Chapter 6

3.9K 627 212
                                    

"හෝව් හෝව්... උඹලා මාත් එක්ක හැප්පෙන්නෙ මං කවුරු කියලා දැනගෙනද?? මට එක හීරිමක් හරි වෙලා තිබ්බොත් මිස්ටර් කිම් දේවොන් උඹලව පණපිටින් අතාරියි කියලා උඹලා හිතනවද?" ටේහ්‍යුන්ග් කට කොනකින් හිනාවෙන ගමන් ඇහුවෙ ජන්ග්කුක්ගෙ අතකින් ඇදලා එයාව පිටිපස්සට කරන ගමන්. කිම් දේවොන්ගෙ නම අහපු ගමන් ඒ මිනිස්සු දෙන්නටම හීන්දාඩිය දැම්මා. Kim company එකේ අයිතිකාරයා... කිම් දේවොන්, මුළු කොරියාවම දන්න CEO කෙනෙක්. ඒ වගේම කිම් දේවොන් කියන්නෙ දැඩි පුද්ගලයෙක් වගේම එයාගෙ පවුලට පුදුම තරම් ආදරේ කරන මනුස්සයෙක් කියලා හැමෝම වගේ දැනන් හිටියා.

"කි..කිම් දේවොන්??" එක මැරයෙක් ගොතගගහා අහද්දි ටේහ්‍යුන්ග් අඩියක් ඉස්සරහට ගත්තා.

"හ්ම්ම්... මගෙ අප්පා..." ඒ වචන ඇහෙද්දි මැරයො දෙන්නම බයෙන් වෙව්ලලා ගියෙ ජන්ග්කුක් පුදුමෙන් ඒ දිහා බලන් ඉද්දි. එයා කිම් දේවොන් ගැන දැනන් හිටියට මිනිස්සු එයාට ඒ තරම් බය ඇති කියලා ජන්ග්කුක් හීනෙකින්වත් හිතුවෙ නෑ. එයාට තේරුණා ඒ වෙලේ ඇයි ඉස්කෝලෙ කවුරුවත් ටේහ්‍යුන්ග්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැත්තෙ කියලා.

ටේහ්‍යුන්ග් තවත් අඩියක් ඉස්සරහට අරන් මැරයො දෙන්නගෙ ඔලු දෙක වටේට එයාගෙ අත් යවලා ඒ දෙන්නගෙ ඔලුදෙක ළංකරා.

"උඹලා දන්නෙ මගෙ අප්පා ගැන විතරයිනෙ. හැබැයි මීටපස්සෙ මේ ඉන්න කෙනා දිහා ඇහැක් ඇරලා බැලුවොත් මං පෙන්නන්නම් උඹලට කිම් දේවොන්ගෙ පුතා මොනවගේ කෙනෙක්ද කියලා." ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට ඇහෙන්න නැතිවෙන්න මැරයො දෙන්නගෙ කනට කරලා තර්ජනය කරද්දි ඒ මනුස්සයො දෙන්නා බයටම ඔලුව එක දිගට වැනුවා.

කට කොනකින් හිනාවුණු ටේහ්‍යුන්ග් ඒ දෙන්නව අතෑරලා ජන්ග්කුක් දිහාට ඇවිදගෙන එද්දි මැරයො දෙන්නා පණ එපා කියලා ඈතට දිව්වා.

"යමු..." ටේහ්‍යුන්ග් ජන්ග්කුක් ළඟට ඇවිත් කියද්දි ජන්ග්කුක් හීනෙන් ඇහැරිලා වගේ එයා දිහා බැලුවා.

"ම්..මං?? බ..යික් එකේ?"

"හ්ම්ම්... මං ළඟ වැඩිපුර හෙල්මට් එකක් නම් නෑ. හෙට ඉඳන් මං වැඩිපුර එකක් ගේන්නම්." ටේහ්‍යුන්ග් කිව්වෙ එයාගෙ හෙල්මට් එක ජන්ග්කුක්ට දානගමන්. ඒ කරලා එයා නැගලා ඉඳගෙන ආයෙමත් ජන්ග්කුක් දිහා බැලුවා. ජන්ග්කුක් ඇසුත් ලොකුකරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවෙ එයාට මේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුව වගේ.

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now