Chapter 5

4K 637 159
                                    

"ආයිශ් ටේහ්‍යුන්ග්... මොකද්ද ළමයො මේකෙ තේරුම??" ජන්ග්කුක් නළලෙ පැත්තක් මිරිකගන්න ගමන් ඇහුවෙ එපාවුණු ස්වරයකින්.

"මං ඔයාගෙ ළමයෙක් නෙවෙයිනේ.. මට නමින් කතාකරන්න.." ටේහ්‍යුන්ග් ජන්ග්කුක් කියපු කිසි දෙයක් ගණන් නොගෙන එහෙම කියද්දි ජන්ග්කුක්ට හිතුනෙම ටේහ්‍යුන්ග්ගෙ කන පැලෙන්න දෙකක් දෙන්න. ඒත් එයා එයාව පාලනය කරගත්තා.

"ළමයෙක් නෙවෙයි තමුන් පහේ පන්තියෙ පොඩි එකෙක්ට වඩා අන්තයි. ඇයි තමුන්ට බැරි වැඩිහිටියෙක් වගේ හැසිරෙන්න? දැන් අවුරුදු දහ අටත් පැනලා නේද? හිතාගෙන ඉන්නෙ චණ්ඩිකම් කරාම ඔයා ලොක්කෙක් කියලා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි ටේහ්‍යුන්ග්.. මොකද වැඩුණු මනුස්සයෙක් දන්නවා ඉවසන්න.. තමන්ව පාලනය කරගන්න. මේ මාසෙට ඔයා ගහපු දහවෙනි ළමයා මේ... අනිත් ළමයි ඉන්නෙ ඔයාගෙන් ගුටි කන්නද? මොකද්ද මේකෙ තේරුම ටේහ්‍යුන්ග්?? " ජන්ග්කුක් කේන්තියෙන් අහද්දි ටේහ්‍යුන්ග් ගානක්වත් නැතුව එයාගෙ ෆෝන් එකට සම්පූර්ණ අවධානය දෙනවා දකිද්දි මලපැනපු ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ ෆෝන් එක උදුරලා අරන් පොලොවෙ ගැහුවා. ෆෝන් එකේ display එක ඉරිතලලා යද්දි තමයි ජන්ග්කුක් හරි සිහියට ආවෙ. එයා කරපු දේ දැක්කම ජන්ග්කුක්ගෙ ඇස් ලොකුවෙලා ගියා.

"ම..මං... " ජන්ග්කුක්ට බයටම ගොත ගැහෙද්දි එයා ඔලුව උස්සලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ඒ ඇස් රතුවෙලා.. ටේහ්‍යුන්ග් ඉන්න තාලෙන්ම තේරුණා එයා ඉන්නෙ දත්මිටි කාගෙන තරහ පුළුවන් උපරිමයෙන් පාලනය කරගන්න උත්සාහ කරන ගමන් කියලා. ජන්ග්කුක් බයටම තොල් තෙමාගත්තෙ ටේහ්‍යුන්ග් ඉන්න විදියට එයාට උනත් ගහන්න බැරි නෑ කියලා හිතෙද්දි. මේ වෙනකම් ටේහ්‍යුන්ග්ට ජන්ග්කුක් වගේ කිසිම ගුරුවරයෙක් කෑගහලා නෑ. ඒකට හේතුව තමයි ටේහ්‍යුන්ග්ගෙ අප්පා... ඒත් අනිත් ගුරුවරු වගේ ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ට බය උනේ නෑ.
හැබැයි අද ජන්ග්කුක් එයාගෙ ලිමිට් එක පැන්නා. ඒකට හේතුව උනෙත් ටේහ්‍යුන්ග්මයි. ගතවුණු මාසෙ ඇතුලත ටේහ්‍යුන්ග් හැමදාම වගේ ළමයෙක් එක්ක මොකක් හරි වලියක් දාගත්තා. එහෙම බැරි උනොත් ගුරුවරයෙක්ව හරි මොකක් හරි කරලා තරහ ගැස්සුවා. ඒ නිසා ජන්ග්කුක් ඒ මාසෙම ටේහ්‍යුන්ග්ට හවස detention ඉන්න අණ කරත් ටේහ්‍යුන්ග්ගෙ දාමරික වැඩ නම් අඩුවුණේ නෑ. හැබැයි පිටට කොටියෙක් වගේ උනු ටේහ්‍යුන්ග් ජන්ග්කුක් එක්ක detention ඉද්දි නම් හැසිරුණේ හරිම අහිංසක පූස් පැටියෙක් වගේ.
ඔව්... ඒ හැමදාම වගේ ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ව අපහසුතාවයට පත්වෙන මොනවහරි දෙයක් කියලා ඒ කම්මුල් රතුවෙන හැටි බලාගෙන හිටියා තමයි.. හැබැයි ඒ ඇරුනම එයා detention වෙලාවට ජන්ග්කුක්ට කීකරු වුණා. ඒ විතරක් නෙවෙයි.. මඟ ඇරුණු පාඩම් වලින් සෑහෙන ප්‍රමාණයක් එයා ඒ කාලෙ ඇතුලත ඉවර කරා. ඒ වගේම ටේහ්‍යුන්ග් කෙල්ලොත් එක්ක රවුම් ගහන එකත් සම්පූර්ණයෙන්ම නැවතිලා තිබ්බා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ටේහ්‍යුන්ග් ඒ වෙද්දි එයාගෙ සම්පූර්ණ අවධානය දීලා තිබ්බෙ ජන්ග්කුක්ට.

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now