Chapter 01

1.2K 155 53
                                    

මෙම කතාංගයේ ප්‍රබල භාෂාව, ප්‍රචණ්ඩත්වය සහ අපයෝජනය අඩංගු වේ.

___________________________________

නිවසේ ඇතිවුණු ගින්නකින් මරීනාගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වුණේ මරීනාව අනාථයෙක් කරමින්. සල්ලිකාර පවුලක හැදී වැඩුණත් ඔක්කොම දේවල් නැති වුණාට පසු කිසිම නෑදෑයෙක් අසරණ මරීනාව හදා ගන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා මරීනාව ළමා නිවාසයකට බාර වුණා.

ඉතින් මේ ඒ දවස.

මරීනාව ළමා නිවාසයට අරන් යන දවස!

මරීනා කාරයෙන් බැහැලා ළමා නිවාසයේ දොරකඩ ලග හිට ගත්තේ තමන්ගේ සූට්කේස් බෑගය අත් දෙකින්ම අල්ලාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මරීනා කාරයෙන් බැහැලා ළමා නිවාසයේ දොරකඩ ලග හිට ගත්තේ තමන්ගේ සූට්කේස් බෑගය අත් දෙකින්ම අල්ලාගෙන. කොණ්ඩෙ කරල් දෙකකට ගොතලා දණහිස තෙක් තියෙන කලුවන් නිල් පැහැති ගවුමකින් ඇය සැරසී හිටියා.

ළමා නිවාසයේ දොර විවෘත කලේ මැදිවියේ ගැහැණියක්. ඇගේ නපුරු බව මුහුණේද ලියවිලා තිබ්බා.

"මරීනා ෆ්රොස්කොට් ?"
ඇය ඇස් ලොකු කරමින් මරීනා දෙස ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලීය. මරීනා ඒ තමන් බව හිස සොලවා අනුමත කලා.

"එන්න ඇතුලට"
ඇය දොර තව විවර කර මරීනාට ඇතුලට යන්න ඉඩ ලබා දුන්නා. මරීනා ඇතුලට ආ පසු දොර වැසූ ඇය අතින් මරීනාට සංඥා කලේ තමන් පිටුපසින් එන ලෙසයි.
මරීනා මැදිවියේ කාන්තාවගේ පිටුපසින් ගමන් කරන්නට ගත්තා.

"මම තමයි මේ අනාථ නිවාසේ ප්‍රධාන පාලිකාව. නම මේරිවුඩ් ග්රැහැම්. මගේ සම්පූර්ණ නමින් කතා කරන්න ඔයාලට අවසර නෑ. මේකේ ඉන්නේ නම් මට කතා කරන්න ඕනි තමා මේරිවුඩ් පාලිකාව"
මැදිවියේ කාන්තාව වන මේරිවුඩ් පාලිකාව සැර හඩකින් මරීනාට කිව්වා;
කිව්වා නොවේ අණ කලා.

Door To Hell [COMPLETED]Where stories live. Discover now