ ජන්ම ලබා තිබුණි. ඇයට අනුව මේ සියල්ලටම මූලාරම්භය නම් එය විය. සැඩොල් කුලයේ ස්ත්‍රියක් වුව අගනා රූ සපුවකට වරම් අහිමි නොවන වග සනාථ කරමින් දිවමය කසුප් පිළිරුවක් වැනි රූ සපුවක් ඇ විසින් දායාද කොටගෙන සිටියා ය . සිය මවගේ හා පියාගේ වූ මඩ පුවක් පැහැ තළෙලු සම නම් ඇයට නොවී ය. වෙනිවැල් පැහැ ඡවි කළ්‍යාණිය ඈ අන් අයගෙන් හුවා දක්වන්නේ එක් ක්ෂණයෙනි.
ඉදින් ඒ පැහැය පමණක්ව වූවා නම් කිම ? පැහැයෙන් නොනැවතී අංග සම්පූර්ණ ලලනාවකගේ සියලු ලක්ෂණ ඇ විසින් උකහා ගෙන තිබුණා ය. පද්මයක් සේ වූ මුව මඩල ද නෙරළු ඉති සේ වූ ඇහි බැම ද , නා දළු වැනි ලවන් ද ඇය දිනෙන් දින සුන්දර කළේ වෙයි.
ඉදින් එපමණද ? සියල්ලට ප්‍රථම අයෙකුගේ දෑස් ග්‍රහණය කරගත්තේ නම් , මැටි පබළු ආභරණයකින් පමණක් වැසි ඇගේ පිරිපුන් උඩුකයයි . ඌර්ධව කායේ පිරිපුන් ළැම යුගළ ඇගේ ළය මඩල අරා ගත් වැන්න. හීසර තුඩුමෙන් වූ තිසර පුඩුද දුටුවන්ගේ දෑසට පවා අනතුරක් වනුදැයි අවිනිශ්චිත තරමින් තියුණු ය. ඇය පාද තාල තබන විට එයටම අවනත ලෙස ළැම මඩල ද නර්තනයේ යෙදෙනු ද දුටුවනගේ දසුන් පැහැර නොහී වූ ලක්ෂිතයක්ම විය. ඉදින් සැඩොල් කුළයේ යුවතියක්ව එකී සුන්දර ළැම මඩල සගවා ගනු නම් සිහිනයක් ය. ඉණෙන් පහළත කලවයේ අඩක් පමණක් වැසි තිබෙන කෙටි සළුව සමත් වූයේ ඇයගේ සුන්දරත්වයෙන් දශම කිහිපයක් සගවාලීමට පමණකි.
YOU ARE READING
✣ චණ්ඩාල ✣
Historical Fiction𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ මේ සා විශිෂ්ඨ අන් ප්‍රේමයක් නොමැති සේම ඉසුරුමුණි පෙම් යුවළෙහි ගුණ වැයෙද්දි , දුටුගැමුණු රජපවුලේ කැටයම බොහො දෙනාගේ දැසින් ගිලිහී යනු ඇත. එහි සැගවුනු පිය-පුතු ස්නේහය , දැස් ඇත්තෙකු වුව කිසි දිනෙක නොදකිනු ඇත. සද්ධාතිස්ස කුමරුන්ගේ...