නම්සාන් වල ඉදන් එන්න ගොඩක් රෑ උනු නිසා.. ටේ.. ජින්.. නම්ජූන් තුන්දෙනාම ලග හොටෙල් එකක් නවාතැන් ගත්තා...
ටෙට කුකීව බලන්න යන්න ඕන කීව නිසාම... ජින් තුන්දෙනාටම අදින්න සුදට හුරු ඇදුම් ඕඩර් කරලා තිබුනා.." ස්තූති හ්‍යුන්ග් ... "
" සුලු දෙයක් ටේ... එතනින් පස්සේ ටේට යන්න තවත් තැනක් තියෙනවද "
" ඔව් හ්‍යුන්ග් "
" කියන්න ටේ "
" හොස්පිට්ල් එකට හ්‍යුන්ග් ... හී... මගේ ගමන ඉවරයි "
ටේ හිනාවෙලා කියද්දි ජින්.. ටේගේ කොන්ඩෙ අවුස්සලා.. නහයට තට්ටුවක් දැම්මා... ඒත් ජින් තේරුම් ගත්තේ නෑ... ටෙ කීවේ එයාගේ ගමන ඉවරයි කියලයි.....
තුන්දෙනාම ලෑස්ති වෙලා ඉවර වෙලා උදේ කෑමත් අරගෙන.. හොටෙල් එකෙන් එලියට ආවා... ඒත් වෙන්දා තරම් උද්‍යෝගයක් ටේගේ තිබුනේ නෑ.. ටේ ඔහේ බලාගත්තු අත බලාගෙන හිටියා...
" ටේ... මොකක් හරි ප්‍රශ්නක්ද.. "
" නෑ.. හ්‍යුන්ග් ... මට එයාව මතක් උනා... නම්ජූන් හ්‍යුන්ග් අර ඈත පේන මල් කඩේ ලගින් නවත්තන්න පුලුවන් ද ?"
" ශුවර් ටේ... "
නම්ජූන් කාර් එක නවත්තනවත් එක්කම... ටේ බැහැලා ගිහින් ලොකු රතු රෝස මල් පොකුරක් එක්ක සුදු රෝසමල් පොකුරකුත් ගත්තා....
" නම්ජූන් හ්‍යුන්ග් "
" ටේ... "
" ජින් හ්‍යුන්ග් කැමති ලැවෙන්ඩර් වලට... "
" මම දන්නවා.. ඕල් රෙඩි ඉට්ස් හිය "
නම්ජූන් තමන්ගේ පිටිපස්සේ හන්ගගෙන හිටපු ලැවෙන්ඩර් මල් පොකුර පෙන්නන ගමන් හිනා උනා ..
" හැමදාම සතුටින් ඉන්න හ්‍යුන්ග් "
" ඔයත් සතුටින් ඉන්න ඕනේ ටේටේ... ඔයාගේ කූ වෙනුවෙන්"
ටේ එයාගේ දිග ඇස් හීනි කරලා.. එයාගේ ලස්සන බොක්සි හිනාවෙන්ම ගිහින් කාර් එකේ වාඩි උනා... විනාඩි කිහිපයකින් සෙමෙට්‍රි එක ලගට එන්න එයාලට පුලුවන් උනා.....
" ටේ... අපි ආවා.. "
" ම්ම්ම් හ්‍යුන්ග් ... හරි "
ටේ හිටියේ ටිකක් කලබලෙන්.... එදායින් පස්සේ මේ ටේ කුකීව බලන්න යනවමයි... ටේට ඒ ගැන ලොකුම ලොකු දුකක් තිබුනා.... ටේ පොරොන්දු උනා මුලු ජීවිතෙන්ම කුකී වෙනුවෙන් කැප වෙන්න... ඒත් මේ මාස අට පුරාවටම කුකී හිටියේ තනියම... ටේට කුකී ලගට එන්න අවස්තාවක් හම්බවුනේ නෑ...
YOU ARE READING
𝗧𝗵𝗲 𝗟𝗮𝘀𝘁 𝗧𝗵𝗿𝗲𝗲 𝗗𝗮𝘆𝘀 / 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 || Completed
Fanfictionප්‍රේමය මිය ගිය පසුවත් මතක හුස්ම ඇදීම සාධාරණ ද ? ( don't copy ) _Taekook fanfictione / shortstory By __Vimneth 🌼 Covered by - lchi_jk