අනන්තයක් නොපෙනෙන අහස තැඹිලියි කහයි මිශ්‍ර වෙලා හරි ලස්සනයි කියලා කවියෝ කවි ලියන විදිහට වර්ණනා කරන්න මම දන්නේ නැහැ මොකද වන්ග් යීබෝ කියන්නේ කවියෙක් නෙමෙයි... මට අනුව අහස තැබිලි කියන්නේ හවස් වෙලා අනිත් මිනිස්සුන්ට වැඩ ඉවර වෙන වෙලාව ඒත් මම ..මම හැමදාම වගේ එයා එයි කියලා ඇස් රිදෙනකන් බලන් ඉන්න වෙලාව...බලාගෙන ඉන්න එක ගැනත් කවියෝ මිනිස්සු එක එක දේවල් කියනවනේ... බලා හිඳීමත් ප්‍රේමයක් කියනවා කවුදෝ කාටද කියනවා මට ඇහිලා තියෙනවා... දැන් අහන්න එපා කවුද ඒක කිව්වේ කියලා මොකා කිව්වත් කටේ බලෙන් චොකලට් කෑල්ලක් ඔබන්න තරම් වටින කතාව... මුලින්ම ඔය වැකිය මට තවත් වචන ටිකක් විතරක් වුනාට අට වසරෙන් පස්සේ තමයි ඕක ඇත්ත නැත්ත වැටහුනේ....
තව කෙනෙක් එනකන් අපි පැයක් දෙකක් බලාගෙන ඉන්නේ අපේ වුවමනාවකටලු... දවසක් දෙකක් බලන් ඉන්නේ එයා එයි කියලා අපිට තියෙන විශ්වාසෙටලු.... ඒත් නොයෙන බවත් දැනගෙන බලන් ඉන්නේ ආදරේටලු... මාත් ඔය බලාහිදිම් අතරේ ඇස් පොට යනකන් කෙනෙක් එනකන් බලාගෙන හිටපු කෙනෙක්....
මම කලින් අට වසරක් ගැන කිව්වේ ආන්න ඒ වයසේ ඉදන් තමයි මගේ බලා හිදීමේ ගීය ආරම්භ වුනේ...කොයිතරම් නම් පොඩි කාලේ ඉදන්ද නේ...
මම ස්කූල් ගියේ හුනාන් වල.. අට වසර කියන්නේ මට අවුරුදු දහතුනක් විතර ඇති.... ද්වීතියික ලිංගික ලක්ෂණ පහල වෙලා මම පොඩ්ඩ පොඩ්ඩ හැන්ඩ්සම් වීගෙන ආව වයස... කිරි ටොයියා වගේ සුදු ස්කින් එක තද කලුමත් නොවුන කොන්ඩේ උස ස්ලිම් ඇගත් එක්ක වයස වෙනකොටත් මාව පන්තියේ තරුවක් වෙලා හිටියේ.... හැන්ඩ්සම් කම පැත්තකින් තිබ්බොත් මම අපේ පංතියේ හිටිය බ්‍රයිට් පොරක්... ඉගෙනීමට වගේමයි ස්පෝට්ස් වලටත්.. ඔන්න ඔය කාරණා නිසා තමයි මම මටම තරුවක් කිව්වේ... බොරු කියන්න ඕනේ නැහැ නේ ළමයි මාව අගය කරන්න කරන්න මටත් පොඩි ආඩම්බරයක් ආවා...
ඔන්න ඔහොම කාලයක් මම ගෙවනකොට තමයි මගේ පුලුං බෝලේව මුලින්ම දැක්කේ.... හරියටම මතක නැති වුනත් එදා මොනවටහරි මම ඔෆිස් එකට යනකොට ඇග පත හරියට හැදිලා නැති පොඩි එකෙක් ගැහැනු කෙනෙක්ගේ අතේ එල්ලිලා හිටියා මතකයි... බෙරි වෙලා අඩන්න ඔන්න මෙන්න හිටිය පොඩි එකාගේ මුහුන මාව දැක්ක ගමන් එල්.යී.ඩී බල්බ් එකක් දාලා වගේ දිලිසුනා... මම ඔෆිස් එකේ හිටිය සර් කෙනෙක් එක්ක කතා කරලා මම ආයේ එලියට යනකන්ම ඒ ඇස් තිබ්බේ මගේ ළඟ .... දැක්කේ නැතත් මට ඒක හොදටම තේරුනා... මම ඒත් ගනන් ගත්තේ නැහැ මොකද මම හරි ආඩම්බරයිනේ...