පළවන දිගහැරුම.

347 47 24
                                    



Yoongi pov ......

"යා තමුසේ මම කවුරු කියලද හිතන් ඉන්නේ. බහිනවා බිමට . හොද හිතින් කියන්නේ මම......"

මම කෑගැහුවේ එකපාර මගේ කාර් එකට නැගපු කෙල්ලට. කොහෙන් පාත් වෙන කුන්ඩවාලද මන්දා.

" චේබල් ඔයා කවුරු උනත් කමක් නෑ මාව බේරගන්න අර එන කට්ටියගෙන්. ඉක්මනට යමු නැත්නම් අපි දෙන්නගෙම  කෑලී එකතු කරන්න වෙන්නේ සවලකින් තමා. "

කෙල්ල මගේ අතේ එල්ලෙන ගමන් වාහනේ ඇතුලේ ඉදන් කෑගහනවා. මම එතකොටයි සයිඩ් මීරර් එකෙන් එලිය බැලුවේ. ආයිශ් කාලකන්නි රැල. පීටර්ගේ සෙට් එක නේද.......??
මම ඉනේ ගහගෙන හිටිය ගන් එක එලියට අරන් එන වාහන දෙකක ටයර් එකට ශුට් කරලා මගේ වාහනේ පාරට දාලා වේගෙන් ඉස්සරහා ට ආවා. ටිකකින් තමා මටත් මීටර් උනේ මේක අස්සේ තව කෙල්ලෙක් ඉන්නවා නේද කියලා. හැබැයි ඒ පැත්ත බැලුවට වඩා හොදයි නොබලා හිටියා නම් කියලා හිතුනා.

චූටී ඇස් බෝල ලොකු කරගෙන මගේ දිහා කන්න වගේ බලන් ඉන්න කොට මට හිනාවක් ගියා.

" ඔයා කවුද .......... ??? "

" තමුසේ දැන් වාහනේට නැග්ගේ මම කවුද කියලා අහලද...... ?? "

මම කිව්වම මේකීගේ මූණ වෙසක් එකට ගහන අටපට්ටම වගේ උනා.

" මම ප්‍රශ්නයක් ඇහුවම මගෙන් ප්‍රශ්නයක් අහන්න එපා මනුස්සයෝ......"

" යා කටවහන් ඉන්නවා මම ආස නෑ මට වඩා හයියෙන් කතා කරන උන්ට බස්සනවා උන්ඩ දෙකක් ඔලුවට....."

මම පොඩි සද්දයක් දැම්මේ කෙල්ලව බය කරන්න හිතාගෙන ගන් එකත් පෙන්නලා . මට රව රව අහක බලා ගත්තා.

"යා........... මෙහාට වෙනවා ඔන්න බලාගෙන........"

වම්පැත්තෙන් ආපු වාහනයක් මගේ වාහනේ කෙල්ල හිටිය පැත්තේ හයියින් වදිද්දී . මම කෙල්ලව ඇදලා ගත්තේ කරදරයක් වෙයි කියලා. මගේ පාලනෙන් පිට පැනපු වාහනේ නැවතුනේ පාරෙන් අයිනට වෙන්න තිබුන තැනක. වෙලාවට ලයිට් කනු ගස් නොතිබුනේ.

" ආයිශ් ......... තමුසෙලා හැප්පුනේ වැරදි මිනිහා එක්ක......... "

මම ගන් එලත් ලෝඩ් කරන් මාස්ක් එකත් දාගෙන බහින්න හදද්දි කෙල්ල මගේ අතින් අල්ලලා නැවැත්තුවා.

Remember Me | MYG |  ( Completed )Where stories live. Discover now