Chapter 1

6K 716 228
                                    

"ටේ.. අන්න අරූ ඉන්නවා අදත්." වූශික් කිව්වෙ ටේහ්‍යුන්ග්ට ඈතින් හිටපු ජිමින්ව පෙන්නලා. ජිමින්ව දැක්කම ටේහ්‍යුන්ග් කට කොනකින් හිනාවෙලා එයාගෙ ශර්ට් එකේ අත් උස්සන ගමන් ජිමින් ළඟට ළංවුණා.

"Hey faggot, මොකෝ තමුසෙ කවුරුහරි කොල්ලෙක්ගෙ කරේ එල්ලෙන්න බලන්ද මෙතන ඉන්නෙ??" ටේහ්‍යුන්ග් ඇහුවෙ ජිමින්ව ඇදලා ඒ ළඟ තිබ්බ බිත්තියකට තල්ලු කරන ගමන්.

ජිමින්ගෙ හීනි ඇස් වලට කඳුලු පිරුණෙ එයාට රිදුනු නිසා නම් නෙවෙයි. එයාගෙ හිත රිදුනෙ ඒ ඉන්නෙ ටේහ්‍යුන්ග් නිසා.. අවුරුදු ගානක හොඳම යාලුවා මේ විදිහට සලකද්දි කාටද දුක නොහිතෙන්නෙ.. නේද?

"හහ්! මෙන්න මූ ගෑණියෙක් වගේ හොටු පෙරනවා." මින්හෝ කියද්දි ටේහ්‍යුන්ග්ගෙ හිත ගැස්සුනත් එයාගෙ මූණ නම් කිසි වෙනසක් උනේ නෑ.

"කොහොමත් මූ වගේ උන් දන්නෙ එච්චර තමයි. කොන්දක් නැති පොන්*යෝ." ටේහ්‍යුන්ග් එහෙම කියලා ජිමින්ගෙන් අයින් වුණා.

"ඇයි බං අදත් මූව නාවන්නෙ නැද්ද අපි??" වූශික් ඇවිත් ටේහ්‍යුන්ග්ගෙ කරේ එල්ලෙද්දි මින්හොත් එයාලා එක්කම ආවා.

"බෑ බං... මං යන්න ඕනෙ ජියාව හම්බවෙන්න."

"කවුද ජියා??" මින්හො අහද්දි ටේහ්‍යුන්ග් උරහිස් හැකිලුවා.

"මං දන්නෙත් නෑ බං.. ඒකිට මාත් එක්ක sex කරන්න ඕනෙ කිව්වා. මං හා කිව්වා." ටේහ්‍යුන්ග් කියද්දි වූශික් හිනාවුණා.

"උඹ ගැන මට ඉරිසියයි වෙලාවකට.."

"ඕනෙනම් මං වෙනුවට උඹ පලයන්." ටේහ්‍යුන්ග් කියද්දි වූශික් ඔලුව දෙපැත්තට වැනුවා.

"පිස්සුද බං.. උඹ කවුද කියලා හැමෝම දන්නවනෙ. ඒකිට ඉන්න ඕනෙ උඹ එක්ක මිසක් අපි එක්ක නෙවේනෙ."

"එතකොට උඹ අදත් ක්ලාස් කට් කරනවද??"

"මේක විතරයි.. ඊළඟ එකට මං එනවා." ටේහ්‍යුන්ග් කිව්වෙ ජියා එක්ක මැසේජ් කරන ගමන්.

"ඊළඟ එක ෆ්‍රී නේද?? අපිට තාම ආර්ට් උගන්නන ටීචර් කෙනෙක් නෑනෙ." වූශික් කියද්දි මින්හො එයාගෙ ඔලුවට එකක් දුන්නා.

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now