Chapter 3

3.7K 636 97
                                    

"මං අහන්නෙ කවුද මේක ඇන්ඳෙ?" ඒත් හැමෝම නිශ්ශබ්දයි. කිසිම කෙනෙක් ඒ කෙනාව පාවලා දෙන්න සූදානම් නැති පාටයි.

"මං හිතනවා ඇඳපු කෙනා ඔච්චරටම නිර්භීතයි නම් වැරැද්ද භාරගන්න තරම් කොන්දකුත් ඇති කියලා.." ජන්ග්කුක් ටේහ්‍යුන්ග් දිහා බලලා කියද්දි ටේහ්‍යුන්ග් කකුල් බිමට දාලා පුටුව සද්දෙන් පිටිපස්සට කරලා නැගිටලා ජන්ග්කුක් දිහා එක කෙලින් බැලුවා. වයසින් පොඩි උනාට ඒ ඇස් නම් හරිම තියුණුයි.

"මං ඒක ඇන්ඳෙ."

"ඇයි ඒ??"

"මට ඕනෙ නිසා.." ටේහ්‍යුන්ග් නොසැලකිලිමත් ලෙස කියද්දි ජන්ග්කුක් දිග හුස්මක් උඩට ගත්තා.

"ඔයාට ඕනෙ ඕනෙ දේවල් කරන්න බෑනෙ ටේහ්‍යුන්ග්.. මේක ඉස්කෝලයක්. මිස් ජෙසී ඔයාගෙ ගුරුවරයෙක්." ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන්ග් ඇස් රෝල් කරා.

"එතකොට ඔයාලා ඇයි හිනාවුණේ?? මිස් ජෙසී හොඳටම දුකින් හිටියෙ. ඒක අමතක කරන්නකෝ... මිස් ජෙසී කිව්වා එයාට හම්බවුණු නරකම පන්තිය මේක කියලා. ඕක මට ගොඩක් දෙනෙක් දැන් කියලා තියෙයි. මට දුකයි මගෙ පන්තිය ගැන එහෙම කතා කරද්දි. අනික මට ලැජ්ජයි මගෙ දරුවො නරකයි කියලා කියද්දි.. ඒ නිසා මං ගැන හිතලවත් හොඳ දරුවො වගේ හැසිරෙනවද?" ජන්ග්කුක් ආදරණීය විදිහට ඉල්ලද්දි කට්ටියම ඔලුව වැනුවා.

"අපිට සමාවෙන්න සර්.." පන්ති නායකයා උනු සූබින් නැගිටලා කියද්දි කට්ටියම ඔලුව වැනුවෙ එයා කියපු දේට එකඟවෙමින්.

"හොඳයි.. අදින් පස්සෙ ඔයාලා හොඳ ළමයි උනොත් මං ඔයාලට සමාව දෙනවා."

ඒත් එක්කම සීනුව නාද උනේ ඒ පීරියඩ් එක ඉවරයි කියලා අඟවමින්.

"දැන් මොනාද තියෙන්නෙ ඔයාලට??"

"PT සර්."

"ම්ම් කට්ටියම යන්න එහෙනම් ඒකට.. ටේහ්‍යුන්ග් පොඩ්ඩක් ඉන්න. මට ඔයාට කතා කරන්න ඕනෙ."  ජන්ග්කුක් කියද්දි කට්ටියම නැගිටලා ground එකට ගියා. ළමයි එළියට යනකම් ඉඳලා ජන්ග්කුක් ඇවිත් ටේහ්‍යුන්ග් ඉස්සරහින් ඉඳගත්තා.

"ඔයා ඇයි මෙහෙම හැසිරෙන්නෙ? ක්ලාස් කට් කරනවා.. එක්කො ක්ලාස් එකට ඇවිත් නිදාගන්නවා. ඔහොම ගිහින් ඔයා කොහොමද graduate වෙන්නෙ වත්?"

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now