☃️ 01 Chapter ☃️

547 84 11
                                    


කොළ හැලුනු කාල වර්ණ ගත් ශාකයන්,  බිම පොලව මත ගුරු පැහැ ගැන් වූ පත්‍ර මත පතිත වී ඇති හිම පියලි, අදුරේ ගිලුනු මූසල ලා ඉර එළිය මෙ උදා වෙන්නෙ සීත ඍතුව බව මනාව කියා පානකොට කුඩා ගම්මානය තුල කොනේම පිදුරු සෙවිලි කල මැටි සහ ලීයෙන් එක්ව තැනුනු  කුඩා නිවහන ඉදිරියේ වූ ෆයින් ගස යට  ලෑලි බන්කුව උඩ කුඩා පිරිමි ලමයෙක් ඈත බලාපොරොත්තු සහිත දෑසින් ඈත බලන් හිටියා.

අන්ඩ දැමූ කමිසය ඇද සීතල වැහෙන්න ඔලුවත් කන් දෙකත් වසා ගත්ත කුඩා ස්කාෆ් එක, බෝල ඇස් තිබුනු හාවෙක්ගෙ වගේ දත් දෙකක් තිබ්බ කුඩා පිරිමි ලමයාගෙ මූනට තවත් හුරුබුහුටි පෙනුමක් එකතු කරා..

වයස අවුරුදු දහයක් විතර උනු කුඩා දරුවාගෙ අස් යොමු වෙලා තිබුනෙ තමන්ට ගොඩක් ඈතින් පිට්ටනිය පුරා දුව පැන සෙල්ලම් කරන තම සම වයසෙ කුඩා ලමුන් දිහා. ඒ ඇස් දිලිසෙනවා.. කදුළු පිරිලා ඉතිරිලා ගිහින් තිබුනා ඒ ඇස්වල..

අනේහ්.. මටත් එයලා එක්ක එකතු වෙන්න තිබුනා නම්..🥺

ආත්තාම්මාත් එක්ක දුගී එහෙත් හරිම සරල ජීවිතයක් ඒ කුඩා ලමයා ගෙව්වත් ඒ වට පිටාව එයාව හෑල්ලු කරලා තිබුනා..
පෝසත් කියලා වෙන් නොකරන ලමයි එක්ක සෙල්ලම් කරන්න එ පුන්චි දගකාර හිතට ඕනිවටත් වඩා උවමනාව තිබුනා. ඒත්... එයාට නැති උනාට එයාගෙ නැතිබැරි කමට අනිත් ලමයි එයාව හැල්ලු කරා. එයාලා එ ළමයව සෙල්ලමටවත් එකතු කර ගත්තෙ නැ...

ඉතින් එයා තනි උනා. එයා තරහා උනෙ නැ ඒ ලමයි එක්ක.. එයා සතුටු උනා එ අනිත් ලමයි සෙල්ලම් කරන දිහා බලන් ඉදලා...

ජන්කුක් . .... ඔව් එ තමා එ කුඩ ලමයාගෙ නම... දන්න කාලෙ ඉදන් තනියම හිටපු, හැමදාම ආදරණීය යාලුවෙක් හෙව්ව ඒ ආදරණීය දගකාර දරුවා...

ජන්කුකී..... නත්තලට තිබ්බෙ තව ටික කාලයක්.. ඒ නත්තල අනිත් අයට කොහොම උනත් ලොකූ දෙවල් නැති උනත් හාල් කේක්වලින්, චූටි මෝචියකින් ආත්තම්මගෙ අතෙන් හදලා දුන්නම ඒක එයාට හොදම දවස උනා.. සරල විදිහට ලස්සන හිතක් තිබ්බ කුඩා කොලු ගැටයෙක්..

ඒත් එයාට තිබ්බ ලොකුම දුක එයාට සෙල්ලම් කරන්න  කෙනෙක් නැති එක...
කලින් දවසෙ වැටුනු හිම වර්ශාව නිසා මුළු වත්තම හිම වලින් වැහිල ඉතිරිලා ගිහින් තිබුනා...

Snowball       (Complete)Where stories live. Discover now